Share කරන්න

ඉස්ලාමයේ ප්‍රධාන මුලාශ්‍ර 2ක් තමා මේ අල් කුරාණය සහ හදීස් කියන්නේ. නබි තුමන්ගේ අභාවයෙන් පසු ලෝක අවසානය දක්වා ඉස්ලාමයේ ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරැ සෙවීමට පදනම් කරගන්නේ මෙම අල් කුරානය සහ හදීස් පදනම් කොටගෙනය.

අල් – කුරාණය යනු?

අල් කුරාණය කියන්නේ අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් මෙලොව මිනිසා යහ මග පෙන්වීම සඳහා එතුමාගේ අවසන් දුතයා නොහොත් “නබි ” වරයා වන මුහම්මද් නබි තුමා වෙත මීට අවරුදු 1400 කට පෙර පහළ කළ ග්‍රන්ථය වේ. අල් කුරාණයේ කතෘ වරයා අල්ලාහ් දෙවියන් වහන්සේ පමණක් වේ. අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් එතුමාගේ සුර දූථයෙකු වන ජිබ්රීල් අලෙඉහිසලාම් හරහා මුහම්මද් නබි තුමා වෙත කලින් කලට කාලීන නීති සහ අනුශාසනා පණිවිඩ ස්වරුපයෙන් ගෙන දෙන ලදී. මෙම පණිවිඩ සියල්ල එක් රැස් කල සාදන ලද ශුද්ද වූ ග්‍රන්ථය තමා අල් කුරාණය කියන්නේ.

“නබිවරය, සත්‍ය ලෙස අපි එම අල් කුරාණය පහළ කළෙමු.තවද සත්‍යයෙන් උතුවම එය පහළ විය. තවද සුභාරංචි පවසන්නෙකු හා අවවාද කරන්නෙකු වශයෙන් මිස අපි නුඹව නොඑව්වෙමු.” (අල් කුරාණය 17:105)

“මිනිසුනට නුඹ ක්‍රමානුකුලව පාරායනය කරනු පිණිස අපි අල් කුරාණය වන එය කොටස් බව‍ට වෙන් කර තවද එය අප පියවරෙන් පියවර පහල කළෙමු” . (අල් කුරාණය 17:106)

මිනිසුනි! නුඹලාගෙ පරමාධිපතිගෙන් වූ උපදේශයක් හා සිත් තුළ ඇති දෑට නිවාරණයක්ද විශ්වසිකයින්ට මග පෙන්වීමක් හා දයාවක් ද (වන අල් කුර්ආණය) නුඹලා වෙත පැමිණ ඇත. ( අල් කුරාණය 10:57)

මෙම අල් කුර්ආණය අල්ලාහ් නොවන (වෙනත්) අය විසින් නිර්මාණය කරනු ලබන්නක් නොවීය. එනමුත් (මෙය) තමන් ඉදිරියෙහි වූ දෑ (එනම් පෙර පහළ වූ සත්‍ය ධර්ම පුස්තක) තහවුරු කරන්නක් හා (අල්ලාහ්ගේ නීති රීතින් ) පැහැදිළි කරන්නකි. එහි කිසිදු සැකයක් නොමැතිව විශ්වයන්ගේ පරමාධිපතිගෙන් (පහළ) වුවකි. නැතහොත් “මොහු (මුහම්මද්) මෙය ගෙතුවේය.” යැයි ඔවුහු පවසන්නෝ ද? නබිවරය “නුඹලා සත්‍යවාදීන්ව සිටියෙහු නම් මෙවැනිම පරිච්චේදයක් ගෙන එවූ. තවද අල්ලාහ් නොවන නුඹලාට හැකි කෙනෙකු නුඹලා (ගේ සහයට) කැඳවවූ” යැයි පවසවු ( අල් කුරාණය 10:37-38)

මුහම්මද් නබි තුමාට මෙලෙස පණිවිඩ ගෙන ඒමට පෙර එකල අරාබියේ තිබුනේ පාප ක්‍රියාවලින් ඉතාමත් පාප ක්‍රියාවන් වලින් උච්චතම වූ සමාජයක්. මෙම වාතාවරණය යහපත් අතට පෙරලීම උදෙසා අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් මුහම්මද් නබි තුමා හරහා කලින් කලට ඔබින ඔවදන් සහ නීති ක්‍රම ක්‍රමයෙන් පහළ කළා. ඒ සියල්ල එක් රැස් කල පුස්තකය තමා අල් -කුරාණය කියන්නේ.

