වෙළඳාම
ඉස්ලාමයේ ඕනෑම කෙනෙකුට වෙළදාම කිරීමට අවසර ඇත. කාන්තාවක් වුවද පුජකයෙක් වුවද වෙළදාම කිරීමට අවසර ඇත. වෙළදාම කිරීමද ඉස්ලාම් ආගමට අනුව එක් පිනක් ලෙස සැලකේ. හේතුව ඒ මගින් ඕනෑම කෙනෙකුට තම යටතේ සිටින අයට අහාර පාන ආදී සැපයීම සහ වෙනත් වගකීම් ඉෂ්ට කිරීමට හැකියාව ලැබෙනු ඇති අතර කිසිවකුටත් අත නොපා ගෞරවාන්විථව ජීවත්වීමේ හැකියාව ලැබෙන නිසාය.
මුහම්මද් නබි තුමා (PBUH ) පැවසු බව අබු හුරෛරා තුමා දන්වයි, ඔබලාගෙන් කෙනෙක් දර මිටියක් තම පිටමත ඉසිලීම, ජනයින් වෙත අතපෑමට වඩා ඔහුට උසස් වන්නේය. ඔහුට ජනයින් දුන්නද, නොදුන්නද කම් නැත. (හදීස් ග්‍රන්ථය : බුහාරි මුස්ලිම්)
මුහම්මද් නබි තුමා (PUBH ) පැවසු බව මික්දාද් ඉබ්නු ම;දි කරීබ් රලියල්ලාහු අන්හු තුමා දන්වයි. කෙනෙක් තම දෑතින් උපයා ගන්නා ආහාරයට වඩා උසස් ආහාරයක් අනුභව කළ නොහැක. අල්ලාහ්තආලාගේ නබිවරයෙකු වූ දාවුද් තුමා තම දැතින් උපයා ආහාර අනුභව කරන්නෙකු වුහ. ( හදීස් ග්‍රන්ථය – බුහාරි)
මෙලෙස උදාහරණ කිහීපයක් ගෙන හැර දැක්විය හැක. මෙම සියලු නිදසුන් තුළින් වෙළඳාම් කිරීම දිරිමත් කිරීමක් ඉස්ලාමය සිදු කරයි.
වෙළඳාමේ තහනම් කොටස
නමුත් එක් වෙළදාමක් තුළ පහත සඳහන් කරුණු අඩංගු නම් එම වෙළදාම ඉස්ලාමයේ තහනම් වන්නේය. ඒවා නම්
1. පොළිය ගැනීම , පොලිය දීම සහ පොළියට සහය වීම
2. වංචාව , සූදුව.සොරකම
3. ඉස්ලාමයේ තහනම් කරන ලද දෙයක් විකිණීම සහ විකිණීමට සහය දීම.. (උදා – මත්පැන් , ගණිකා මඩම්., ඌරු මස් තිප්පොළවල්, ….)
වෙළදාම සම්බන්දෙන් අල් කුරාණයේ සඳහන් ඔවදන් කිහිපයක් නම් මෙසේය.
