Share කරන්න

ඉස්ලාම් ආගමට අනුව මෙලොව ජීවිතය යනු විබාගයකි . ඉතාමත් කෙටි ජීවිතයකි. පරළොව ජීවිතය සමඟ සැසඳූ කළ මෙළොව ජීවිතය යනු උපරිමය වරුවක කාල ජීවිතයකි. 

විශ්වාස කළවුනි! නුඹලාට කුමක් වීද? “අල්ලාහ් ගේ මාර්ගයේ පිටව යවූ ” යැයි නුඹලාට පවසනු ලැබූ විට නුඹලා මිහිතලයට (ඇලී) බර වන්නෙහුය. මතු ලොවට වඩා මෙලොව ජීවිතය මගින් නුඹලා තෘප්තියට පත් වන්නෙහුද ? මෙලොව ජීවිතයේ වින්දනය මතු ලොවේහි වින්දනය සමඟ සසඳා බලන්නේ නම් ස්වල්පයක් මිස නැත. (අල් කුරාණය 9:38)

ලෞකික ජීවිතය කෙළිදෙළක් හා පුහු විනෝදයක් මිස නැත. ( අල් කුරාණය 6:32)

මෙලොව ජීවත් වන සියලු මනුස්සයන් අල්ලාහ් දෙවියන් නොයෙකුත් ආකාරයෙන් පරීක්ෂා කරනු ලැබේ. එම පරීක්ෂාව සතුට සහ දුක යන ස්වරූප දෙකම තුලින් අපව පරීක්ෂා කරනු ලැබේ. ඒ සෑම අවස්ථාවකදීම තමන් ධර්මානුකුලව ජීවත්වනවාද නැතහොත් පාපකාරී දේවල් කරා යොමු වෙනවාද යන්න පරීක්ෂණයක් මෙළොව ජීවිතය තුළින් සිදුවේ. පරීක්‍ෂණයෙන් ජයගන්නා එනම් ධර්මානුකූලව ජීවත් වන්නාට මරණින් පසු ස්වර්ගය හිමි වන අතර පාපකාරීව ජීවත් වන්නාට මරණින් පසු අපාය හිමි වේ. මරණින් පසු ජීවිතයට අවසානයක් නොමැත. එනම් මරණයක් නොමැත. සදාකල් ජීවත් වෙති.

අනිවාර්යෙන් අපි ඔබව බිය තුළින් , සාගින්න තුළින් , දේපළ හානි හෝ ජීවිත අහිමි වීම හෝ ඔබේ වෑයමෙන් ලබා ගන්නා අස්වැන්නේ අලාබය ඇතිකිරීම තුලින් පරීක්ෂාවට ලක් කරන්නෙමු. (නබිවරයාණෙනි ) මෙවන් අවස්ථාවලදී ඉවසිලිමත් වන අයට ඔබ සුභ ආරංචි පවසන්න (අල් කුරාණය 1:155)

“සෑම ආත්මයක්ම මරණය භුක්ති විදින්නකි.තවද විභාගයක් වශයෙන් යහපත සහ අයහපත මගින් නුබලාව අපි පිරික්සුමට ලක් කරන්නෙමු.තවද නුඹලා නැවත පැමිණෙන්නේ අප වෙතමය.” ( මුලාශ්‍රය – අල් කුරාණය 21:35)

” ඔහු (අල්ලාහ්) නුඹලාව, නුඹලා අතරින් කවරකු ක්‍රියාවෙන් උතුම් ද යන්න පිරික්සනු පිණිස ඔහු මරණය සහ ජීවිතය නිර්මාණය කළේය. තවද ඔහු අති බලසම්බන්නය, අති ක්ෂමාශිලිය. (අල් කුරාණය 67:2)

උදාහරණයක් වශයෙන් එක් පුද්ගලයෙකු ධනවත් වීම හෝ දුප්පත් වීම යන දෙකම පරීක්ෂවකී. ඔහු ධනවත් වූ අවස්තාවාදී ඔහු සතු මුදල් පාප ක්‍රියාවන් සදහා යොදනවාද එසේත් නැත්නම් එම මුදල් සමාජයේ යහපත සඳහා යොදනවාද යන්න ඔහුට යෙදී ඇති පරීක්ෂවය. එමෙන්ම ඔහු දුප්පත් වූ අවස්තාවක ඔහු අනුන් සතු දේ හොරකම් කර කනවාද, නැතිනම් වෙනත් පාප ක්‍රියාවන් තුලින් මුදල් ඉපයීමට යෙදෙනවාද යන්න ඔහුට යෙදෙන පරීක්ෂණය වේ.

