• මොකක්ද මේ කුරාණය සහ හදීස් කියන්නේ?

    මොකක්ද මේ කුරාණය සහ හදීස් කියන්නේ?

    ඉස්ලාමයේ ප්‍රදාන මුලාශ්‍ර 2ක් තමා මේ අල් කුරාණය සහ හදීස් කියන්නේ. නබි තුමන්ගේ අභාවයෙන් පසු ලෝක අවසානය දක්වා ඉස්ලාමයේ ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරැ සෙවීමට පදනම් කරගන්නේ මෙම අල් කුරානය සහ හදීස් පදනම් කොටගෙනය.


    වැඩි විස්තර >

විශ්වාස කළවුනි, එක් පිරිසක් තවත් පිරිසකට උපහාස නොකරවූ. (උපහාසයට ලක්වූ)ඔව්න් (උපහාස කළ ) මොවුන්ට වඩා යහපත් විය හැකිය. තවද කාන්තාවන් අන් කාන්තාවන්ට උපහාස නොකරව්.(උපහාසට ලක් වූ ) ඔව්න් (උපහාස කළ ) මොවුන්ට වඩා යහපත් විය හැක. තවද නුඹලා අතරම අඩුපාඩු නොසොයව්.තවද නුඹලා එකිනෙකාට (පිළිකුල් සහගත ) විකට නමින් නොඅමතව්.විශ්වාස කළායින් පසුව පාපතර නාමයෙන් ඇමතීම නින්දා සහගතය. තවද කවරෙකු හෝ පශ්චාප්තාප නොකළේ ද ඔවුන්මය අපරාධකරුවෝ වන්නේය. ( අල් කුරාණය 49:11)


“නුඹට කවර දෙයක් පිළිබඳව දැනුම නොමැත්තේ ද එවන් දෑ පිළිබඳව කථා නොකරවු. සැබැවින්ම සවන, දෘෂ්ටිය හා හදවත යන මේවා සියල්ල ඒ ගැන ප‍්‍රශ්න කරනු ලබන දෑ වන්නේය.” (අල් කුරාණය 17:36)


සොරකම කළ පිරිමියෙකු හා සොරකම කළ ස්ත්‍රීයක, ඔව්න් දෙදෙනා ඉපැයූ දෑට ප්‍රතිවිපාක වශයෙන් ද අල්ලහ්ගෙන් වූ (අවවාදාත්මක) පාඩමක් වශයෙන් ද දෙදෙනාගේ දෑත් නුඹලා කපා දමව්. (අල් කුරාණය 5:38)


“දිළිඳුකමට බිය වී නුඹලාගේ දරුවන් නුඹලා ඝාතනය නොකරවු. ඔවුන්ට ද නුඹලාට ද ජීවන සම්පත් ලබා දෙනුයේ අපමය. සැබැවින්ම ඔවුන්ව ඝාතනය කිරීම මහා වරදක් වන්නේය.” (අල් කුරාණය 17:33)


විශ්වාස කළවුනි, බොහෝ ඍණාත්මක සිතුවිලි වලින් වැළකී සිටිව්. සැබවින්ම ඇතැම් සිතුවිලි පාපීය. තවද අන් අයගේ වැරදි රහසින් විපරම් නොකරව්. තවද නුඹලාගෙන් සමහරු තවත් සමහරුන් ගැන කේලාම් නොකියව්. නුඹලාගෙන් කෙනෙක් මියගිය තම සහෝදරයාගේ මස් කෑමට කැමති වන්නේද ? එවිට නුඹලා එය පිළිකුල් කරන්නේහුමය. ( අල් කුරාණය 49:12)


නුඹලා අතර අසාධාරණ අන්දමින් නුඹලා එකිනෙකාගේ වස්තුන් අනුභව නොකරව්. තවද ඒවා නුඹලා (තහනම් බව) දනුවත්ම ජනයාගේ වස්තුන් වලින් කොටසක් පාපකාරී අයුරින් අනුභව කිරීම පිණිස බලධාරීන් වෙතට අල්ලස් වශයෙන් නොයවව්. (අල් – කුරාණය 2:188)


විශ්වාස කළවුනි,සැබවින්ම සුරාව ද , සූදුව ද (බිලිපුජා කරන) පිළිමයන් ද (පංගු තීන්දු කිරීම සඳහා භාවිතා කරන) ඊතල ද ෂෙයිතාන්ගේ (නපුරාගේ) ක්‍රියාවෙන් වූ අපිරිසිදු  දේ මය. එබැවින් නුඹලා එයින් වැලකෙව්  . ( අල් කුරාණය 5:90)


