Share කරන්න

ඉස්ලාමයට එරෙහි පදනම් විරහිත චෝදනාවන්ට පැහැදිලි විග‍්‍රහයන් කිරීමට අප මෙයින් බලාපොරොත්තු වෙමු

සමීප කලක පටන් ඉස්ලාම් විරෝධී වෙබ් අඩවි මගින් හා සමාජ මාධ්‍යය ඔස්සේ පිවිතුරු ඉස්ලාමයට කැළලක් එක් කිරීමට ඉස්ලාම් විරෝධීන් උත්සුක වීම අප නිතර සවන් දෙන්නෙමු. එමෙන්ම විවිධ චෝදනා ඉදිරිපත් කර තිබීම ද අප දකින්නෙමු.

අප සංවිධානය සහෝදර ලාංකේය ප‍්‍රජාවට ඉස්ලාමය පිළිබඳව මතුවන්නා වූ ගැටළු පහදා දීමට බැඳී සිටින අතර ඉස්ලාමය පිළිබඳව කරුණු විකෘති කරමින් පල වන්නා වූ වෙබ් අඩවි කරා නොගොස් ඔබගේ ප‍්‍රශ්න අප වෙත යොමු කරන මෙන් දන්වා සිටින්නෙමු. වර්තමානයේ ඉස්ලාමය විකෘති කිරීම හා එවන් ඉස්ලාම් භීතිකා ප‍්‍රචාර ප‍්‍රචලිත කිරීම ජාත්‍යන්තරව ඉතා ලාභදායි කර්මාන්තයක් බවට පත්ව ඇත. මේ සියල්ල කිසිදු පදනමකින් තොර වූ ඉස්ලාම් වෛරය හා පිළිකුල ඇති කිරීම සඳහා තුනී වාතයෙන් අහුලා ගත් හුදු හිස් ප්‍රතිළාබ බව අවධාරණය කරන්නෙමු.

ඇතැම් ඉස්ලාම් විරෝධීන් විසින් ඉස්ලාමය පිළිබඳ නොයෙකුත් ව්‍යාජ මතයන් සමාජ ගත කරමින් ‘බොරුව හා මුලාව, හිංසනය හා භීෂණය හා සමාජ සංහිඳියා විරෝධී ක‍්‍රියා, යනාදිය ඉස්ලාමයේ සංකල්පයන් බව දැක්වීමට වෙර දරා ඇති අන්දම අපට ඉතා පහසුවෙන් වටහා ගත හැක.

ලොව පවතින අනෙකුත් ආගම් වලට සමානව හෝ ඊටත් වඩා ඉස්ලාමය සහජීවනය හා සංහිඳියාව අවධාරණය කරන්නක් බව දන්වා සිටින්නට කැමැත්තෙමු. මේ පිළිබඳව නිදසුන් රාශියක් තිබෙන අතර ශ‍්‍රී ලාංකේය මුස්ලිම් ජනයා එම ඉගැන්වීම් වචනයට සීමා නොකොට ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කළ අන්දම ශ‍්‍රී ලාංකේය මුස්ලිම්වරුන්ගේ සහශ‍්‍රයකට අධික ඉතිහාසය ඊට කදිම නිදසුනක් ලෙස අප ඉදිරියේ පවතී. මෙම මාතෘකාව පහතින් සාකච්ඡා කරන අවස්ථාවේ දී මෙම නිදසුන් ගෙනහැර දක්වන්නට කටයුතු කර ඇත්තෙමු.

ඉස්ලාමයට එරෙහිව යුදමය චෝදනා නැගීමට ප්‍රධාන හේතුව වශයෙන් මා දකින්නේ ශුද්ධ වූ අල් කුරාණයේ සඳහන් පහළ දැක්වෙන වැකීන් වේ. 

