Share කරන්න

වර්තමාන ලොවේ අර්බුදකාරී , ව්‍යයවසනයක් බවට පත් වී ඇති කොරෝනා වෛරසය (කොවිඩ් -19) හි බලපෑම පිළිබද අමුතුවෙන් අප කිව යුතු නැත. මිනිසා තාක්ෂණයෙන් කොතරම් දියුණු වුවද ඇසට නොපෙනෙන කුඩා වෛරසයක් පවා මෙල්ල කිරීමට නොහැකි තරම් අසරණ වී ඇති බව අපි දකිමු. වර්තමානයේ පමණක් නොව ලෝක ඉතිහාසයේ නොයකුත් අවස්තාවන් වල කලින් කලට මෙවන් ව්‍යවසන , සුනාමි , භුමි කම්පා, වැනි ස්වභාවික විපත් තුලින් ජීවිත හා දේපළ වශයෙන් සිදුවූ අලාභ හානි බහුලය.

ඉස්ලාමය සඳහන් වන පරිදි මෙවැනි කලින් කලට දරුණු ව්‍යවසන මෙළොව ඇති වීමට හේතුව වන්නේ මිනිසා විසින් කරන අපරාධ නිසාම බවය. වංචාවන්, දුරාචාරය, සොරකම්,සූදුව,පොළිය සහ ස්වභාධර්මය විනාශ කිරීම වැනි නොයෙකුත් හේතුන් කොට ගෙන මෙම ව්‍යවසනයන් සිදුවනු ඇත.

මෙය අල්ලාහ් දෙවියන් වහන්සේ අපට පෙර විසු සමුහයන් විසින් සිදු කල අපරාධ සහ ඔව්න්ට දුන් දඬුවම් උදාහරණ දක්වමින් වර්තමාන සමාජයට අවවාද සහ අනතුරු හඟවයි.

ඔවුනට පෙර කොපමණ පරපුරක් අපි විනාශ කළෙමු දැයි ඔව්හු නොදුටුවෝ ද? අපි නුබළාව ස්ථාපිත නොකළ අයුරින් ඔව්න්ට මිහිතලයේ අධිකාරියද ස්ථාපිත කෙළෙමු. තවද අපි ඔව්න් වෙත අහසින් වර්ෂාව අවශ්‍ය පරිදි අධිකව යැව්වෙමු. ඔව්න්ගේ වාසස්ථානයන් ට පහළින් ගලා බසින ගංගාවන් අපි ඇති කළෙමු. පසුව ඔව්න්ගේ පාපයන් හේතුවෙන් ඔව්න්ව අපි විනාශ කළෙමු. තවද ඔවුනට පසු අපි වෙනත් පරපුරක් බිහි කළෙමු. (අල් කුරාණය 6:6)

කොපමණ ගම්මානයන් අපි විනාශ කෙළෙමුද ? රාත්‍රියේ හෝ ඔවුන් මධ්‍යහෙනයේ නිදියමින් සිටියදී හෝ අපගේ දඬුවම් ඒවා වෙත පැමිණියේය. අපගේ දඬුවම් ඔව්න් වෙත පැමිණි විට “සැබවින්ම අපි අපරාධකරුවන්ව සිටියෙමු” යැයි ඔව්න් පවසා සිටියා මිස ඔව්න්ගේ ඔව්න්ගේ වෙන කිසි ප්‍රකාශයක් නොවීය.(අල් කුරාණය 6:4-5)

තවද අපරාධ කරමින් සිටි ගම්මානයන් කොපමණක් අපි විනාශ කළෙමු ද? ඉන් පසුව අපි වෙනත් පිරිසක් (එහි) බිහි කළෙමු.( අල් කුරාණය 21:11)

තවද එම ගම්මාන( වැසි)යන් අපරාධ කළ කල්හි අපි ඔවුන්ව විනාශ කළෙමු. ඔවුන්ගේ විනාශයට නියම( කරන ලද කාල)යක් ද අපි ඇති කළෙමු. (අල් කුරාණය 18:59)