එක් එක් පුද්ගලයා අනුව ලැබෙන සතුට සහ දුක වෙනස්. නමුත් ජීවිතයේ ස්වබාවය පොදුය. ඉස්ලාමයේ අපට මෙම ජීවිතය නැමති විබාගය ඉහලින්ම සමත් වීම සඳහා නීති සහ අනුසාසණා බොහොමයක් කුරාණයේ ඇත.

සෑම ආත්මයක්ම මරණයට පත් වන්නේය.තවද ඔබලාගේ ක්‍රියාවන්ට අයත් ප්‍රතිලාභ සම්පුර්ණ කරනු ලබන්නේ විනිශ්වය දිනයේය. එම නිසා (එම දිනයේ) කවරෙකු අපාය (ගින්නෙන්) බැහැර කර ස්වර්ගයට ඇතුල් කරනු ලබයි ද ඔහු ස්ථීර වශයෙන්ම ජයග්‍රහණය ලබා ගන්නේය. තවද මෙළොව ජීවිතය රවටන සුළු අල්ප සැපක් මිස අනෙකක් නොවේ. (අල් කුරාණය 4:185)

මෙලොව ජීවිතයේ ජනයන් කරන පව් පින් අනුව ස්වභාධර්මය හරහා පළ විපාක ලැබෙනු බව අල්ලාහ් දෙවියන් වහන්සේ අල් කුරාණයේ පවසා ඇත. මිනිසුන් කරන පව් වැඩි වන තරමට භුමි කම්පා, වසන්ගතයන්, සුනාමි වැනි නොයෙකුත් ආකාරයෙන් විපාක හිමි වනු ඇත. මේවා තුලින් අල්ලාහ් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වන්නේ මිනිසුන් තුළ තිබෙන මෙම ලෞකික දේවල් කෙරෙහි ඇති ඇල්ම නැති කොට කරන පව් වලින් වැළකී පාපොච්චාරණය තුළින් දෙවියන් වහන්සේ වෙතට නැඹුරු වීමය. මෙය අල්ලාහ් දෙවියන් වහන්සේ මෙලොව ඇත ඉතිහාසයේ විසු පුද්ගලයින්ට සිදු වූ විපාක උදාහරණයට දක්වමින් වර්තමාන වැසියන්ටද අවවාද කිරීමක් අල් කුරාණයේ සිදු කර ඇත.

තවද එම ගම්මාන( වැසි)යන් අපරාධ කළ කල්හි අපි ඔවුන්ව විනාශ කළෙමු. ඔවුන්ගේ විනාශයට නියම( කරන ලද කාල)යක් ද අපි ඇති කළෙමු. (අල් කුරාණය 18:59)

තවද අපරාධ කරමින් සිටි ගම්මානයන් කොපමණක් අපි විනාශ කළෙමු ද? ඉන් පසුව අපි වෙනත් පිරිසක් (එහි) බිහි කළෙමු.( අල් කුරාණය 21:11)

ජීවිතය ජයගන්නේ කෙසේද?

මෙළොව ජීවිතය අල්ප කාලයක් වුවද එහි උපරිම ආශ්වාදය ලබා ගැනීමට අල්ලාහ් දෙවියන් වහන්සේ මෙළොව ඕනෑම පුද්ගලයෙකුට අවසර ලබා දී ඇත. පුජකයෙකු වුවද, කාන්තාවක වුවද, ඕනෑම කෙනෙකුට මෙලොව සම්පත් උපරිම ලෙස භුක්ති විඳීමට අවසර ඇත. නමුත් ආගමික නීතියට පටහැනි නොවන සේ එය සිදු කල යුතුය.

