Share කරන්න

මුස්ලිම් නොවන අපගේ සහෝදර සහෝදරියන්ට අල් කුරාණයේ පරිවර්තනයක් කියවීමට ලැබුන හොත් එහි ඔබට විටින් විට ඇසීමට ලැබෙන කරුණක් තමා මෙම ශෙයිතාන් කියන්නේ. සමහර විට මුස්ලිම් ප්‍රජාව තුළිනුත් ඔබට විටින් විට මේ ගැන අසන්නට ලැබෙනු ඇති. එම නිසා ශෙයිතාන් කියන්නේ කාටද යන කරුණ පැහැදිළි කිරීමට අප සිතුවෙමු.

යක්කුන් , පෙරේතයින් , දේව සුරංගනාවියන් (angels) යනාදී පිලිබඳ මෙලොව නොයෙකුත් අදහස් තිබෙනවා. මෙළොව මිනිසා විසින් සොයා ගත් දේවල් වලට වඩා සොයා නොගත් දේවල් අති බහුල බව ඕනෑම විද්වතෙක් පිළිගන්නා දෙයක්. සමහරුන් මේවා ඇති බව විශ්වාස කරනවා. තවත් සමහරුන් මේවා විශ්වාස කරන්නේ නැ.

නමුත් ඉස්ලාම් ආගමට අනුව මේවා සත්‍යයයක්. මිනිසාව පසෙන් මැවූ සේ ආලෝකයෙන් සහ ගින්නෙන් මැවූ ජීව කොට්ඨාශ 2ක් සිටිනවා.. අප සුරංගනාවියන් ලෙස හදුන්වන angels මවා ඇත්තේ ආලෝකයෙන්. මොවුන්ට ඉස්ලාමයේ “මලාඉකාවරුන්” කියා හඳුන්වනවා. ගින්නෙන් මවා ඇති කොට්ඨාශයට ජින් වරුන් ලෙස ඉස්ලාම් ආගමේ හදුන්වනවා. මෙම ජින් වරුන් අතර හොඳ ජින් සහ නරක ජින් වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. අපිට නිතර අසන්නට හා සමහර විට දකින්න ලැබෙන හොල්මන් ,අවතාර කියන්නෙත් මේ ජින් වරුන්ට. මායා කාරයන් , හූනියම් කාරයින් තම ගුප්ත කටයුතු කරගන්නේ මෙම නපුරු ජින් වර්ගයේ සහයෙන්. අපගේ මාර්තුකාවේ සඳහන් පරිදි “ශෙයිතාන්” කියා හදුන්වන නපුරු ඛාණ්ඩය අයත් වන්නේත් මෙම ජින් වර්ගයට. මොවුන්ට වායුවක් සේ මිනිස් ඇඟට ඇතුළු වීමේ හැකියාව තිබෙනවා. අර යකා ගහල කියන්නෙත් මෙම ජින් වර්ගයා මිනිස් ශරීරයට ඇතුළු වූ විටය. මොවුන් පිලිබඳ වැඩි විස්තරයක් කිරීමට බලාපොරත්තු නොවන අතර අප දැන් අපගේ මාර්තුකාවට ප්‍රවිෂ්ඨ වෙමු.

ඕනෑම පුද්ගලයෙකුට ජීවිතයේ මුහුණ දීමට සිදුවන ලොකුම අරගලය නම් සිත තුල කකියන පාපයෙන් වැලකී දහමට නැඹුරු වීමය. උදාරහණයක් වශයෙන් ගත්තොත් එක් පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකු මත් ද්‍රව්‍යක් පානය කිරීමට ආරාධනය කළ විට එම ආරාධනය ලැබූ පුද්ගලයාට සිත තුල දෙබිඩි අදහසක් මතු වෙනවා. එනම් එක් පැත්තකින් එය පානය කිරීම පාපයක් නිසා එය කිරීමෙන් වැළකෙන ලෙසද තවත් පැත්තකින් පානය නොකළ හොත් ඔබ සමාජයෙන් කොන් වන බවත්, පිරිමියෙකු වශයෙන් ගණන් නොගැනෙන බවත් මිතුරන් තරහ වන බැවින් එය පානය කරන ලෙසත් කියන බවත් හැඟෙනවා. මෙම ස්වභාවය ඕනෑම පාපයක් අභියස ඕනෑම පුද්ගලයෙකුට හැඟෙන කරුණක් බව ඔබ දන්නවා.