මේ සියළු වැකීන් විස්තර කිරීමට පෙර ඒවා පහළ වීමට හේතුව සහ පසුබිම පිලිබඳ අධ්‍යනය කර බලමු. මුහම්මද් නබි තුමානන්ට (PBUH) නබිත්වය ලැබූ පසු එතුමන් තම පව්ලෙන් පටන් ක්‍රම ක්‍රමයෙන් ඉස්ලාමය ප්‍රචාරය කරමින් සිටියේය. එතුමන්ගේ සත්‍ය පමණක් කතා කිරීම, ඉවසීම, සහ කරුවනවන්ත බව යන ගුණාංග  නිසාවත්ම ක්‍රම ක්‍රමයෙන් ඉස්ලාමය වර්ධන වන්නට පටන් ගත්තේය. නමුත් මෙයට එරෙහි වූවෝද නැත්තේම නොවේ. මෙම සීග්‍ර වර්ධනයත් සමග  එවටට සිටි රජවරුන්, සහ වෙනත් ගෝත්‍රික නායකයන් ඔව්න්ගෙන් තම නායකත්වය ගිලිහි මුහම්මද් නබි තුමාට හිමිවේදෝ යන්න චකිතයක් ඔව්න් තුළ මතුවිය. එත් සමගම ඉස්ලාමය වැළඳගත් පුදගලයින් හට ක්‍රම ක්‍රමයෙන් වධ හිංසා කිරීමට පටන්ගත් ඔව්න් ඝාතනය කිරීමට තරම් දුර දිග ගෙන ගියේය. කෙතරම් වධ හිංසා මරණ තර්ජන තිබුනද ඉවසීම සහ කරුණාවන්ත කම,සහ සමාව දීම යන ගුණාංග තුළින් පමණක් ම මුහම්මද් නබි තුමා  තම ඉස්ලාමය ප්‍රචාරය කරමින් සිටියේය. ඉස්ලාමය වැළඳ ගත් ඔහුගේ අනුගාමිකයන්ටද සතුරන්ගේ තර්ජන වලට පළි ගැනීමට හෝ ප්‍රති ප්‍රහාර දීමට ඉස්ලාමයේ අවසර නොමැත. මෙලෙස කීප දෙනෙකු ඝානතයටද ලක් විය. මෙම හිංසාව දරාගැනීමට නොහැකිම අවස්තාවක මුහම්මද් නබි තුමන් සහ ඔහුගේ අනුගාමිකයින් නොහොත් සහබාවරු මක්කම සිට මදීනාව වෙත පලා ගියෝය. එහිදීද ඔවුනට නිදහසේ මක්කාවේ විසු සතුරන් ඉඩ දුන්නේ නැත. දිගින් දිගටම ඔව්න්ගේ තර්ජන එල්ල විය.මෙලෙස දුර දිග ගිය මෙම වාතාවරණය අන්තිමේදී සතුරන් විසින් යුද්ධයට ආරාධනාවක් ලැබීය. යුක්තිය සහ සාධාරණය සහ සාමය ජයගැනීම අරමුණ තකා අල්ලාහ් දෙවියන් විසින් අල් කුරාණය හරහා මුහම්මද් නබි තුමාණන්ට ප්‍රථම වතාවට සතුරන්ට පහර දීම සඳහා යුද්ධ කිරීමට අවසර ලැබීය. පසුව මුස්ලිම් වරුන් 300ක් සහ ඔව්න්ට එරෙහිව  සතුරන් 1000ක් ද යුතුව “බදර් ” නම් යුද්ධය ඇතිවිය. මෙම යුද්ධය සාර්ථකව ජය ගැනීම සඳහා අල්ලාහ් වහන්සේ විසින් අල් කුරාණය හරහා සේනාධිපතියෙකු වශයෙන් නොයෙකුත් මග පෙන්වීම් සිදු කළේය. මෙම යුද්ධයෙන් මුස්ලිම් වරුන් ජයගත්හ. ඉන්පසුවත් “කන්දක්” “උහද්” යනුවෙන් යුද්ධයන් කිහිපයක් ඇතිවිය.ඒ සියල්ලෙන්ම “උහද්” යුද්ධයේ හැර අනෙක් සියලු යුද්ධ වලින් මුස්ලිම් වරුන් ජයගත්හ. මේ සියලු යුද්ධයන් වලදී මුස්ලිම් වරුන්ට තම සතුරන්ගේ කූථ උපායන් වලින් වැළකී සිටීම පිණිස අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් අල් කුරාණය හරහා මග පෙන්වීය. සේනාධිපතියෙකු කිසිවිටෙක තම සතුරන් ඉදිරියේ නිහඩව සිටින්න, මෛත්‍රීය දක්වන්න යැයි පවසන්නේ නැත. සැමවිටම දුටුවිට පහර දෙන්න යයි පවසන්නේය. එසේම අල්ලාහ් දෙවියන් වහන්සේද යුධ වාතවරනයකදී පමණක් තම ප්‍රතිවාදීන් දුටු තැන මරා දමන්න යැයි අණ කළේය.  මෙකි පහළ වූ වැකින් අද සමාජයේ ජාතිවාදය , බෙදුම්වාදය, පැතිරවීම සඳහා නපුරු බලවත් බලවේග විසින් විකෘති කොට ප්‍රචාරය කරමින් තම අරමුණු ඉටු කරමින් සිටි. දැන් ඒ පහළ වූ වැකීන් කුමක්ද යැයි බලමු. 

