Share කරන්න

ඉස්ලාමයේ ඉතාමත් වැදගත් අති පූජනීය ස්ථාන 3ක් තමා මෙම මක්කම මදීනාව සහ ජෙරුසලම කියන්නේ. ඉස්ලාමීය ඉතිහාසයේ සිදුවීම් බොහොමයක්ම සිදු වී ඇත්තේ මෙම ස්ථාන 3 පාදක කොට ගෙනය. ඇත්තටම මෙම පුජා ස්ථාන තුනම ඉස්ලාමයේ මූලික සංදිස්ථාන දෙක ලෙස සැලකිය හැකි.

මක්කම හා මදීනා පල්ලි 2කම පිහිටා තිබෙන්නේ සව්දි අරාබියේ. ජෙරුසලම පිහිටා ඇත්තේ පලස්තීනයේ. ඇත්තටම මක්කම යනුවෙන් හදුන්වන මේ මහා පුජක ස්ථානයේ සත්‍ය නම “මස්ජිදුල් හරම්” වේ. මෙය “මක්කා” (Makkah) නමැති නගරයේ පිහිටා තිබෙන නිසා පොදුවේ මෙම පුජා ස්ථානයට “මක්කම” කියා හදුන්වනවා. මදිනාව යනුවෙන් හදුන්වන පුජා ස්ථානයේ ද සැබෑ නම වන්නේ ” මස්ජිදුන් නබවි” ය. නමුත් මෙය “මදීනා” (Madina) නගරයේ පිහිටා ඇති නිසා මෙයට මදීනාව කියා පොදුවේ හදුන්වනවා. ජෙරුසලම පල්ලියේ සැබෑ නම “මස්ජිදුල් අක්සා” වන අතර එය වර්තමානයේ ඊශ්‍රායෙල යුදෙව්වන් විසින් ආක්‍රමණය කොට ඇති නිසා එය “ජෙරුසලම” යනුවෙන් නම වෙනස් කර ඇත.

දැන් මෙම පුජා ස්ථාන 3 හි වැදගත්කම පිලිබඳ කෙටියෙන් සොයා බළමු.

මක්කම පල්ලීය (මස්ජිදුල් හරම් )

Masjid al Haram

මක්කම පල්ලිය හෙවත් මස්ජිදුල් හරම් කියන්නේ ඉස්ලාමයේ කෙන්ද්‍රස්තානයයි. ඉස්ලාමයේ පළමුවෙන්ම ඉදිවූ අති ශුද්ධ වූ පල්ලිය තමයි මක්කම පල්ලිය. මුහම්මද් නබි තුමාගේ උපත ලැබුවේ මෙහිදී ය. ඔහුගේ උපතටත් පෙර සිටම පුජා මැද පෙරදිගේ වැදගත්ව තිබු පුජා ස්ථානයක්. මෙම පල්ලියේ විශාලත්වය 356,800 වර්ග මීටර (අක්කර 88.2) ක් පමණ වෙනවා. මෙම පුජා ස්ථානය ඉදි කෙරුවේ මුහම්මද් නබි තුමාටත් පෙර විසු අපගේ දේව ගැත්තෙක් වන “ඉබ්‍රාහිම්” නම්වූ රසූල් වරයා විසින්(PBUH ).එනම් මීට අවරුදු 3000 කට පමණ පෙරය. ක්‍රිස්තියානි ආගමේ මොහුට ” ඒබ්‍රහම්” කියා හදුන්වනවා. මෙතුමා සහ මෙතුමාගේ පුත් “ඉස්මාඊල්” තුමා විසින් තමයි මෙය ඉදි වන ලද්දේ. ඉබ්රාහිම් තුමා කියන්නේ අල්ලාහ් දෙවියන් වහන්සේගේ මිතුරෙකු ලෙස අනුවර්ත නාමයක් ලැබූ අති ශ්‍රේෂ්ඨ නබි වරයෙක්. මෙතුමාට හා මෙතුමාගේ පව්ලටම ජීවිතයේ බොහොමයක් ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවුණා. අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් මොහුව නොයෙකුත් බාධක තුළින් පරීක්ෂාවට ලක් කරා.ඒ සියලු බාධක වලට අල්ලාහ් කෙරෙහි තිබු අධික විශ්වාසය හා නැමදුම නිසාම ඔහුට ඒ සියලු බාධක තුරන් කර ජයග්‍රහණය කරා පැමිණීමට ඔහුට හැකි වුණා.