තම ජීවිතයේ කුමන අලාබ හානි සිදු වුවත්, සෑම විටම ඉවසීම , නැමදුම, සහ දානය වැළඳීම තුලින් ජයග්‍රහණය ලැබෙනු ඇතැයි ඉස්ලාම් අවවාද කරයි. මෙලෙස ජීවත් වීමේදී අපට මුහුණ දීමට සිදුවන බාධක බිඳගෙන ජීවිතය ජයගන්නා ආකාරයද ඉස්ලාමය අපට මග පෙන්වා දී ඇත.

යම් පුද්ගලයෙකු ජීවිතය ජය ගත යුත්තේ කෙසේද යන්න කරුණේදී ශුද්ධ වූ අල් කුරාණයේ සහ හදීස් ග්‍රන්ථ තුළින් නිතරම සිහි කරන කරුණු නම්.

  • ඉවසීම
  • දානය වැළදීම හා නැමදුම
  • පාපොච්චාරණය වේ.

තම ජීවිතයේ කුමන බාධක කම් කටොළු පැමිණියද ඉහත කරුණු ඔස්සේ සාර්ථකත්වය ලබා ගත හැකි බව අල්ලාහ් දෙවියන් වහන්සේ හා මුහම්මද් නබි තුමා විටින් විට පෙන්වා දී තිබෙනවා. පොදුවේ යම් පුද්ගලයෙකු 100% ක් ආගමානුකුලව ජීවත් වන්නේ නම් ඔහු මෙළොව සහ පරළොව යන ජීවිත දෙකම පහසුවෙන් ජයගන්නේය. නමුත් තමන් 100%ක් ආගමානුකුලව ජීවත් වුවද මෙම ජීවිතය පරීක්ෂණයක් නිසා ඔහුට ජීවිතයේ නොයෙකුත් දුක්බර , කටුක පරීක්ෂණයන්ට මුහුණ දීමට සිදුවෙනවා. එම අවස්ථාවන්වලදී එම මාර්ගය වඩාත් පහසු කර ගැනීම සඳහා තමන්ට භාවිතා කළ හැකි උපාංගයන් ලෙස ඉහත කරුණු 3 පෙන්වා දෙනවා.

ඉවසිලිවන්තයින්ට අසීමිත ලෙස පින් ප්‍රධානය කරනු ලැබේ (අල් කුරාණය 24:10)

විශ්වාසවන්තයිනි! ඉවසීමෙන්ද සලාතය (නැමදුම) තුලින්ද උදව් පතන්න. නියතවශයෙන්ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟ සිටි. (අල් කුරාණය 1:153)

තවද අද සමාජයේ යහපත් පුද්ගලයින් අතර පොදුවේ දරන කියමනක් නම් ” අප කොතරම් හොඳක් කළද කරදර සිදුවන්නේ අපටමය” යන්නය. යම් යහපත් පුද්ගලයෙකුට ඉවසිය හැකි කරදරයක් සිදු වූ විට පොදුවේ දරන මතයක් තමා මෙම කියමන.

අප මුලින් සඳහන් කළ පරිදි මෙම ජීවිතය යනු විභාගයකි. විභාගයකදී එම විභාග ශාලාවේ සිටින සියලු සිසුන්ට ලැබෙන්නේ එකම ප්‍රශ්න පත්‍රයකි. හොදින් ඉගෙන ගත් සිසුවාට පහසු ප්‍රශ්න පත්‍රයක් ද ඉගෙනීමට මැළි හෝ ඉගෙන නොගත් සිසුවාට සංකීර්ණ ප්‍රශ්න පත්‍රයක් කියා ලැබෙන්නේ නැත. ප්‍රශ්න පතයක් ලෙහෙසිද පහසුද කියා තීරණය වන්නේ තමන් කෙතරම් එම විෂයෙහි පරිණත වන්නේද යන කරුණ මතය. ප්‍රශ්න පත්‍රය අපහසු වුවද එයට බුද්ධිමත්ව පිළිතුරු දෙන්නා විභාගයෙන් ජය ගන්නේය.