චෝදනාව 01 – ජිහාද් යනු ත‍්‍රස්තවාදයවේ.

මෙම කොටස අප “ජිහාදය සහ ත්‍රස්තවාදය – 1 වන කොටස” තුළින් පැහැදිළි කොට ඇත. 

චෝදනාව 02 – අනිවාර්යයෙන් සටන් කළ යුතු යැයි ඉස්ලාමය උගන්වයි.

“සටන් කිරීම ඔබට නියම කර ඇත. නමුත් ඔබට හොඳ වූ දේට ඔබ අකැමැති වන්නට පුළුවන” යනුවෙන් කුරානයේ 2:216 වාක්‍යය සඳහන් කරයි

විග්‍රහය:

නිවැරුදි අර්ථය – “සටන් වැදීම නුඹලාට පිළිකුල් වුව ද එය නුඹලාට අනිවාර්යය කරනු ලැබ ඇත. නුඹලාට යමක් යහපත්ව තිබියදී නුඹලා එය පිළිකුල් කළ හැක. තවද නුඹලාට යමක් අයහපත්ව තිබියදී නුඹලා එය ප‍්‍රිය කළ හැක. අල්ලාහ් ඒ බව මැනවින් දන්නේය. තවද නුඹලා නොදන්නෙහුය. ” 2:216

මෙම වාක්‍යයෙහි සඳහන් වී ඇත්තේ සටන් කිරීම අනිවාර්ය කිරීම පිළිබඳවය. මෙම වාක්‍යයෙන් දක්වන මතය එනම් සටන් කිරීම නොහොත් හමුදා සේවය අනිවාර්ය කිරීම යුක්තිය හා සාධාරණය රජ කිරීමට වෙර දැරීම සඳහා පමණක් බව අල් කුර්ආන් විවරණ ග‍්‍රන්ථයන්හි සඳහන් වී ඇත. තවද මෙම සංකල්පය වර්තමාන ලෝකයේ රටවල් බොහොමයක ක‍්‍රියාත්මක වන්නකි.

ආර්මේනියාව, ඔස්ටි‍්‍රයාව, බෙලරූස්, අසර්බයිජාන්, බර්මූඩා, බ‍්‍රසීලය, මියන්මාරය, සයිප‍්‍රසය, ඩෙන්මාක්, ඊජිප්තුව, ෆින්ලන්තය, ග‍්‍රීසිය, ඉරානය, ඊශ‍්‍රායලය, උතුරු කොරියාව, දකුණු කොරියාව, මෙක්සිකෝව, නොර්වේ, රුසියාව, සිංගප්පුරුව, ස්විට්සර්ලන්තය, තායිවානය, තායිලන්තය, තුර්කිය, යුක්රේනය සහ එක්සත් එමීර් රාජ්‍යය (UAE) යුද සේවය අනිවාර්ය කොට ඇති රටවල්ය. නෙදර්ලන්තය, නවසීලන්තය, බි‍්‍රතාන්‍යය, ඇමෙරිකානු එක්සත් ජනපදය, ස්වීඩනය, පෝලන්තය, පෘතුගාලය, රොමේනියාව සහ පේරු රාජ්‍යයෙහි කඩින් කඩ යුද සේවය අනිවාර්ය කොට තිබුණි. අප මාතෘ භූමියේ දශක තුනක් තිස්සේ පැවති බෙදුම්වාදී ගැටුම් උත්සන්න වූ අවස්ථාවක හමුදා සේවය අනිවාර්ය කිරීමේ යෝජනා අප රටේ ද මතු විය. තවද අනිවාර්ය යුද සේවය (Conscription) ලංකාවේ අතීතයේ ද පැවති බවත් ලෝකයේ බලවත් ජාතීන්ට මෙරට යටත් කර ගැනීමට අපහසු වූයේ මේ හේතුවෙන් බවත් ඉතිහාස පොත්වල සඳහන් වී ඇත.