මෙලෙස පාපයක් අභියස ඔබට එම පාපය කිරීමට දිරිගන්වන්නේ කව්රුත් නොව අප ඉහතින් සඳහන් කළ එම “ශෙයිතාන්” නම් වූ ගුප්ත ජීවි ඛාන්ඩයයි.. මොහුට තම ජීවී වර්ගය වර්ධනය කර ගැනීමේ හැකියාවද තිබෙනවා. “ඉබ්ලීස්” යනුවෙන් ඉස්ලාම් ආගමේ හදුන්වන්නේ මොවුන්ගේ නායකයාය. පාපය නොකර සිටින ලෙස අවවාද කරන්නේ “මලාඉකාවරුන් නොහොත් angels.

මොවුන් මැවීමට හේතුව ?

” ඔහු (අල්ලාහ්) නුඹලාව, නුඹලා අතරින් කවරකු ක්‍රියාවෙන් උතුම් ද යන්න පිරික්සනු පිණිස ඔහු මරණය සහ ජීවිතය නිර්මාණය කළේය. තවද ඔහු අති බලසම්බන්නය, අති ක්ෂමාශිලිය. (අල් කුරාණය 67:2)

“සෑම ආත්මයක්ම මරණය භුක්ති විදින්නකි.තවද විභාගයක් වශයෙන් යහපත සහ අයහපත මගින් නුබලාව අපි පිරික්සුමට ලක් කරන්නෙමු.” ( මුලාශ්‍රය – අල් කුරාණය 21:35)

ඉහත සඳහන් කළ ඇති ශුද්ධ වූ අල් කුරාණයේ වැකියට අනුව අල්ලාහ් දෙවියන් වහන්සේ අපව පරීක්ෂා කිරීම පිණිස මෙම ජීවියා මවා ඇත. මෙලොව උපදින සෑම මිනිසෙකුට එක් මලාඉකාවරයෙක් (angel ) සහ ශෙයිතාන් (නපුරෙක්) අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් පත් කරනු ලබනවා.

මෙම ශේයිතාන් නොහොත් නපුරා පිලිබඳ අල් කුරාණයේ අල්ලාහ් දෙවියන් මෙසේ අනතුරු හඟවනවා.

“ආදම්ගේ දරුවනි (ආදම් යනු ලොව පළමු මිනිසාය) , ශෙයිතාන්ව නොනමදිවු. මන්ද යත් සැබවින්ම ඔහු නුඹලාට සතුරෙකි.” ( අල් කුරාණය 36:60)

ජනයිනි, මිහිතලයේ ඇති දැයින් අනුමත (යහපත්) දෑ අනුභව කරවූ. තවද ශෙයිතාන්ගේ පිය සටහන් අනුගමනය නොකරවූ.සැබවින්ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි. සැබවින්ම ඔහු නුඹලාට විධානය කරනුයේ පාපකම් හා අලජ්ජිතකම් ද නුඹලා නොදන්නා දෑ අල්ලාහ් කෙරෙහි නුඹලා ගොතා පැවසීමද වේ. ( අල් කුරාණය 2:168-169)

විශ්වාස කළවුනි! නුඹලා සම්පුර්ණයෙන්ම ඉස්ලාමයට ඇතුළු වවු. ශෙයිතාන්ගේ පිය සටහන් අනුගමනය නොකරවූ. සැබවින්ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි. (අල් කුරාණය 2:208 )

මුස්ලිම් වරුන් ඉස්ලාමය සම්පුර්ණයෙන්ම නොපිළිපැද එහි සමහරක් කොටස් පමණක් පිළිපදිමින් සිටින බැවින් එය ඉස්ලාම් ආගමටද කරන නින්දාවකි. මෙයද ශෙයිතාන්ගේ කුඨ උපක්‍රමයක් බවද අල්ලාහ් දෙවියන් වහන්සේ මෙම වාක්‍යය තුළින් අපට අවවාද කරයි.

නමුත් මෙය හුදෙක් ඉස්ලාම් ආගමට බලපාන කරුණක් නොව සියලු ආගම් වලට බලපාන කරුණකි. තමන් තමන්ගේ ආගම සම්පුර්ණයෙන්ම පිළිපැදිය යුතුයි. එසේ නොවන්නේ නම් එය ඔබ ඔබේ ආගමට කරන නින්දාවකි. ආගම විකුණන් කන දෙයක් වැනිය.

සෑම අවස්ථාවකදීම තම මනස ශෙයිතාන්ගේ මතයන්ට ගොදුරක් නොවී යහපත දෙස නැඹුරු කර ජීවත් වන්නාට මෙලොවෙත් පරළොවෙත් සෑම විටම යහ ප්‍රතිඵල අත් වන බව කුරාණය සහ හදීස් සෑම විටම අවවාද කරන්නේය.

50% LikesVS
50% Dislikes

Share කරන්න