එම නිසා මුලින්ම අප මෙම ජීවිතයේ පරමාර්ථය හඳුනා ගත යුතුය. අපට කෙතරම් ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු වුවද තමන් කිසිදාක පාපයන් වලට නැඹුරු නොවී ඒවා ඉවසීමකින් හා බුද්ධිමත්ව යුතුව ක්‍රියා කළ යුතුය. තවද අප කරන පාපයන් වැඩිවන තරමට අපට සිදුවන කරදරයන් ද වැඩි වන බව ඉස්ලාමය අනතුරු හඟවයි.

එම නිසා ඔබේ ජීවිතයේ , ව්‍යාපාරයේ අධික ලෙස ප්‍රශ්න සහ කරදර වලින් යුක්ත නම් එයට එයට ප්‍රතිකර්මයක් වශයෙන් ඉස්ලාමය හඳුවාදෙන්නේ තමන් කළ වැරදි ගැන පසු තැවමින් ඒ සඳහා දෙවියන් ඉදිරියේ පාපොච්චාරණය කරන ලෙසය. එවිට අනිවාර්යෙන් ඔබේ ප්‍රශ්න නිරාකරණය වන බව ඉස්ලාම් අවවාද කරයි.

මෙළොවට අවසානයක් තිබේද ?

“මිහිතලයේ ඇති සෑම දෙයක්ම විනාශ වී යන්නේය” (අල් කුරාණය 55:26)

මෙලොවට අවසානක් ඇත. මෙලොව එකල සිට මෙකල දක්වා වෙසුනු බොහෝ ජනයන් හට අසාදාරනකම් , වද හිංසා නොයෙක් ආකාරයෙන් සිදු වීම අපි කව්රුත් දකින දෙයක්. ඒ සිදුවන සියලු පාපයන්ට මෙලොවදී සාදාරණ නිශ්චයක් සිදු නොවන අවස්ථා එමටය. ඒ සිදුවන සියලු දේවන් වලට සාධාරණයක් කර දීම සහ මෙලොව පින් කළ යට ඒ කළ පින් වලට කළ ගුණ සැලකීමක් වශයෙන් මෙම ලෝක අවසාන නිමිත්තක් සහ එයින් පසු ස්වර්ගස්ථ ජීවිතයක් සහ අපාය ජීවිතයක් අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කල ඇත. මෙළොව ඇති සියළුම දේවල් එක් දිනක විනාශ වී යයි. මිනිසා සියලු ජීවින් ද මරුමුවට පත් වේ. පසුව පෘතුවිය පැතලි පිට්ටනියක් බවට පත් වනු අතර ඉන් පසු මෙළොව ආරම්භයේ සිට අවසානය දක්වා විසු සියලු පුද්ගලයින් එදින අල්ලාහ් විසින් යළි නැගිටුවයි. පසුව ඔවුන් මිහිතලයේ ජීවත් වූ ආකාරය සම්භන්ධව එකිනෙකාගෙන් වෙන වෙනම ප්‍රශ්න කරනු අතර මිහිතලයේ යහපත් ව ජීවත් වුවන්ට ස්වර්ගය හිමි වන අතර පාප ක්‍රියාවලින් ජීවත් වූවන් නිරා ගින්නට දමනු ලැබේ.

සැබවින්ම ලොව අවසන් හෝරාව පැමිණෙන්නකි. එහි කිසිදු සැකයක් නැත. තවද සැබවින්ම අල්ලාහ් මිනීවළවල්හි සිටින අයව නැගිටුවන්නේය. ( අල් කුරාණය 22:7)

මාගේ වචන කිසිදාක වෙනස් නොවන අතර මා (අල්ලාහ්) කිසිදාක මගේ ජනයින්ට අසාධාරණයක් නොකරමි. (අල් කුරාණය 33:29)

තවද (ලෝකවාසී ) සෑම කෙනෙකුටම ඔවුන් කළ දැයින් (හිමි වූ ) තරාතිරම් ඇත. තවද ඔවුන් කරන දෑ පිලිබඳව නුඹගේ පරමාධිපති අනවධානියෙකු නොවේ. ( අල් කුරාණය 6:132)

