Share කරන්න

මෙම ශබ්දයට ඉස්ලාමයේ හදුන්වන්නේ අzසාන් (Azan) යනුවෙනි.

ඉස්ලාමයේ මුස්ලිම් වරයෙකුට අල්ලාහ් දෙවියන් විසින් පවරා ඇති අනිවාර්ය වගකීම් පහෙන් එකක් තමයි සලාතය නොහොත් නැමදුම කියන්නේ. මෙම සලාතය දවසකට පස් වේලක් නැමැදිය යුතුය. මෙය ඉටු නොකරන්නාට ඉස්ලාමයේ කිසිදු පංගුවක් නොමැත. සියලු මුස්ලිම් වරුන් මෙම වෙලාවට පල්ලියට පැමිණ සලාතය ඉටු කර යුතුය. කාන්තාවන්ට පල්ලියට පැමිණීම අනිවාර්ය නොවේ. මෙම අZසාන් ශබ්දය යොදාගන්නේ මෙම නැමදුම (සලාතය) සඳහා කැඳවීමේ එකම ක්‍රමය වශයෙනි.

මුහම්මද් නබි තුමන් (PBUH) හට එකළ අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් පළමු වරට මෙම සලාතය හදුන්වා දුන් පසු මුහම්මද් නබි තුමන් (PBUH) හා ඔහුගේ අනුගාමිකයින් හට ප්‍රශ්නයක් හට ගනුනේයේ. එනම් මෙම සලාතය නියමිත වෙලාවට මුස්ලිම් වරුන් හට දැනුම් දෙන්නේ කෙසේද යන්නය. එවිට නොයෙකුත් අය නොයෙකුත් අදහස් දුන්නේය. සලාතය නියමිත වෙලාවට කන්දක් උඩ ගිණි මැලයක් පත්තු කිරීම, සීනුවක් ගැසීම යනාදී වශයෙන් අදහස් එන්නට ගැනුණි. එවිට අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් මුහම්මද් නබිතුමාගේ එක් අනුගාමියෙක් නොහොත් සහාබාවරයෙකු වෙත දවසක් සිහිනයක් මගින් මෙම අz සාන් ක්‍රමය හදුන්වා දෙන ලදී. පසු දින මෙම සිහිනය පිලිබඳ මුහම්මද් නබි තුමන් හට පැවසු විට මුහම්මද් නබි තුමන් විසින් මෙම ක්‍රමය සලාතය සඳහා කැඳවීමේ එකම ක්‍රමය ලෙස සම්මත කරන ලදී. මෙය කුමන රටක වුවද අරාබි භාෂාවෙන් පමණක් කිව යුතු අතර පුද්ගලයා අනුව, ප්‍රදේශය අනුව, මෙම අZසාන් ශබ්දයේ තාලයේ වෙනස්කම් ඇති විය හැකි නමුත් භාෂාව සහ අර්ථය එකම වේ. මෙයින් කියවෙන්නේ කුමක්දැයි එහි අර්ථය සොයා බලමු.


“අල්ලාහ් අති ශ්‍රේෂ්ඨයි //
නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිදු දෙවි කෙනෙකු නොමැත යැයි මා සාක්ෂි දරමි //
මුහම්මද් නබි තුමාණන් එතුමන්ගේ රසූල් වරයෙකු ( දුතයෙකු) බව මා සාක්ෂි දරමි//
සලාතය සඳහා පැමිණෙන්න //
ජයග්‍රහණය සඳහා පැමිණෙන්න //
අල්ලාහ් අති ශ්‍රේෂ්ඨයි //
නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිදු දෙවි කෙනෙකු නොමැත”

මෙම අzසාන් පවසන වෙලාවේ දී සියලු වැඩ කටයුතු නවතා මෙයට හොදින් සවන් දීම මුස්ලිම් වරයෙකුට අනිවාර්ය වන අතර මෙය පවසන අවස්ථාවේ දී වෙනත් දේවල් කතා කිරීම තහනම් ය. කොටින්ම ශුද්ධ වූ අල් කුර්ආණය පරායණය කිරීම පවා තහනම්.

50% LikesVS
50% Dislikes

Share කරන්න