ඔහුගෙන් පසු මෙළොව සියලු මුස්ලිම් වරුන් මක්කමට ගොස් කරන සියලු වන්දනාමනයන් ඔහුගේ හා ඔහුගේ පව්ලම අල්ලාහ් දෙවියන් වහන්සේ වෙනුවෙන් කළ කැපකිරීම් වල සිහි කිරීමක්. එය අනිවාර්ය කටයුත්තක් ලෙස අල්ලාහ් දෙවියන් වහන්සේ ඔහුට පුදන ගෞරවයක් වශයෙන් හා ඔහුව සිහිපත් කිරීමක් වශයෙන් පත් කළා.

තමන්ට ජීවිතයේ කුමන බාධක පැමිණියත් ඒවා ඉවසීම සහ නැමදුම තුළින් තුරන් කොට ජයග්‍රහණය කරා පැමිණිය හැකි යන්න ඉබ්‍රාහීම් තුමා හරහා අල්ලාහ් දෙවියන් වහන්සේ අපට මක්කමට එන සියලු බැතිමතුන්ට පාඩමක් වශයෙන් කියා දෙනවා.

ක:බතුල්ලාව (Ka:bathullah)

මක්කමේ පින්තුරයක් දෙස බැලූ කළ ඔබට හොදින් නිරීක්ෂණයට ලක් වන දෙයක් නම් මක්කම මැද පිහිටි කළු පැහැති පෙට්ටිය. මක්කමේ තිබෙන ඇති වැදගත්ම කොටස මෙයයි.

මෙම ශුද්ධ වූ පෙට්ටියට අල්ලාහ් ගේ නිවස ලෙස අරාබියෙන් හදුන්වන ක:බතුල්ලාහ් යන අරාබි නාමය යොදනවා. කඅ:බාව කියා කෙටියෙන් හදුන්වනවා. ඇත්තටම කියනවානම් මක්කම නගරයම පුජා නගරයක් ලෙස බිහිවීමටත් පාදක වුනේ මෙම ක:බතුල්ලාව නිසාමයි. ඉබ්‍රාහිම් නබි තුමා (PBUH) හා ඔහුගේ පුත් ඉසමාඊල් නබි තුමා (PBUH) දෙදෙනා එකතු වෙලා ඉදි කෙරුවේ මෙම පෙට්ටිය වේ. මෙය වර්තමානයේ හුදෙක් පෙට්ටියක් ලෙස තිබුනද ආරම්බයේ මුස්ලිම් වරුන් වන්දනාමාන කලේ මෙම පෙට්ටිය තුලය. ලොව පළමුව ඉදිවූ පල්ලිය ලෙස මෙම පල්ලිය නම් දරනවා. පසුව කාලයත් සමඟ මෙම පල්ලිය වට පිටාව ක්‍රම ක්‍රමයෙන් ඉදි කරලා තමයි අද මේ තරම් විශාලත්වයක් තියෙන පල්ලියක් බවට පත් වුනේ. පහත රුපයෙන් දැක්වෙන්නේ එම ඉදිකිරිම අතීතයේ සිට සංවර්ධනය වෙමින් ආ ආකාරයයි.