අපරාධ කළවුන් තමන්ට පවසනු ලැබූ වචනය තමන්ට පවසනු ලැබූවක් නොවන වචනයක් ලෙස වෙනස් කළෝය. එබැවින් අපරාධ කළවුන් කෙරෙහි ඔව්න් පාප ක්‍රියා කරමින් සිටි හෙයින් අහසින් ව්‍යවසනයක් පහළ කළෙමු. ( අල් කුරාණය 2:59)

නුබළා අතුරින් සෙනසුරාදා දිනයෙහි සීමාව ඉක්මවා ගියවුන් පිලිබඳව සැබැවින්ම නුඹලා දන්නේහුය. තවද “අවමානයට පත් රිළවුන් බවට නුඹලා පත් වනු ” යි අපි ඔවුනට ප්‍රකාශ කළෙමු. එය ඔව්න් අතර සිටියවුන්ට හා ඔවුන්ට පසුව පැවතෙන්නන්ට අවවාදාත්මක පාඩමක් වශයෙන් ද බිය භක්තිකයන්ට උපදේශයක් වශයෙන් ද අපි පත් කෙළෙමු. ( අල් කුරාණය 2:65-66) (සීමාව ඉක්මවා අපරාධ කළවුන් රිළවුන් බවට පත් කළ සිද්දියක් මෙයින් ප්‍රකාශ වේ.

තවද අල්ලාහ් ජනයාව ඔවුන් පාපයන්ගෙන් ඉපයූ සියලු දෑ සඳහා ග්‍රහණය කරන්නේ නම් මිහිතලය මතුපිට කිසිදු ජීවියෙකු ජීවත් වීමට අත හැර නොදමනු ඇත. එනමුත් නියමිත කාලයක් දක්වා දඬුවම් නොකර ඔහු ඔවුන්ව ප්‍රමාද කරන්නේය. පසුව ඔවුන්ගේ කාලය පැමිණි විට දඬුවම් කරන්නේ ය. සැබවින්ම අල්ලාහ් තම ගැත්තන් පිලිබඳ සර්ව සුපරීක්ශාකාරී විය.( අල් කුරාණය 35:45)

නුඹලාට දරුණු වදහිංසා පමුණුවමින් නුඹලාගේ පුතුන් මරා දමමින් හා නුඹලාගේ ස්ත්‍රීන්ව වහල් භාවයෙන් ජීවත් වන්නට ඉඩ හරිමින් සිටියදී ෆිර්අවුන්ගේ ජනයාගෙන් අප නුඹලාව මුදවා ගත් අවස්ථාව නුඹලා සිහිපත් කරව්.අපි නුඹලා වෙනුවෙන් මුහුද බෙදා වෙන් කළ අවස්ථාව හා නුඹලා දකිමින් සිටියදී නුඹලාව මුදවාගෙන ෆීර්අවුන්ගේ පිරිස ගිල්වා දැමු අවස්ථාව සිහිපත් කරවු.( අල් කුරාණය2:49-50)

සැබවින්ම අල්ලාහ් මිනිසුන්ට කිසිවකින් හෝ අපරාධ නොකරන්නේය. එනමුත් මිනිසුන් තමන්ටම අපරාධ කර ගන්නෝය.(අල් කුරාණය10:44)

මිනිසාට පීඩාවක් ස්පර්ශ වූ විට ඔහු හන්සිවෙමින් හෝ වාඩිවෙමින් හෝ සිට ගනිමින් අපව අයදින්නේය. ඔහුගෙන් අපි තම පීඩාව ඉවත් කළේ නම් තමන්ට ස්පර්ශ වූ පීඩාව වෙනුවෙන් අපගෙන් ප්‍රාර්ථනා නොකළාක් මෙන් ගමන් කරන්නේය. සීමාව ඉක්මවා ගියවුනට ඔවුන් කරමින් සිටි දෑ අලංකාරමත් කර පෙන්වනු ලැබුයේ මෙලෙසය. ( අල් කුරාණය 10:12)