අල් කුරාණය හරහා අල්ලාහ් දෙවියන් වහන්සේ මිනිසාට ඕනෑම ප්‍රදේශයක ඕනෑම කාල වක වකවාණුවක ජීවත් විය හැකි අන්දම ආධ්‍යාත්මික අංශය පමණක් නොව ලෞකික ජීවිතයේ පවා තමන් මුහුණ දෙන්නා වූ සියලු විෂයන් අන්තර්ගත කර ගනිමින් සර්ව ප්‍රකාරයෙන් පරිපුර්ණ ජීවන ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා.

උදාහරණ වශයෙන් කෘෂිකර්මය,සත්ව විද්‍යාව , භූගෝල විද්‍යාව , උද්බිත විද්‍යාව වනාදී විද්‍යාත්මක විෂයන් පමණක් නොව සමාජ විද්‍යාව , සෞක්‍යය , ආර්ථිකය, මිනිස් ප්‍රවේණිය , මයා පාපයන්, දේශපාලනය, යුද්දය ,අපරාද නීතිය, අධ්‍යාපනය , පව්ල් ජීවිතය, මරණින් මතු ජීවිතය,නිරය සහ ස්වර්ගය, යනාදී මිනිස් ජීවිතයට අවශ්‍යය සියලු කරුණු අන්තර්ගත වන අතර අනාගතේදී මුහුණ දෙන්නා වූ සියලු විෂයන් සම්බන්දව ද අල් කුරාණයේ අන්තර්ගතව තිබේ.

මෙහි අඩංගු සියලු කරුණු අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් පහළ කරන ලදවචන පමණක් අන්තර්ගත වන අතර කිසිදු මනුස්සයෙකුගේ වචන මෙහි අන්තර් ගත වී නැත.

අල් කුරාණයේ ස්වරුපය –

ශුද්ධ වූ අල් කුර්ආණය පිලිබඳ කියවීමට පෙර එය පහළ වූ ස්වභාවය පිලිබඳ දැන සිටීම ඉතාමත් වැදගත්. මන්ද යත් වර්තමානයේ අල් කුරාණය සම්බන්ධව බොහොමයක් වැරදි නිර්වචන බිහිවීමට හේතුව වන්නේ මෙය පහළ වූ ස්වභාවය නොදැනීම නිසාය. මෙම අල් කුරාණය යනු සම්පුර්ණ වශයෙන් එක වර මුහම්මද් නබි තුමාට (PBUH ) පහළ වූවක් නොවේ. මෙය ඉහතින් සඳහන් කළ පරිදි කළින් කළට ක්‍රම ක්‍රමයෙන් අවස්තන්කුලව පහළ වූවක්. මෙය පහළ කිරීමේදී අල්ලාහ් දෙවියන් වහන්සේ තම අල් කුරාණය තුලින් මිනිස් වර්ගයාට මගපෙන්වීම සඳහා ක්‍රමවේද තුනකින් ගෙන හැර දක්වනවා.ඒවා නම්,

  • පෙර විසු අල්ලාහ් ගේ දුතයන් (නබිවරුන්) සහ ඔව්න්ගේ වැසියන් ජීවත්වූ අකාරය උදාහරණයට දක්වමින් 
  • වර්තමානයේ එනම් මුහම්මද් නබි තුමා සහ ඔහුගේ වැසියන්ට සිදුවන කාලීන සිදුවීම් වලට විසඳුම් දෙමින් 
  • අනාගතයේ සිදුවීමට ඇති සිදුවීම් (විශේෂයෙන්ම ලෝක අවසානයේ පෙරනිමිති ) සහ පරලොව ජීවිතයේ භුක්ති විදීමට ඇති ස්වර්ගය සහ නිරයේ ඇති පිළිවෙළින් සැප සම්පත් වල සුභාරංචිය සහ නිරා ගින්නේ බරපතලකම ඕවා දක්වමින්.

එම නිසා අල් කුරාණයේ පරිවර්තනය කියවීමේදී එය හුදෙක් ලියවී ඇති දෙය පමණක් නොව එම වැකිය (සුරාව) පහල වීමට හේතුව සහ පසුබිම පළමුවෙන් අධ්‍යනය කිරීම අනිවාර්ය වේ.