තවද මෙලොව සිටින සියලු මුස්ලිම් වරුන්ට අනිවාර්ය කටයුත්තක් වන පස් වෙලේ සලාතය හෙවත් නැමදුම සහ අනෙකුත් සියලුම සලාතයන් කරන්නේ මෙම පෙට්ටිය දිශාවක්, කේන්ද්‍රයක් කොට ගෙනය. මෙය කේන්ද්‍ර කරගෙන නැමදීම අනිවාර්ය වන අතර එසේ නොකර කරන කිසිදු නැමදුමක් අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් පිළිගන්නේ නැත. මෙම කාරණයට විද්‍යාත්මක පදනමක් තිබෙනවා. එනම් මක්කම කියන්නේ පෘතුවියේ කේන්ද්‍රය බව අද විද්‍යාඥයින් විසින් ඔප්පු කොට පිළිගත් කරුණක්. මෙහි වැඩි විස්තරයක් ගෙන ඒමට අප මෙතුළින් බලාපොරොත්තු නොවන අතර අපගේ පාඨකයින් ගේ ඉල්ලීම් මත ඉදිරියේ මේ පිලිබඳ වෙනම පොස්ට් එකක් එළිදැක්වීමට අප හැකිය. ලෝකේ ඕනෑම ප්‍රදේශයක සිට මෙම පෙට්ටියේ දිශාව සොයාගැනීම පිණිස වර්තමානයේ නොයෙකුත් ඒ සඳහා විශේෂිතව නිර්මාණය වූ මාළිමාවන් හා mobile app නිර්මාණය කොට ඇති අතර අතීතයේ සිට පැවත එන ක්‍රමයක් වන සුර්යාගේ දිශාව උපයෝගී කොට එම දිශාව ගෙන සොයා ගන්නා ක්‍රමයක්ද තවමත් උපයෝගී කරනවා. මුල් කාලයේදී මෙලෙස නැමදුම සඳහා කේන්ද්‍රය හා දිශාව වුනේ වර්තමානයේ පලස්තීනයේ ජෙරුසලම් නම් වූ පල්ලිය වේ. පසුව අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් මක්කමේ ක:බාව දිශාවට නැමදුම් කරන ලෙස මාරු කරන ලදී.

“zam zam” ලිඳ

මක්කමේ තිබෙන තවත් ඉතාමත් වැදගත් දෙයක් තමයි “zam zam” යනුවෙන් හදුන්වන ලොව පුදුමාකාර ජල ලිඳ. මෙයද ඉබ්‍රාහීම් තුමාගේ බිරිඳ වන හාජරා තුමිය කළ කැපකිරීම් වල ප්‍රතිඵලයක් වශයෙන් අල්ලාහ් දෙවියන් විසින් මැවූ දෙයක්. මෙම ජල ලිඳ කිසිදාක ජලය හිඟ වන්නේ නැත. තවද ජලය කිසි දිනක පල් වන්නේද නැත. නොයෙකුත් දරුණු ලෙඩ රෝග සුව කිරීමේ බලයක්ද මෙම ජලයට තිබෙනවා. සෞදි අරාබිය කියන්නේ එකදු ඇළ, දොළ, ගංගාවක් නොමැති රටක්. එසේ තිබියදීත් මෙවන් නොහිඳෙන ජල උල්පතක් වැනි ලිඳක් තිබීම මවිතයට පත් වන කරුණක් නොවේ ද? තවද මෙම උල්පත මගින් සෞදි අරාබියේ සියලු පල්ලි වලට පානය පිණිස දිනපතා ජලය බෙදා හැරීමක් ද සිදු කරනවා.

“හජරුල් අස්වද්’ නම්වූ ස්වර්ගයෙන් පහළ වූ ගල

මක්කමේ ඇති තවත් වැදගත්කමක් නම් “හජරුල් අස්වද්’ නම්වූ ස්වර්ගයෙන් පහළ වූ ගල ය. මෙම ගල පිහිටා ඇත්තේ ක:බතුල්ලාව පිටතින් හා එයටම කාවද්දලා. ඉහත පින්තුරයෙන් ඔබට එය බලා ගත හැකි. මෙම ගල මහජනයට නිරාවරණය කොට ඇති අතර මුලදී මෙය සුදු පැහැතින් තිබුනද පසු කාළීනව එය ඇල්ලීමට ඉඩ අවකාශ ඇති නිසා හා එතුළින් ජනයාගේ පාපයන් ස්පර්ශ වීම නිසා කළු පැහැයට පෙරළී ඇත.

මීට අමතරව එකළ විසූ මුහම්මද් නබි තුමාගේ හිත මිතුරන් අනුගාමිකයින් රැසක නිවෙස් හා ඔවුන්ගේ මෘත දේහ කෞතුකාගාරයක් ලෙස අදටත් එලෙසම මක්කම තුළ හා ඒ අවට තිබෙනවා.

මක්කමේදී වන්දනාව සඳහා එන බැතිමතුන් සඳහාම විශේෂිත වූ නිළ ඇඳුමක් තිබෙනවා. මෙය විශේෂිත වන්නේ පිරමී පර්ශ්වයටයි. මෙම ඇඳුමට “ඉහ්රම්” කියා හදුන්වනවා. මෙම ඇඳුම නොමැතිව එම වන්දනාමනයන් අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් පිළිගන්නේ නැහැ. එම නිළ ඇඳුම පහත පින්තුරයේ පරිදි වේ.