“නුඹලා යමක් මැන දෙනවිට මිනුම් සම්පූර්ණ කරව්. තවද නුඹලා එහි අඩුපාඩුකම් කර අන් අයට අලාභ කරන්නන් අතුරින් නොවව්. තවද නුඹලා සෘජූ තුලාවකින් කිරව්. තවද නුඹලා ජනයාට ඔවුන්ගේ භාණ්ඩ නියමිත ප්‍රමාණයට වඩා අඩු නොකරව්.තවද නුඹලා මිහිතලයේ කලහකාරකම් පතුරුවමින් සීමාව ඉක්ම නොයව්. ” (අල් කුරාණය (26:181-183)
හකීම් ඉබ්නු හිසාම් (රලි ) අන්හු තුමා දන්වයි. ” විකුණන්නා හා පාරිබෝගිකයා දෙදෙනාම එම ස්ථානයෙන් වෙන්වී යාමට පෙර එම වෙළඳාම නතර කරගැනීමට අයිතියක් තිබේ. එම දෙදෙනා සත්‍ය ප්‍රකාශ් කර දෙදෙනාම වෙළඳාම් කරන භාණ්ඩයේ ඇති අඩුපාඩු මනා ලෙස පැහැදිළි කර ගන්නේ නම්, එම දෙදෙනාගේ වෙළඳාමේහි අභිවෘධිය ඇති වේ. එම දෙදෙනා එහි ඇති දේ සඟවා අසත්‍ය ප්‍රකාශ කළහොත්,එම වෙළඳාමේ අභිවෘධිය ඉවත් කරනු ලැබේ.” යැයි මුහම්මද් නබි තුමා (PBUH ) පැවසුහ. ( හදීස් ග්‍රන්ථය – බුහාරි, මුස්ලිම්)
“ෂෙයිතාන් (නපුරා) අපේක්ෂා කරනුයේම සුරාව හා සූදුව මගින් නුඹලා අතර සතුරුකම ද ක්‍රෝධය ද ඇති කිරීමට හා අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් ද සලාතයෙන් ද නුඹලාව වැළැක්වීමටය. එබැවින් නුඹලා එයින් වැළකී සිටින්නෙහුද!” (අල් කුරාණය 5:95)
“පොලිය අනුභව කරන්නන්, ෂෙයිතාන්* (තම) ස්පර්ශයෙන් කවරෙකුව උන්මාදයට පත් කරන්නේ ද එවැන්නෙකු නැගිටින්නා සේ මිස (මළවුන් නැගිටවනු ලබන දිනයේ) ඔවුහු නොනැගිටති. මෙ(ම දණ්ඩන)ය ‘අලෙවිය ද පොලිය මෙන්ම යැ’යි ඔවුහු ප්‍රකාශ කළ හේතුවෙනි. අල්ලාහ් අලෙවිය අනුමත කර තිබෙන අතර පොලිය තහනම් කර තිබේ.183 කවරෙකු වෙත තම පරමාධිපතිගෙන් උපදෙසක් පැමිණ, (පොලියෙන්) වැළකෙන්නේ ද, එවිට පෙර වූ දෑ(පෙර ගත් පොලිය) ඔහුට අනුමතය. ඔහුගේ විෂය (පිළිබඳ විනිශ්චය) අල්ලාහ් වෙතය. කවරෙකු නැවත (පොලිය වෙත) යොමු වන්නේ ද, එවිට ඔවුන්ය (නිරා) ගින්නේ සගයින් වන්නේ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.” (අල් කුරාණය 2:275)
“අල්ලාහ් පොලිය විනාශ කරන්නේය. සදකාවන්*(දාන ධර්මයන්) වඩවන්නේය. තවද සෑම පාපතර වූ ප්රතික්ෂේපකයෙකුවම අල්ලාහ් ප්‍රිය නොකරන්නේය.” (අල් කුරාණය 2:276)
පාරිබෝගිකයාගේ තරාතිරම බලා මිළ අඩු වැඩි කිරීමද ඉස්ලාමයේ තහනම් ය.(හරාම් ය). යම් පුද්ගලයෙකු ඉහත කී වංචාව, බොරුව,සූදුව,පොළිය යන තහනම් කරුණු අඩංගු කොට වෙලදාම් කරන්නේ ද ඔහු කුමන මහා පින් කමක් කලත්, ඔහු එම මුදලින් ඉස්ලාමයේ අති ප්‍රබල පින්කමක් වන මක්කා වන්දනය සඳහා නිරත වුවද, එම කිසිදු පින්කමක් ඔහුට පළ ගෙන දෙන්නේ නැත. තවද එම මුදල් නිසා ඔහු කෝටි ගණන් මුදල් ඉපැයුවද ඔහුට එයින් කිසිදු සැනසීමක්,සතුටක්, තෘප්තිමත් බවක් ගෙන දෙන්නේ නැත. ඔහුට හා ඔහුගේ එම මුදලින් යැපෙන්නන්ටද එම මුදල් නිසා අහයපතක් ම වන්නේය යන්න ඉස්ලාමය විදහා දක්වයි.