එබැවින් ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන් වූ ප්‍රථිපලයක් වශයෙන් (මෙලොවෙහි) ඔවුන් සුළු වශයෙන් සිනාසෙත්වා! (මතු ලොවෙහි) ඔවුන් අධික වශයෙන් හඬත්වා! ( අල් කුරාණය 9:82)

එහෙත් ඔවුන්ව ඔහු (විපතින්) මුදවා ගත් විට එවිගස ඔවුන් කිසිදු යුක්තියකින් තොරව මිහිතලයේ සීමාව ඉක්මවමින් කටයුතු කරති. අහෝ මිනිසුනී! නුඹලාගේ සීමාව ඉක්මවා යෑම නුඹලාට එරෙහිවමය. (නුඹලා මෙලොව භුක්ති විඳිනුයේ) ( අල් කුරාණය 10:23)

තවද අපගේ දුෂ්කරතාවන් (දඬුවම) ඔවුන් වෙත පැමිණ විට ඔවුන් යටහත් පහත් විය යුතු නොවේද? එනමුත් ඔවුන්ගේ හදවත් දැඩි විය. තවද ඔවුන් කරමින් සිටි (පාපකාරී)දෑ ශෙයිතාන් (සාටාන්) ඔවුනට (ආකර්ෂණය වන පරිදි) අලංකාර කර පෙන්වීය. ( අල් කුරාණය 6:43)

මෙතුළින් අල්ලාහ් දෙවියන් වහන්සේ බලාපොරුත්තු වන්නේ කුමක්ද?

මෙළොව ජීවිතය යනු විබාගයකි. අල්ලාහ් දෙවියන් වහන්සේ නොයෙකුත් ආකාරයෙන් අපව පරීක්ෂණයට ලක් කරනු ඇත. දුක සහ සැප යන දෙමුහුනුවරයෙන්ම පරීක්ෂාවට අප බාජනය වනු ඇත. ඒ සෑම අවස්ථාවකදීම මිනිසා පාපයන් කෙරෙහි නැඹුරු නොවී මෙළොව ජීවිතයේ ස්වභාවය තේරුම් ගෙන ආගම කෙරෙහි නැඹුරු වෙනවාද යන්න පරීක්ෂා කරනු ලැබේ. පාපයන් අධික වන විට අල්ලාහ් දෙවියන් වහන්සේ නොයෙකුත් ව්‍යවසනයන් මෙලොවට පහළ කොට ඒ හරහා නැවතත් සමාජය යහ මගට පොළඹවා ගැනීම ඔහුගේ අරමුණයි.

” ඔහු (අල්ලාහ්) නුඹලාව, නුඹලා අතරින් කවරකු ක්‍රියාවෙන් උතුම් ද යන්න පිරික්සනු පිණිස ඔහු මරණය සහ ජීවිතය නිර්මාණය කළේය. තවද ඔහු අති බලසම්බන්නය, අති ක්ෂමාශිලිය. (අල් කුරාණය 67:2)

“සෑම ආත්මයක්ම මරණය භුක්ති විදින්නකි.තවද විභාගයක් වශයෙන් යහපත සහ අයහපත මගින් නුබලාව අපි පිරික්සුමට ලක් කරන්නෙමු.තවද නුඹලා නැවත පැමිණෙන්නේ අප වෙතමය.” ( අල් කුරාණය 21:35)

මිනිසුන්ගේ අත් උපයා ගත් දෑ හේතුවෙන් ඔව්න් කළ දැයින් සමහරක් ඔව්න්ට විඳවනු පිණිස ගොඩබිමෙහි හා මුහුදෙහි ව්‍යවසන ඇති විය. මෙසේ ව්‍යවසන ඇති වීමෙන් ඔව්න් නැවත යහමගට යොමු වන්නට හැක. ( අල් කුරාණය30:41)