මෙම සුදු පොරවනය හැර වෙන කිසිදු යටි ඇඳුමක් පවා ඇඳීම තහනම්. කාන්තාවක් නම් මුහුණ වැසීම තහනම්, පිරිමින් සඳහා ඔලුව වැසීම තහනම්. දුප්පත්, පොහොසත් , කළු , සුදු, කුල භේද කිසිවක් අල්ලාහ් දෙවියන් වහන්සේ ඉදිරියේ අදාළ නොවන බවද, තමන් එකිනෙකට වෙනස් වන්නේ තමන් කරන පින් පව් අනුව පමණක් බව පෙන්වාදීම මෙම ඇඳුමේ අරමුණයි. යම් පුද්ගලයෙකු මක්කම වන්දනාව සඳහා යෑමට තීරණය කරන්නේද එදින පටන් ඔහු මක්කම වන්දනාව අවසන් වන තුරු ඔහුගේ නියපොතු, හිසකෙස් හා ශරීරයේ කිසිදු කෙස් ගහක් කැපීම තහනම්. වන්දනාවෙන් අනතුරුව හිස භූ ගා යුතුයි.

වන්දනා කටයුතු

මක්කම සඳහා යන වන්දනා ගමන් කොටස් 2කට බෙදෙනවා.එනම් උම්රා වන්දනාව හා හජ් වන්දනාව.

උම්රා වන්දනාව

උම්රා වන්දනාව කියන්නේ ඕනෑම කෙනෙකුට ඕනෑම දිනක මක්කමට ගොස් කළ හැකි වන්දනාවක්. මෙම වන්දනාවට උපරිම ගත වන්නේ දවසයි. බොහෝ දෙනා තම ජීවිතයේ පැතුම් ඉෂ්ඨ සිද්ධ කර ගැනීම සඳහා භාරයක් වශයෙන් යෑමට මෙම වන්දනාව යොදා ගන්නවා. මෙය කිසිදු කෙනෙකුට අනිවාර්ය වන්දනයක් නොවේ.

හජ් වන්දනාව

හජ් වන්දනාව කියන්නේ මක්කම සඳහාවූ සුවිශේෂ වන්දනයක්. මුස්ලිම් වරයෙකු අල්ලාහ් දෙවියන් වහන්සේට ඉටු කළ යුතු ප්‍රධාන වගකීම් පහක් තිබෙනවා. එයින් මෙම හජ් වන්දනාවත් එකක්. මෙය ඉහත කී උම්රා වන්දනාව මෙන් ඕනෑම දිනක කරන්න පුළුවන් දෙයක් නොවේ. හජ්ජි උත්සවය කියා වසරකට සැරයක් මුස්ලිම්වරුන් සමරන අවරුදු උත්සවයක් පිලිබඳ ඔබ අසා දැක ඇත. අන්න එම උත්සව කාලයට පමණයි මෙම හජ් වන්දනාව ඉටු කරන්නේ. ඉස්ලාමීය හිජ්රි දින දර්ශණයට අනුව “දුල් හජ්” නම් වූ මාසයේ පළමු දවස් 10 යේ තමයි මෙම වන්දනය ඉටු කළ යුතුයි. මෙම හජ් වන්දනාව සඳහා දින 10ක් ගත වෙනවා. එම නිසා මෙම වන්දනාව සඳහා යන වියදමද අධිකයි. පොහොසත් අය සඳහා මෙම වන්දනාව ජීවිතයේ අවම එක් වතාවක්වත් ඉටු කිරීම අනිවාර්ය කොට තිබෙනවා. දුප්පතුන් සඳහා මෙම වන්දනාව අනිවාර්ය නොවේ. යම් පොහොසත් පුද්ගලයෙකු තම ජීවිතයේ එක් වතාවක් හෝ මෙම වන්දනය නොකොට මරණයට පත් වන්නේ නම් ඔහු මුස්ලිම් වරයෙකු වශයෙන් පිළිගනු නොලබන අතර මරණින් පසු නිරා ගින්නේ ඔහුට දඬුවම් ඇති බවද අල් කුරාණය අනතරු හඟවනවා.