ඔබේ නොවන කිසිම ගෙදරකට අවසරයක් නොමැතිව ඇතුළු නොවන්න. අවසරය ලැබූනේ නම් පමණක් සලාම් කියා ගේ වැසියන්ට ආමන්ත්‍රණය කොට ඇතුළු වන්න . (අල් කුරාණය 26:27)


“බූදලය බෙදන කල්හි (උරුමකම් නොලබන) ඥාතීන් ද අනාථයින් ද දිළින්දන් ද පිවිසියේ නම් එයින් ඔව්නට ස්වල්පයක් හෝ ලබා දෙව්.තවද යහ වදනින් ඔව්න් සමග කතා කරව්.”     (අල් කුරාණය 4:8)

“නුඹලාගේ බාරකරත්වයේ සිටින අනාතයින්ට (ඔව්න් වැඩිවියට පත් වූ විට) ඔවුන්ගේ දේපළ නුඹලා ලබා දෙව්. ඔව්න්ගේ පිරිසිදු දැය වෙනුවට ඔබගේ අපිරිසිදු දැය හුවමාරු නොකරව්. ඔවුන්ගේ දේපළ නුබලාගේ වස්තුන් සමග මිශ්‍ර කොට භුක්ති නොවිදව්.සැබවින්ම එය මහත් පාපයකි.”   (අල් කුරාණය 4:2)


විශ්වාස කළවුනි, අල්ලාහ් සහ පරමාන්ත දිනය විශ්වාස නොකරමින් (තමන් දානපතියා යැයි සෙසු ) ජනයාට ප්‍රදර්ශනය කිරීම පිණිස තම ධනය වියදම් කරන්නෙකු මෙන් කියාපැමෙන් හා රිදවීමෙන් නුඹලාගේ දානයන් නිෂ්ඵල කර නොගනිව්. ඔහුට උපමාව ගල් පර්වතයක උපමාව වැනිය. ඒ මත පස් ඇත. එයට තද වර්ෂාව පතිත වී (පස් ඉවත්වී) මුඩු ගලක් බවට එය අත් හැර දමන්නේය. ඔව්න් උපයා දෙයින් කිසිවක් (කිරීම) කෙරෙහි ඔව්හු හැකියාව නොලබති. (අල් – කුරාණය 2:264)


උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කරයි. “ගිවිසුම සම්පුර්ණයෙන් ඉටු කරන්න. නියතවශයෙන්ම ගිවිසුම අල්ලාහ් ඉදිරියේ විමසුමට ලක් වන්නකි ” (අල් කුරාණය 17:34)


උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කරයි. “නුඹලා නීතිගරුක වන්න. නියතවශයෙන්ම අල්ලාහ් නීතියට ගරුකරන අයට ආදරය කරයි” (අල් කුරාණය 49:9)


යම් පැතුමකින් නුඹලා සුබ පතනු ලබන්නෙහු නම් එවිට නුඹලා ඊට වඩා අලංකාර දෙයකින් සුබ පතවු.නැතහොත් එම පදයම ප්‍රතිචාර ලෙස දක්වවූ. (අල් කුරාණය 4;86)


විශ්වාස කළවුනි නුඹලා අතර නුඹලාගේ වස්තුන් වැරදි අයුරින් භුක්ති නොවිදිවූ. නුඹලා අතර එකඟතාවකින් වූ වෙළඳාමකින් ලැබුවා වූ වස්තූන් වශයෙන් ඒවා වීම හැර , නුඹලා නුඹලාවම ඝාතනය නොකරවූ. සැබවින්ම අල්ලාහ් නුඹලා කෙරෙහි පරම කරුණාවන්ත වන්නේය. (අල් කුරාණය 4:29)


සැබවින්ම කවරෙකු අයුක්ති සහගතව අනාථයින්ගේ වස්තුව භුක්ති විඳින්නේද ඔව්හු තම කුසෙහි අනුභව කරනුයේ ගින්දරය. තවද ඔව්හු දලුලා ඇවිළෙන ගින්නෙහි පිවිස දැවෙති.(අල් කුරාණය 4:10)


