පියෙකුට, තම දරුවාට හොඳ හැදියාවක් ලබා දීමට වඩා වෙනත් උතුම් ත්‍යාගයක් ලබා දිය නොහැක.


දන් දීමෙන් කරදර වළක්වාලයි.


ඔබගේ ස්වර්ගය ඔබේ මවගේ පාමුල ඇත.


අධ්‍යාපනය ලබා ගැනීම සෑම මුස්ලිම් කෙනෙකුටම අනිවාර්ය වේ.


ඥාති සම්බන්දකම් කඩ කරන්නාට ස්වර්ගයට පිවිසිය නොහැක


දෙන අත ලබන අතට වඩා උතුම් ය.


බාලයින්ට ආදරය නොදක්වන්නාත් , වැඩිමහල් අයට ගෞරවය නොකරන්නාත්, අපගේ සමාජයට අයත් නොවේ.


සිය බිරිඳ සමඟ සමීපව සිටින්නා , ඔබලා අතරින් ශ්‍රේෂ්ඨ වන්නේය.


“නුඹලා නිහතමානී කම රැකගන්න. කෙනෙකුට කෙනෙක් උඩඟුකම නොපෙන්වන්න. කෙනෙකුට කෙනෙක් අසාධාරණය නොකරන්න.” කියා අල්ලාහ් මට වහී පහළ කර ඇත.


නුඹලාගෙන් කෙනෙකුගේ අහාරයෙන් බිඳක් බිම වැටුණහොත් එය අහුලා දූවිලි පිස දමා කන්න.එය ශෙයිතාන්ට (නපුරාට) කන්න නොදෙන්න. ඇඟිලි සූප්පු කරන තෙක් පිස්නයෙන් අත පිස නොදමන්න. මන්ද ඔහුගේ ආහාරයේ අභිවුර්ද්ධිය ඇත්තේ කොතැන දැයි ඔහු නොදනියි. සමහර විට ඇඟිල්ලේ ඇති ආහාර වල අභිවුර්ද්ධිය තිබිය හැක.


කේළාම් කියන්නා ස්වර්ගයට නොපිවිසෙයි (සහීහ් අල් -බුහාරි 6056)


නබි තුමාණන් (PBUH ) පවසූහ: ඔබලාගෙන් කෙනෙකුට කෑමකට ආරාධනාවක් ලැබුණහොත් ඔහු එය පිළිගත යුතුය. ඔහු උපවාසයේ යෙදී සිටියහොත් ආරාධනා කළ අයට ප්‍රාර්ථනා කළ යුතුය. ඔහු උපවාසයේ යෙදී නැත්නම් ආහාර ගත යුතුය.

(ග්‍රන්ථය – මුස්ලිම්)


අබුදර් (රලි ) අන්හු තුමා දන්වයි. මුහම්මද් නබි තුමා මා දෙස බලා ” අබුදර් ! ඔබ ව්‍යංජනයක් පිසූ විට එහි හොද්ද වැඩි කර ඔබගේ අසල්වැසියන්ටද සලකා ගන්න ” යැයි පැවසුහ

( හදීස් ග්‍රන්ථය – මුස්ලිම්)


මුහම්මද් නබි තුමා (PBUH ) පැවසු බව අබු හුරෛරා (රලි ) අන්හු තුමා දන්වයි. කවරෙකු අල්ලාහ්වද කියාමත් දිනයද විශ්වාස කරන්නේද , ඔහු තම අසල්වැසියාව හිරිහැරයට පත් නොකරන්න.තම ආගන්තුකයාට සංග්‍රහ කරන්න.හොඳ දේ කතා කරන්න.නැතහොත් නිහඬව සිටින්න.

(හදීස් ග්‍රන්ථය – බුහාරි, මුස්ලිම්)


සහ්ල් ඉබ්නු සෞද් (රලි ) අන්හු තුමා දන්වයි. “මමද අනාථයින්ට සලකන අයද ස්වර්ගයේ මෙලෙස සිටිමු” යැයි මුහම්මද් නබි තුමාණන් (PBUH) තම දබර ඇගිල්ල සහ මැදගිල්ල ඔසවා මදක් ඈත්කර පෙන්වමින් පැවසුහ.

(හදීස් ග්‍රන්ථය – බුහාරි)


මුහම්මද් නබි තුමාණන් (PBUH ) පැවසු බව අනස් (රලි) අන්හු තුමා දන්වයි. මහලු මිනිසෙකුගේ වයස සලකා , ඔහුට ගෞරව කරන තරුණයෙක් තමා මහලු වයසට පත් වූ විට ගෞරව කිරීමට අල්ලාහ් කෙනෙකුව පත් කරන්නේය.

(හදීස් ග්‍රන්ථය – තිර්මිදී )


අබු හුරෛරා (රලි ) අන්හු තුමා දන්වයි. “ජනයින්ව අධිකව ස්වර්ගයට ඇතුළු කරන්නේ කුමක්ද? යනුවෙන් මුහම්මද් නබි තුමාගෙන් (PBUH ) විමසුවෙමු. එයටඑතුමාණෝ “භය භක්තිය සහ හොඳ ගතිගුණ ” යැයි පැවසුහ. ඉන්පසු “ජනයින් අධික ලෙස අපායට පිවිසෙන්නේ කුමක් නිසා දැයි ” ඇසු විට “කට හා රහසඟ” යැයි පිළිතුරු දුන්නේය.

(හදීස් ග්‍රන්ථය – තිර්මිදී )