ලාබය දුප්පතුන් සඳහා වෙන් කිරීම
තවද, තම වෙළඳාමෙන් අතිරික්ත ආදායමක් ලබන එනම් ධනවාදී වෙළඳුන් , තම වාර්ෂික ශුද්ධ ඉතුරුවෙන් සහ ස්ථීර දේපළ වල වටිනාකමෙන් 2.5% ප්‍රතිශතයක් දුප්පතුන් සඳහා වෙන් කර එය ඔව්න් අතරේ බෙදාහැරීම අනිවාර්ය කර ඇත. මෙම අනිවාර්ය වූ දානයට ඉස්ලාමයේ ” Zසකාත්” යනුවෙන් හදුන්වනවා. මෙම සකාතය නියම ආකාරයෙන් පිලිපදින්නාගේ දේපළ සහ වෙළඳාම සුරැකීම අල්ලාහ් දෙවියන් වහන්සේගේ වගකීමක් වන බව අල්ලාහ් දෙවියන් වහන්සේ ශුද්ධ වූ අල් කුරාණයේ පවසා ඇත. එළෙසම කව්රුන් එය නොපිළිපදින්නේද ඔහුගේ දේපළ වළින් ඔහු ප්‍රයෝජනයක් නොලබයි සහ ඔහුට මරණින් පසුවද දැඩි දඬුවම් සහිත නිරය හිමි වන බව ඉස්ලාමය අනතුරු හඟවයි.
මෙම සකාතය පිළිබඳ වැඩි විස්තර අවශ්‍යය නම් අප වෙත පහත comment හි සඳහන් කරන්න. එවිට ඒ පිලිබඳ සවිත්තරාත්මක විස්තරයක් ඔබ වෙත ගෙන ඒමට අප බැදී සිටිමු.
ධනවතුන්ට පමණක් නොව සාමාන්‍යය ලෙස වෙළඳාම් කරන පුද්ගලයින්ට පවා ඉස්ලාමයට ඔව්න්ට හැකි තරමක් දුප්පතුන් සඳහා දන් දෙන ලෙස සඳහන් කර ඇත. සාමන්‍යය ආදායමක් ලබන වෙළදුන්ට සකාතය අනිවාර්ය නොවන වුවද, හැකි අන්දමින් දුප්පතුන් සඳහා දානය දෙමින් තම වෙළඳාමේ සරු පළ නෙළා ගනු ලෙස ඉස්ලාමය අවධාරණය කරයි. මෙම අනිවාර්ය නොවූ දානයට ඉස්ලාමයේ ” සදකා ” යනුවෙන් හැදින්වේ.
සදකාව (දානය) ඔබලා හෙළිදරව් කරන්නේ නම් එයද යහපත් ය. තවද ඔබලා රහසින් දුප්පතුන්ට ලබා දුන්නොත් එය ඔබලාට වඩා අගනේය.තවද එය ඔබලාගේ පාපයන් ඔබලාගෙන් ඉවත්කරයි. ඔබලා කරන දේ අල්ලාහ් හොදින් දනියි. (අල් කුරාණය 1:271)
ඉහත කී සදකා සහ සකාතයන් දෙකම ඉටු කිරීමේදී එය හුදෙක් අල්ලාහ් දෙවියන් වහන්සේගේ තෘප්තිය, එතුමන්ගේ ආදරය පමණක් අපේක්ෂාවෙන් කල යුතු අතර තමා යහපත් යැයි ද ධානපතියෙකු ලෙසද සමාජයට පෙන්වා ගැනීමේ චේතනාවෙන් කරන්නේ නම් එම දාන ධර්මයෙන් කිසිදු ඵලක් දානය පිරිනමන්නා ලබන්නේ නැති බවද ඔව්න්ට මරණින් පසු ජීවිතයේද දැඩි දඬුවම් ඇති බව ඉස්ලාමය අනතුරු හඟවයි.
ණය ලබා ගැනීම් සහ ගිවිස ගැනීම්
අල්ලාහ් දෙවියන් වහන්සේ අපට ව්‍යාපාර කිරීමේදී ණය සම්බන්දව ගනුදෙනු කර යුත්තේ කෙසේද යන්නද ශුද්ධ වූ අල් කුරාණය හරහා මෙලෙස පෙන්වා දෙනවා .
