Share කරන්න

වර්තමාන සමාජයේ කතාවෙන සමහරක් විට සමච්චලයකටත් පත් කරන කරුණක් තමා මෙම මුස්ලිම් වරයෙකුට කාන්තාවන් 4ක් විවාහ කළ හැකි යන කරුණ . ඔව් ඇත්තෙන්ම මුස්ලිම් වරයෙකුට කාන්තාවන් 4 දෙනෙකු විවාහ කරගත හැක. 

ඉහත අල් කුරාණයේ වැකිය අනුව මුස්ලිම් වරයෙකුට කාන්තාවන් 4 දෙනෙකු දක්වා උපරිමයක විවාහ කර ගත හැකි නමුත් එය අනිවාර්ය නොවේ. තවද මෙලෙස බහු විවාහ කර ගැනීමේදී කොන්දේසි 3 ක් ඇති අතර ඒවා නම්.

  • තම භාර්යාවන් අතර අපක්ෂපාතීව ,යුක්තිගරුකව , හා කරුණාවන්තව හැසිරිය යුතුය.
  • තම භාර්යාවන් හට වියදම් වැනි මූලික අවශ්‍යතාවයන් අඩුවක් නොවන සේ සපුරා දීමට හැකි විය යුතුය.
  • භාර්යාවන් 4කට වඩා ඉක්මවා නොයා යුතුය.

ඉහත කරුණු සපුරාලිය නොහැකි නම් විවාහ කර ගත යුත්තේ එක් කෙනෙකු පමණයි. විවාහ කිරීමට ස්වාමි පුරුෂයාට බිරිඳගේ අනුමැතිය අවශ්‍යය නොවේ.

හේතුව ?

මෙම අවසරයට හේතුව නම් ලොව පුරා සියලු රටවල් වල සංඝනය නිරීක්ෂණය කළ හැකි දෙයක් නම් ලොව කාන්තා ජනගහනය පිරිමි ජනගහනය අභිබවා යන බවයි. ශ්‍රී ලංකාවේ වුවද වර්තමානයේ ජනගහනයෙන් 50% කට වඩා සිටින්නේ කාන්තාවන් ය. මෙම ලොව කාන්තා ජනගහන ප්‍රතිශතය අනාගතේ තවත් වැඩි වන බව අනාවැකි පළ කරන අතර, ඉස්ලාමයේද ලෝක අවසානය ලඟා වන විට පිරිමි සහ කාන්තා අනුපාතය 1:4 ක් ලෙස වැඩිවන බව මීට අවරුදු 1400 කට පෙරම අනාවැකි ප්‍රකාශ කොට ඇත.

කාන්තාවන් වැඩිවී පිරිමින් අඩු වීමට ප්‍රධාන හේතුන් වන්නේ, යුද්ධය, රිය අනතුරු , මත්පැන් භාවිතය යන ප්‍රධාන හේතුන් ය. මීට අමතරව වසංගත රෝග හා ළදරු මරණ අනුපාත වළින් ද පිරිමින්ගේ ප්‍රතිශතය වැඩි බව සමීක්ෂණ තුලින් හෙළි වී ඇත.

කාන්තා ජනගහනය ප්‍රතිශතය වැඩි වූ කල එක් පිරිමියෙකුට එක් කාන්තාවක් පමණක් විවාහ කිරීමට සීමා කරේ නම් අතිරික්ත කාන්තා ජනගහනය විවාහ කිරීමට පිරිමින් මදි නොවන්නේ ද?

උදාහරණයක් වශයෙන් – එක් රටක කාන්තාවන් 150000 ක් ද පිරිමි 100000 ක් ද සිටී නම් මෙම රටේ විවාහ කර ගැනීමට හැකියාව ලැබෙන්නේ කාන්තාවන් 100000 කට පමණක් වන අතර ඉතුරු 50000 ක කාන්තාවන් අසරණ වනු ඇත. එක පිරිමියෙකුට උපරිමය 4 දක්වා විවාහ කිරීමට අවසර දුන්නේ නම් එම අසරණ කාන්තාවන්ටද විවාහ කිරීමේ හැකියාව ඇත. 

අද ඉන්දියාව වැනි සමහරක් රටවල් මෙම කාන්තා ජනගහනය අධික වීම වැලැක්වීම පිණිස රෝහල් වල ගැහැණු ළමයෙක් ඉපදු කළ එය ගප්සා කිරීමට පවා එම රටවල රජය විසින් කටයුතු කරනු ඇත. ඒ කාන්තා ජනගහනය පාලනය කරනු පිණිස. මෙම ඛේදජනක කාර්ය ඉටු නොකරන්නේ නම් ලොව කාන්තා ජනගහනය තවත් වැඩි වනු ඇත.

එම නිසා මෙම අවසරය දීමට හේතුව නම් කාන්තා අයිතිවාසිකම සුරැකීම සහ අසරණ භාවයෙන් මුදවා ගැනීමේ පුණ්‍යම හේතුවකට මිස සමාජයේ කතාවන පරිදි පිරිමින් සඳහා වූ අයුතු ප්‍රයෝජනයක් සඳහා නම් නොවන බව කාරුණිකව සඳහන් කරමු.