මෙම හජ් වන්දනාව සඳහා එන බැතිමතුන්ට මෙහි පැමිණීමට කොන්දේසි කිහිපයක් තිබෙනවා. ක් තිබෙනවා. එනම් ,

  • තමන් ධනයෙන් පරිපුර්ණ විය යුතුය හා සෞකයම තත්වය හොදීන් තිබිය යුතුය. ඒ අනුව තමන් කිසි කෙනෙකුට ණය නොවී තිබිය යුතුය හා නිරෝගීව සිටිය යුතුය.
  • තහනම් ලෙස උපයාගත් මුදල් වලින් වියදම් කොට කරණු ලබන හජ් වන්දනාව අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප වේ. (එනම් සොරකම, සූදුව, පොළිය, වංචාව, හා තහනම් භාණ්ඩ හා සේවා යනාදී වලින් උපයා ගත් මුදල් වලින් )
  • සමාජයේ ඉහල ස්ථානයක් අපේක්ෂාවකින් හෝ තම මුදල් බලය පෙන්වීමට හෝ සමාජයේ තෘප්තිය හෝ නොව අල්ලාහ් දෙවියන් වහන්සේගේ තෘප්තිය අපේක්ෂාවෙන් පමණක් බලාපොරොත්තු විය යුතුයි.
  • කාන්තාවක් නම් අනිවාර්යෙන්. තමන්ගේ ලඟම ළේ ඥාති සහෝදරයෙකු සමඟ වන්දනාව සඳහා යා යුතුයි.
  • වන්දනාව සඳහා අධිෂ්ඨාන තැබූ අවස්තාව පටන් වන්දනාව අවසන් වන තෙක්, සුවඳ විලවුන් තැවරීම තහනම්, කණ්නාඩිය බැලීම තහනම්, නියපොතු කැපීම තහනම්, කෙස් කැපීම තහනම්, වේ.

මෙම කොන්දේසි කඩ කරමින් සිදු කරන කිසිදු නැමදුමකට කිසිදු ප්‍රතිඵලයක් නැති බවද, එය අල්ලාහ් දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරන ලෙසද ඉස්ලාමය අවධාරණය කරයි.

මදිනා පල්ලිය ( මස්ජිදුන් නබවි )

ඉස්ලාමයේ තුන් වැනියට ඉදිවූ අති ශුද්ධ වූ පල්ලිය තමයි මදිනා පල්ලිය කියන්නේ. මුහම්මද් නබි තුමා තම ජීවිතයේ වැඩිම කාලයක් වාසය කළේ මදිනා නගරයේය. මදිනා නගරයේ ඔහුගේ නිවසත් සමඟ තමා මෙම පල්ලිය ඉදි කර තිබෙන්නේ. මෙය මුහම්මද් (PBUH ) නබි තුමා විසින්ම ඉදි කරන ලද පල්ලියකි. මෙම පල්ලියේ වර්තමාන විශාලත්වය වර්ග මීටර 87,000 පමණ වෙනවා. මුහම්මද් නබි තුමාගේ දේහය තිබෙන්නේද මෙම මදිනා පල්ලියේ ඔහුගේ නිවස තුලය. මෙම මදිනා පල්ලියට කියා විශේෂිත නැමදුමක් .නැහැ. නමුත් මක්කා වන්දනය සඳහා එන බහුතරය මෙම පල්ලියට ඒමට අමතක කරන්නේත් නැහැ. මදිනා පල්ලිය කියන්නෙත් මක්කම පල්ලිය තරම්ම වැදගත් ඉතිහාසයක් තිබෙන ප්‍රධාන පල්ලියක්. ඉතාමත් අලංකාර විශාල පල්ලියක්.

තව මෙම ස්ථාන දෙකෙහිම වැදගත්කම් ගොඩක් තිබුනද මූලික කොටස් පිලිබඳ ප්‍රමාණවත් දැනුමක් විස්තර කර ඇති බැවින් වැඩි විස්තර අවශ්‍ය විට පමණක් සැපයීමට බලාපොරොත්තු වෙමු.