(විනිශ්වය දින ) කවරෙකු යහපතක් ගෙන එන්නේ ද ඔහුට එය මෙන් දහ ගුණයක් ඇත. තවද කවරෙකු අහයපතක් ගෙන එන්නේ ද එවැන්නක් (පමණක්) මිස ප්‍රතිවිපාක වශයෙන් දෙනු නොලැබේ. ( අල් කුරාණය 6:160)

මෙළොව අවසාන දිනයේ මෙළොව සියලු වස්තුන් ශුන්‍යය පිට්ටනියක් සේ සමතලා බිමක් ලෙසට පරිවර්තනය වී යන අතර සියලු සත්වයින්ද මරණයට පත්වන්නේය. පසුව නැවත මෙළොව මුල සිට අග දක්වා විසු සියලු මිනිසුන් නැවත ඉපදී සියලු දෙනා අල්ලාහ් දෙවියන් වහන්සේ ඉදිරියේ එක්රැස් කරනු ලබයි. පසුව එක් එක් පුද්ගලයකුගෙන්ම ගෙන්ම තමන් මෙලොව ජීවිතයේ විසූ ආකාරය පිලිබඳව අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් ප්‍රශ්න කරනු ලබන අතර යහපත් ලෙස ජීවත් වූ පුද්ගලයාට ස්වර්ගය හිමි වන අතර පාප ක්‍රියාවන් වල යෙදු අයට නිරයේ නිරා ගින්නට දමනු ලැබේ. නිරයේ (අපායේ) ගින්නේ ප්‍රබලතාවය මෙලොව ගින්නේ ප්‍රබලතාවයට වඩා 75 ගුණයකින් ප්‍රබල ය. ස්වර්ගස්ථ ජීවිතයට සහ නිරා ගින්නට නිමක් නොමැත. මෙලෙස එක් රැස් කර විනිශ්වය කරන දිනයට ” විනිශ්ව දිනය” “අවසන් දිනය” ” කියාමත් දිනය” යනුවන් හදුන්වනු ලබයි.

තවද “මා මරණයට පත් වූ පසුවත් ( මළවුන් ) ජීවමානව නැවත මා පිට කරනු ලබන්නේ දැ?” යි මිනිසා පවසයි. මීට පෙර කිසිවක්ව නොසිටියදී සැබවින්ම අපි ඔහුව මැවූ බව මිනිසා මෙනෙහි නොකරන්නේ ද? ( අල් කුරාණය 66-67)

සැබවින්ම මළවුන්ට (මතු ලොවෙහි ) ජීවය ලබා දෙන්නේ අපමය. තවද (මරණයට පෙර) ඔවුන් පෙරටු කළ දෑ ද ඔවුන්ගේ (ජීවිතයේ කළ ක්‍රියාවන්හි) පිය සටහන් ද අපි ලියන්නෙමු. සෑම කරුණක්ම පැහැදිලි පුස්තකයක (ආරක්‍ෂිත ඵලකයක ) අපි සටහන් කළෙමු. ( අල් කුරාණය 36:12)

එක් පුද්ගලයෙකු මරණයට පත් වූ විට ඔබ දන්නා පරිදි ඉස්ලාමයේ එම මරණය භුමාධානය කරනු ලැබේ. භුමධානයෙන් පසු එම පුද්ගලයා කල පින් පව් අනුව එම පස තුල ජීවිතයේද ඔහුට සැපවත් හෝ නිරා ජීවිතයක් හමුවේ. මෙලොව අවසාන දිනය වන තුරුම එය තුළ ඔහුගේ ආත්මය තමා කළ කී දේ අනුව බුක්ති විදිනු ඇත.

මෙම කොටස් දෙකම විශ්වාස කිරීම සෑම මුස්ලිම් වරයෙකුගේ වගකීම වන අතර විශ්වාස නොකරන්නා මුස්ලිම් වරයෙකු ලෙස හදුන්වනු නොලැබේ . අල්ලාහ් පහළ කළ දූතයා සහ ශුද්ද වූ ග්‍රන්ථයට අනුව ජීවත් වන පුද්ගලයා ස්වර්ගස්ථ වන අතර එයට එරෙහිව පාප ක්‍රියාවන් වල යෙදෙන්නෝ අපායට දමනු ලැබේ.