බිරිඳගෙන් අවසරය අවශ්‍යය නොවන්නේ ඇයි ?

ඕනෑම බිරිඳක් තම ස්වාමි පුරුෂයා තවත් කෙනෙකු සමඟ බෙදා ගැනීම ප්‍රතික්ෂේප කරන්නේය. එය සාධාරණ මනුස්ස ස්වභාවයකි. එම නිසා කිසිදු බිරිඳක් තම පුරුෂයාට තව කාන්තාවක් විවාහ කිරීමට අවස්ථාව කිසි විටෙකත් දෙන්නේ නැත. නමුත් මෙලෙස අවසරය නොදුනොත් ඉහත අප සඳහන් පරිදි අතිරික්ත වන කාන්තා කොට්ඨාශයට කුමක් වන්නේද?

එම නිසා තම ස්වාමි පුරුෂයාට තව කාන්තාවක් විවාහ කිරීමට හැකියාව තිබෙන්නේද , එකසේ සියලු බිරියන්ට සාධාරණය කර හැකි නම් පමණක් එයට ඔහුට ඉස්ලාමයේ අවසරය ලැබෙන අතර පළමු බිරිඳ ද, මෙම බහු විවාහයෙන් මා වැනි තවත් කාන්තාවකට ජීවයක් , සතුටක්, අයිතිවාසිකමක් ලැබෙන්නේය යන්න සිතා අවසරය දිය හැකි නම් එය කාන්තාවක් තවත් කාන්තාවක් වෙන්වෙන් කරන මහා පුණ්‍යය කර්මයක් ලෙස හැදින්වේ. 

යුදෙව් ආගමික ධර්ම ග්‍රන්ථය වන “තල්මුද්” හා ක්‍රිස්තියානි ආගමික ධර්ම ග්‍රන්ථය වන බයිබලයට අනුව කෙනෙකු අසීමිත ලෙස භාර්යාවන් විවාහ කර ගත හැකිය. එබැවින් බහු භාර්ය විවාහය යනු ඉස්ලාමයට පමණක් අයත් වුවක් නොවේ. එයට පෙර සමයේ වූ යුදෙව්වන් හා කිතුනිවන් තුළ ද ප්‍රායෝගිකව පැවතෙමින් පැමිණි විෂයකි.

ආබ්‍රහම් ට බිරියන් තිදෙනෙක් සිටි බවද සොලමන් රජුට බිරින්දෑවරුන් සිය ගණනක් සිටි බවද තල්මුදයීහි සඳහන් වී ඇත.මෙලෙස බහු භාර්ය විවාහය යුදෙව් ආගමෙහි පැවතෙමින් තිබියදී යුදෙව් ධර්මාචර්යයවරයෙකු වන “ගර්ෂොම්බින් යහුද” නමැත්ත එයට විරුද්ධව ආඥාවක් නිකුත් කළේය. එහෙත් ඔවුන්ගෙන් පිරිසක් තුළ එම සංස්කෘතිය 1950 වන වර්ෂය දක්වා නොකඩවා පැවතිණ. අනතුරුව එම වර්ෂයේදීම ඊශ්‍රායලේ යුදෙව් ආගමික ප්‍රධාන ධර්මාචර්යයවරයෙකු විසින් එක භාර්යාවකට වඩා අධික භාර්වාවන් විවාහ කර ගැනීම සියලු යුදෙව් ජාතිකයින් හට තහනම් කර පනතක් නිකුත් කළේය. පිරිමියෙකුට විවාහ කර ගත හැකි භාර්යාවන් ප්‍රමාණය බයිබලයෙහි සීමා නොකර තිබීමෙන් අනතුරුව කිතුනු ආගමික පෙරාතු ඉගැන්වීම්හි කෙනෙකු තමන්ට අභ්මත පරිදි බහු භාරය විවාහ කර ගැනීමට අනුමැතිය දී තිබුණි. කෙනෙකු එක් භාර්යාවකට වඩා අධිකව විවාහ කර ගැනීම ඔවුනට තහනම් කරනු ලැබුයේ නූතන සියවස්හි දී කිතුනු දේවස්ථානයන් විසින්ය. එනමුත් මෙය ඔවුන්ගේ ආගම පදනම් කර ගනිමින් තහනම් වුවක් නොවන බව පැහැදිලි වන්නේය.

මෙලොව පවතින සියලු ආගම් අතුරින් බලන කල විවාහය සඳහා සීමාවක් පනවා ඇති එකම ආගම ඉස්ලාම් වන අතර වෙන කිසිදු ආගමක එලෙස තහංචියක් නොමැත. නමුත් අවාසනාවකට මෙම කරුණ පදනම් කොට ගෙන ඉස්ලාම් ආගමට පමණක් සමච්චලයකට පත් කිරීමට සමහර පිරිස් පෙළෙඹෙනු දක්නට ලැබෙනු ඇත. 

කුමන ආගමක වුවද එහි වූ නීති රීති වලට ගරු කර ඒවාට නියම අරුතය , හේතුව සොයා එම සත්ත්‍යය පමණක් ඒවා සමාජ ගත කරන ලෙස අප බුද්ධිමත් පාඨක ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. 

0% LikesVS
100% Dislikes

Share කරන්න