අනිවාර්යෙන් අපි ඔබව බිය තුළින් , සාගින්න තුළින් , දේපළ හානි හෝ ජීවිත අහිමි වීම හෝ ඔබේ වෑයමෙන් ලබා ගන්නා අස්වැන්නේ අලාබය ඇතිකිරීම තුලින් පරීක්ෂාවට ලක් කරන්නෙමු. (නබිවරයාණෙනි ) මෙවන් අවස්ථාවලදී ඉවසිලිමත් වන අයට ඔබ සුභ ආරංචි පවසන්න (අල් කුරාණය 1:155)

විශ්වාස කළවුනි, නුඹලා ඉවසීම හා සලාතය (නැමදුම) මගින් උදව් පතවු. සැබවින්ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමගය. (අල් කුරාණය 2:153)

ප්‍රශ්නයක් ඇති වන සෑම අවස්ථාවකදීම ඉවසීම,නැමදුම, සහ මනා අවබෝධයකින් යුක්තව කටයුතු කරන ලෙස ඉස්ලාම් අවට අවධාරණය කරනවා.

මේවාට ස්ථීර විසඳුම කුමක්ද ?

මේවාට අල් කුරාණයෙ විසඳුම නම් පාපොච්චාරණයයි. එක් එක් පුද්ගලයා තමන් කළ පාපයන් සිහි කරමින් ඒ පිලිබඳ කනස්සල් වී සිතින් පාපොච්චාරණය කරන්නේ නම් මෙවන් දරුණු ව්‍යවසන දුරු කර ගත හැක. මෙය සාමුහික ව්‍යවසනයක් බැවින් අඩුම වශයෙන් බහුතරයක් පාපොච්චාරණය කරන්නේ නම් අපට මෙවැනි දරුණු ව්‍යවසන වලින් ගොඩ ඒමට හැක. තමන් අදහන ආගම කුමක් වුවද මෙය ආගමික කෝණයකින් නොබලා මෙම පණිවිඩය හැකි තරම් ජනතාව අතර පතුරවමින් පාපොච්චාරණය කර ගත්තේ නම් අගනේය.

ඉස්ලාම් ආගමට අනුව යම් පුද්ගලයෙකුට තම පෞද්ගලික ජීවිතයේ වුවද මතුවන ඉතාමත් දරුණු ප්‍රශ්න වලින් ගොඩ ඒමට එකම විසඳුම පාපොච්චාරණයයි. පාපොච්චාරණය කිරීම පමණක් නොව මින් ඉදිරියට පාපයන් වලින් වැළකී සිටීමට තමන් අධිෂ්ඨානය කර ගත යුතුයි. මන්ද තමන් කරන පාපයන් වැඩි වන තරමට තමන්ට ජීවිතයේ ඇතිවන ප්‍රශ්න වැඩි වන බැවිනි.

මිනිසාට මෙළොව ඕනෑම ලෙඩකට වෛරසයකට බෙහෙතක් සොයා ගත හැකි නමුත් වෛරසය මෙලොවින් තුරන් කළ නොහැක. එමෙන්ම තවත් වෛරසයක් බිහි වීම වැළක්වීමද කළ නොහැක.

එම නිසා මින් ඉදිරියටත් දරුණු ව්‍ය්වසනයන්ට මුහුණ නොදී සතුටින් සැනසීමෙන් ජීවත් වීමට නම්, ඔබට මුඛ ආවරණය ගලවා නිදහසේ හුස්ම ගැනීමට අවශ්‍ය නම්, නිදහසේ සංචරණය කිරීමට නැවතත් අවශ්‍ය නම් පාපයන් වළින් වැළක්වී ධර්මානුකුලව ජීවත් වන ලෙස අප ඔබගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

100% LikesVS
0% Dislikes

Share කරන්න