” මෙම අල් කුර්ආණය ඔහු කෙරෙහි එකවර පහළ විය යුතු නොවේ දැ?” යි ප්‍රතික්ෂේප කළවුන් පැවසුවෝය. එලෙස (එය විටින් විට පහළ කළේ ) නුඹගේ හදවත එයින් ස්ථාවර කරනු පිණිසය. තවද අපි එය කොටස් වශයෙන් අනුපිළිවෙළට පහළ කළෙමු. ( අල් කුරාණය 25:32)

ශ්‍රී ලංකා ජමියතුල් උලමා යනුවෙන් හඳුන්වන ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය විද්වත් මණ්ඩලය විසින් මේ සියලු විස්තර සමඟ පරිපුර්ණ කුරානය සිංහල පරිවර්තකයක් මුද්‍රණය කොට ඇති අතර එය ඕනැම මුස්ලිම් පොත් අලවි සැලෙකින් මිලදී ගත හැක. තවද “Sinhala Quran” යන නමින් mobile app එකක් ද android හා iphone සඳහා නොමිළේ පරිශීලණය කිරීමට නිර්මාණය කර ඇත.

හදීස් යනු කුමක්ද?

අල් කුරාණයේ සදහන් පරිදි අප ජීවිතය ගත කරන්නේ කෙසේද කියා මුහම්මද් නබි තුමා 100% ක් ඒ මූලධර්ම වලට අනුකුලව ප්‍රයෝගිකව සාධනය වන ආකාරය ජීවත් වෙලා පෙන්නුවා. ඒ මුලදර්ම පාදක කොටගෙන එතුමන්ද නොයෙකුත් දේශනයන් සිදු කළා. එතුමා ඒ ජීවත් වූ ආකාරය සහ දේශනය කල සියල්ලක්ම එතුමා ලගින් ආශ්‍රය කල එතුමාගේ මිත්‍රයන් නොහොත් සහබාවරු ඒවා ග්‍රන්තාරුධ කරා. එම ග්‍රන්ථ වල සදහන් වචන “හදීස් ” යනුවෙන් හදුන්වනවා. ඒවායින් ප්‍රදාන ග්‍රන්ථ නම් බුහාරි , මුස්ලිම්, අබු දාවුද් , තිර්මිදී, තසාඉ , ඉබ්නු මාජා, අහමද් , බෛහකි , ඉබ්නු හිබ්බාන්, දාරාමී , අල් මුඅත්තා නම් වේ.

අල් කුරාණය මෙන්ම හදීස් ද මුස්ලිම් වරයෙකු විශ්වාස කිරීම සහ ඒවා පිළිපැදීම අනිවාර්ය වේ. එය අල්ලාහ් දෙවියන් වහන්සේ අල් කුරානයේද මෙසේ සදහන් කර ඇත.

“තවද රසුල්වරයා නුඹලාට කුමක් පිරිනමුවේද එය නුඹලා ගනිව්.ඔහු නුඹලාට කුමක් තහනම් කළේද එයින් වැළකී සිටිව්.” (අල් කුරාණය 59:7 )

අල් කුරාණයේ ඇති කරුණු පදනම් කොට ගෙන එය සවිස්තරාත්මක පැහැදිළි කිරීමක් හා ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීමේ උපදෙස් හදීස් තුලින් සිදුවේ. එම නිසා අල් කුරාණය හදීස් යන මුලාශ්‍ර දෙකම කෙනකුට තම ඇස් දෙකටම ඇති වැදගත්කම හා සමාන වැදගත්කමක් දරනු ලැබේ.

මෙම හදීස් සහ ශුද්ද වූ අල් කුරාණයේ අන්තර්ගතයන් කිහිපයක් මෙම පිටුවේ ප්‍රධාන මෙනුවේ “ශුද්ද වූ අල් -කුරාණයෙන්” සහ “නබිවදන් (හදීස්)” යන මෙනුව හරහා මා ඔබ දැනුවත් කිරීම පිණිස වෙන් කර තියෙනවා. ඒ මෙනු හරහා ඔබට ඒවායින් වල අන්තර්ගත මාර්ගෝපදේශන අද්‍යනය කර හැක.මීට අමතරව ඔබට ඇති ගැටළු පහත comment හි යොමු කිරීමෙන් අපට ඒවාටද පිළිතුරු සැපයිය හැකිය.

100% LikesVS
0% Dislikes

Share කරන්න