විශ්වාස කළවුනි, නුඹලා ඉවසීම හා සලාතය (නැමදුම) මගින් උදව් පතවූ. සැබවින්ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමගය.(අල් කුරාණය 2:153)


නුඹලා දැනුවත්ව සිටියදී අසත්‍යය සමඟ සත්‍යය නොපටලවවූ.තවද නුඹලා සත්‍යය නොසඟවවූ.(අල් කුරාණය 2:42)


අල්ලාහ් කෙරෙහි භිය භක්තිය ඇත්තවුන් කෙසේද යත්, ඔව්න් කෝපය ඇති වූ විට පාලනය කරගන්නන්වද මිනිසුන්ගේ වැරදි සමා කරන්නන් ලෙසද සිටිති. අල්ලාහ් මෙලෙස පින් කරන්නන්ව ස්නේහය කරයි (අල් කුරාණය – ආල ඉම්රාන් :134)


ණය ගත් කෙනෙකු දුෂ්කරතාවෙන් පසු වන්නේ නම් , එවිට ආපසු ගෙවීමට පහසුව ලබන තුරු කල් ලබා දීමක් ඇත. නුඹලා දැන සිටින්නේ නම් , නුඹලා ඒවා සදකාවන් ( දානයක් ) වශයෙන් අත හැර දැමීම නුඹලාට යහපත් ය. (අල් කුරාණය 2:280)


නබිවරය! විශ්වාසිකයින්ට (බැලීමට තහනම් දැයින් තමන්ගේ බැල්ම පහත හෙළන මෙන් ද තමන්ගේ ලිංගික අවයව පාපයන්ගෙන් ආරක්ෂා කරගන්නා මෙන් ද පවසව්. එය ඔවුනට ඉතාමත් පිවිතුරුය. සැබවින්ම අල්ලාහ් ඔවුන් කරන දෑ පිලිබඳ අභිඥානවන්තය. ( අල් කුරාණය 24:30)


ඉවසීමෙන්ද සලාතයෙහි (නැමදුම) න් ද නුඹලා අල්ලාහ්ගෙන් පිහිට පත්වූ. සැබවින්ම එය සිත (අල්ලාහ්) කෙරෙහි බියෙන් නැඹුරු වූ අයට විනා අන් අයට බැරෑරුම් දෙයකි ( අල් කුරාණය 2:45)


නබිව්රය, ඔවුහු තමන් වියදම් කළ යුත්තේ කුමක් දැ ? යි නුඹගෙන් විමසන්නෝය. “වස්තුන් වලින් නුඹලා වියදම් කරන දෑ එය දෙමව්පියන්ටද ඥාතීන්ට ද අනාථයින්ට ද දිළිඳුන්ට ද මගීන්ට ද විය යුතුය. තවද නුඹලා යම් යහපතක් කරන්නේ නම් සැබවින්ම අල්ලාහ් එය මැනවින්ම දන්නාය.” යැයි පවසවූ.( අල් කුරාණය 2: 215)


අල්ලාහ් කෙරෙහි භිය භක්තිය ඇත්තවුන් කෙසේද යත්, ඔව්න් කෝපය ඇති වූ විට පාලනය කරගන්නන්වද මිනිසුන්ගේ වැරදි සමා කරන්නන් ලෙසද සිටිති. අල්ලාහ් මෙලෙස පින් කරන්නන්ව ස්නේහය කරයි (අල් කුරාණය – ආල ඉම්රාන් :134)


සත්‍යය පවසන පිරිමින්ටද, සත්‍ය පවසන ගැහැණුන්ටද අතිමහත් දායාදයන් පිළියෙළ කොට ඇත. (අල් කුරාණය – සුරා අල් අහ්සාබ්:35)


තවද අල්ලාහ් ව නමදින්න. ඔහුට කිසිවක් සම නොකරන්න. දෙමව්පියන්ට උදව් කරන්න. එලෙසම ඥාතීන්ටද , අනාථයීන්ටද, දුප්පතුන්ටද, ඥාතීන් වන අසල්වසියන්ටද ,අනෙකුත් අසල්වැසියන්ටද නිතරම ඔබ සමඟ සිටින හිත මිතුරන්ටද , මගීන්ටද ඔබගේ දකුණු අත අයිතිකරගත් (වහලුන්ටද) අයටද උපකාර කරන්න. ( අල් කුරාණය – සුරා අන්නිසා:36)