ජෙරුසලම ( මස්ජිදුල් අක්සා )

ඔබ අප කව්රුත් හඳුනන පලස්තීනයේ පිහිටි මෙම ජෙරුසලම පල්ලිය හා ඒ අවට භුමිය කියන්නේ මුස්ලිම් වරුන්ට මක්කාව මදීනාව මදීනාව හා සමාන වැදගත්කමක් ඇති ශුද්ධ වූ පුජණීය ස්ථානයක්. මෙම පල්ලියේ වර්තමාන විශාලත්වය වර්ග මීටර 35000 පමණ වෙනවා. මිහි තලයේ ඉදිවූ අල්ලාහ් දෙවියන් වහන්සේගේ දෙවන නිවස ලෙස මෙය හදුන්වනවා. මෙම පල්ලියට ඉස්ලාමයේ හදුන්වන්නේ “මස්ජිදුල් අක්සා” යනුවෙනි. ශුද්ධ වූ අල් කුරාණයේ මෙම පල්ලිය සම්බන්ධව ස්ථාන සෘජුව හා වක්‍රව ආසන්න වශයෙන් ස්ථාන 70ක සඳහන් වී තිබෙනවා. අල්ලාහ් දෙවියන් වහන්සේ විසින්ම මෙම පල්ලිය හා අවට භුමිය සෞභාග්‍යමත් භූමියක් ලෙස නම් කර තිබෙනවා. මුහම්මද් නබි තුමාගෙ කාළ වකවානුවේද කාලයක් තිස්සේ මුස්ලිම් වරුන්ගේ නැමදුම් දිශාවක් ලෙස මෙම පල්ලිය යෙදී තිබුණා..

මෙම ජෙරුසලම පල්ලිය හා ඒ අවට පරිසරය කියන්නේ ලොව පළමු මිනිසා වන “ආදම්” තුමාගේ කාලය දක්වා දිගු හැරෙන ඉතිහාසයක් ඇති පල්ලියක්. ඉස්ලාමයේ බොහොමයක් නබි වරුන් (දේව ගැත්තන්) විසුනු සහ ඔව්න්ගේ සහ ඔව්න්ගේ පවුල් වල සාමාජිකයින් ගේ මෘත දේහයන් තබා ඇති ස්ථානයක්. ඇති උතුම් ජේසු නබි තුමාගේ උපත සිදු වුනේ ද මෙහිදී ය. එමෙන්ම අති උතුම් මුහම්මද් නබි තුමන්ද අල්ලාහ් දෙවියන් වහන්සේ හමුවට අහසට ගිය ඒ විශ්මිත සිදුවීමද සිදුවුනේ මෙම පල්ලියේ සිටය. මෙලෙස බොහොමයක් නබි වරුන්ගේ වැදගත් සිද්ධීන් රාශියක් අන්තර්ගත වූ ශුද්ධ වූ පල්ලියක් තමා මෙම පල්ලිය. ඉස්ලාමය අනුව මෙම පල්ලියේ ඇති වැදගත් කම් කියනවා නම් කියා නිම කළ නොහැකි තරම් ය.. එපමණක් නොව මුස්ලිම් වරුන් ගේ විශ්වාසයන් අනුව ලෝක අවසානයේ පෙර නිමිත්තක් ලෙස සලකන ජේසු නබි තුමන්ගේ නැවත ආගමනය සිදුවන්නේ ද මෙම පල්ලියටය.

නමුත් යුදෙව්වන් විසින් මෙම පල්ලිය හා අවට ප්‍රදේශය තමන්ට පමණක් අයිති ප්‍රදේශයක් කියන මතයේ සිටින නිසා කලින් කලට එහි වසන මුස්ලිම් වරුන් සමඟ ආරවුල් ඇති කරමින් තම ආධිපත්තිය පවත්වාගෙන යෑම අවාසනාවට කරුණක්. අදටත් මෙම පුජනීය ස්ථානය තිබෙන්නේ යුදෙව්වන්ගේ පාලනයේය. වර්තමානයේ ඔබට අසන්නට ලැබෙන ඊශ්‍රායෙල් හා පලස්තීන ගැටුමට හේතුවද මෙයයි. අඩුම වශයෙන් මෙම පුජනීය ස්ථානය මුස්ලිම් හා ක්‍රිස්තියානි ආගම් දෙකටම කෞතුක වස්තුවක් සේ නිදහසේ නැරඹීමට අවස්තාව සලස්වන්නේ නම් මේ තරම් අහිංසක පවුල් දහස් ගණනක් හා දේපළ විනාශයක් වලක්වා ගැනීමට ලැබෙනවා.

100% LikesVS
0% Dislikes

Share කරන්න