නබිවරය, “ලොව අවසාන හෝරාව පැමිණෙනුයේ කවදාද ?” යන්න ජනයින් නුබගෙන් විමසති. එයට නුඹ “එහි දැනුම ඇත්තේ අල්ලාහ්ට  පමණක් ම” යැයි පවසව්. (අල් කුරාණය 33:63)

සැබවින්ම (ලොව අවසන් ) හෝරාව පැමිණෙන්නකි. සෑම ආත්මයක්ම තමන් උත්සහ කරන දෑ අනුව ප්‍රතිඵල දෙනු ලබනු පිණිස එය (අවසන් හෝරාව) මා සඟවා තබා ඇත්තෙමි ( අල් කුරාණය 20:15)

ලෝක අවසන් දිනය පැමිණෙන්නේ කවදාද යන්න මිනිසුන්ට ඥානයක් නොමැති වුවද අවසන් දිනය පැමිණීමට පෙර නිමිති කිහිපයක් අල් – කුරාණයේ සහ හදීස් වල සඳහන් වෙනවා.

ලෝක අවසානයේ පෙර නිමිති,

ලෝක අවසාන පැමිණීමට පෙර සිදුවන්නාවූ පෙර නිමිති කිහිපයක් කුඩා පෙර නිමිති සහ මහා පෙර නිමිති වශයෙන් කොටස් දෙකකට ඉස්ලාමීය විද්වතුන් විසින් බෙදා වෙන් කර හදුන්වනවා.

මෙයින් සුළු (කුඩා) පෙර නිමිති කිහිපයක් බලමු 

  • කාලය සීග්‍ර ලෙස ගෙවී යාම 
  • කෲර පාලකයන් (තනතුරට නොසුදුසු ) පාලකයින් වැඩි ලෙස පත් වීම.
  • අහස උසට ගොඩනැගිලි ඉදිවීම සහ ඒ සඳහා තරගකාරිත්වයක් ඇති වීම.
  • භුමි කම්පා අධික වීම.
  • දරුවන් විසින් දෙමව්පියන් පාළනය වීම. සහ දරුවන් තම දෙමව්පියන්ට වඩා මිතුරන්ට සවන්දීම 
  • වංචාව,බොරුව අධික වීම.
  • භුමියේ අපරාධ අධික වීම 
  • දුරාචාරය සාමන්‍යය දෙයක් ලෙස පත්වීම.
  • සම ලිංගික සංසර්ගය ඇතිවීම සහ වැඩිවීම
  • සංගීතය මෙලොව බහුල වීම.
  • ​ගැලීලියෝ මුහුද සිදී යාම
  • පොළිය භාවිතය අධික වීම
  • විශ්වාසවන්ත්යාව බොරුකාරයෙක් බව පිළිගැනීම සහ බොරු කාරයා විශ්වාසවන්තයෙකු බව පිළිගැනීම
  • කාන්තාවන් ඇඳුම් පැළඳ සිටියද පැළඳ නොසිටියාක් මෙන් සිටි. (අඩ නිරුවතින් සිටී)
  • කුරුස යුද්ධය ඇති වීම 

මහා පෙර නිමිති 10 කි.

  • දජ්ජාල් නම් (කුරිරු)සත්වයාගේ පැමිණීම 
  • ජේසු නබි තුමා ගේ යළි පැමිණීම 
  • හිරු බටහිරින් නැගීම (පැයීම )
  • යජුජ් මජුජ් නම් කුරිරු මිනිස් වර්ගයාගේ පැමිණීම 
  • දුහාන් නම් වූ සිහින් දුමාරයක් ලොව වටා පැතිරීම
  • මුළු පෘතුවියම කම්පනය වන සේ අති විශාලම ප්‍රබල භූ කම්පන 3 ක් ලොව තුන් පොළකින් ඇතිවීම. 
  • අද්-දාබ්බාහ් නම් බිහිසුණු සත්වයාගේ පැමිණීම 
  • යෙමනයේ අති විශාල ගින්නක් ඇතිවීම.

ඔබගේ අදහස් පහතින් comment කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

100% LikesVS
0% Dislikes

Share කරන්න