(282) විශ්වාස කළවුනි, නුඹලා නියමිත කාලයකට ණයක් ගිවිස ගන්නේ නම් එය ලිඛිතව සටහන් කර ගනිවු. තවද ලියන්නා නුඹලා අතර යුක්ති සහගතව ලියා තැබිය යුතුය. අල්ලාහ් තමන්ට ඉගැන්වූ අයුරින් ලියන්නා ලිවීමට පසුබට නොවිය යුතුය. එහෙයින් ඔහු ලියා තැබිය යුතුය. තවද කවුරුන්හට වගකීම පැවරෙන්නේ ද (ණය ගැති) ඔහු (තම වගකීම පිළිබඳව කියවා) ලේඛනගත කරවිය යුතුය. ඔහු තම පරමාධිපති වන අල්ලාහ්ට බිය භක්තිමත් විය යුතුය. තවද (ලේඛනගත කර වීමේ දී) එයින්(ණය මුදලින්) කිසිවක් අඩු නොකළ යුතුය. තවද කවුරුන්හට වගකීම පැවරෙන්නේ ද (ණය ගැති) ඔහු අනවබෝධයෙන් හෝ දුර්වලතාවෙන් හෝ ලේඛනගත කරවීමට නොහැකියාවෙන් සිටින්නේ නම්, ඔහුගේ භාරකරු යුක්ති සහගත ලෙස ලේඛනගත කරවිය යුතුය. නුඹලාගේ පිරිමින්ගෙන් සාක්ෂිකරුවන් දෙදෙනෙකු සාක්ෂිය සඳහා පත් කර ගනිවු. පිරිමින් දෙදෙනෙකු නොවී නම් සාක්ෂිකරුවන් අතුරින් නුඹලාට තෘප්තිමත් විය හැකි පිරිමියෙක් හා ස්ත්‍රීන් දෙදෙනකු( විය යුතු)ය.185 ඔවුන් දෙදෙනාගෙන් එක් තැනැත්තියකට වැරදීමක් ඇති වුවහොත් ඔවුන් දෙදෙනාගෙන් වූ අනෙක් තැනැත්තිය විසින් සිහි කර දෙනු පිණිසය. තවද (සාක්ෂිය සඳහා) කැඳවනු ලැබූ විට සාක්ෂිකරුවන් ප්‍රතික්ෂේප නොකළ යුතුය. (ණය ප්‍රමාණය) කුඩා වුවද විශාල වුවද එහි නියමිත කාලය තෙක් එය සටහන් කිරීමට නුඹලා උදාසීන නොවවු. එය අල්ලාහ් අබියස ඉතා සාධාරණීය ය. තවද සාක්ෂිය සඳහා ඉතා ප්රබලවත්ය. නුඹලා සැකයන් ඇති කර නොගැනීමට ඉතා සමීපය. නුඹලා අතර (අත්පිට මුදලට සිදු කරන) වත්මන් ව්‍යාපාරයක් මිස, එවිට එය නුඹලා ලියා නොතැබීම නුඹලාට වරදක් නැත. නුඹලා එකිනෙකා වෙළඳ ගනු දෙනු කර ගන්නේ නම් සාක්ෂීන් පත් කර ගනිවු. ලියන්නා සහ සාක්ෂිකරුවා කිසිදු අපහසුතාවට ලක් කරනු නොලැබිය යුතුය. එසේ නුඹලා කරන්නෙහු නම් සැබැවින්ම එය නුඹලා වෙත වූ පාපයකි. තවද අල්ලාහ්ට බිය භක්තිමත් වවු. අල්ලාහ් නුඹලාට උගන් වන්නේය. අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්වඥය.(අල් කුරාණය 2:282)
ණය ලබා ගැනීමේදී , ණය ලබන්නා එම ලබා ගත් ණය අනිවාර්යෙන් නැවත පියවිය යුතුයි යන්න යහපත් සහ අධිෂ්තානශීලී අරමුණකින් ලබා ගත යුතු බවද අවධාරණය කරන අතර කරනු ලබන සෑම ගනුදෙනුවක්ම සාක්ෂි සහිත ලිඛිත ගිවිසුමක් සහිත කිරීම යෝග්‍යය යැයි අවවාද කර ඇත.
ඉහත කී සියලුම කරුණු සියල්ල වෙළඳාමට පමණක් නොව රැකියාවටද එලෙසම වලංගු වන බව මතක තබා ගත යුතුයි.