අල්ලාහ්ගේ මාර්ගයෙහි සටන් කිරීම අනිවාර්ය කොට ඇත්තේ ලොව බලවත් රාජ්‍යයන් විසින් බලහීන රාජ්‍යයන් හට සිදු කරන ආක‍්‍රමණික ක‍්‍රියාවන් සඳහා මෙන් නොවන බව අල් කුර්ආන් 4:75 හි සඳහන් වී ඇත. තවද මෙම වාක්‍යයෙහි අල්ලාහ්ගේ මාර්ගයෙහි සටන් වැදීම අපරාධයට ලක්වූවන්ගේ විමුක්තිය උදෙසාත් සාමය හා යුක්තිය උදෙසාත් කරන්නක් බව අපට පැහැදිලි කර දෙයි. මෙසේ සටන් වැද සමාජ සාධාරණත්වය හා යුක්තිය ස්ථාපිත කරන්නට කටයුතු නොකරන්නන් ආත්මාර්ථකාමී ලෙස මෙම සටන් අප‍්‍රිය කරමින් එයින් ඉවත් වී සිටින්නට කටයුතු කරන්නට වෙර දැරීම පිළිබඳව ද අල් කුර්ආන් 2:216 හා 4:75 යන වාක්‍යයන් මගින් පිළිබිඹු කර ඇත. ඉස්ලාමය යනු යුක්තිය හා සාධාරණය රජ කිරීමට වෙර දරන දහමක් හෙයින් අයුක්තිය, අසාධාරණය හා අපරාධය එසවෙන්නා වූ අවස්ථාවන්හි ඊට විරුද්ධව වෙර දැරීම අපගේ වගකීමක් බව මෙම වාක්‍ය මගින් පෙන්වා දෙයි.

චෝදනාව 03- දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් මුස්ලිම්වරුන්ගේ සතුරන් වෙති. 

“දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන්ව සමීපතම මිතුරන් කර නොගනිවු” යනුවෙන් කුරානයේ 3:28 වාක්‍යය සඳහන් කරයි.

විග‍්‍රහය:

මෙම වාක්‍යය හා විග්‍රහ කිරීමට බලාපොරොත්තු වන අනෙකුත් වාක්‍ය දෙක 3:95, 3:151 ආලු ඉම්රාන් නම් පරිච්ඡේදයේ සඳහන් වාක්‍ය වෙති. ඒවා විග්‍රහ කිරීමට පෙර එම පරිච්ඡේදය පහළ වූ පසුබිම පිළිබඳ අවධානය යොමු කිරීමට වඩාත් උචිත බව සිතේ. මෙම පරිච්ඡේදයේ බොහෝ වාක්‍ය පහළ කරනු ලැබුවේ මුස්ලිම්වරුන් මක්කාවේ සිට මදීනාවට දේශාන්තරණය කිරීමෙන් පසු ඔවුන්ට සතුරන්ගෙන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු වූ කාල වකවානුවේදීය. මුස්ලිම්වරුන් හා මක්කාවාසී ප‍්‍රතික්ෂේපකයින් අතර මදීනාවට ආසන්න ස්ථානයක් වූ බද්ර් පිටියෙහි දී පළමු විධිමත් යුද්ධය ඇති විය. මෙම තීරණාත්මක යුද්ධය මුස්ලිම්වරුන් විසින් ජය ගනු ලැබුව ද එහි ප‍්‍රතිඵලයක් වශයෙන් පරාජිත මක්කා වාසීන්ට මුස්ලිම්වරුන් කෙරෙහි වූ කෝපය ඉන් පසු වඩාත් දැඩි විය. මෙම යුද්ධයෙන් පසුවසරේදී මක්කාවාසී ප‍්‍රතික්ෂේපකයින් විසින් මදීනා නගරයට පහර දුන් අතර උහුද් නම් ස්ථානයෙහිදී ඇති වූ මෙම යුද්ධයෙන් තාවකාලික පසුබෑමකට මුහුණ දෙන්නට මුස්ලිම්වරුන්ට සිදු විය.

මුස්ලිම්වරුන් හා මක්කාවාසී ප‍්‍රතික්ෂේපකයින් අතර ඍජු යුද වාතාවරණයක් පැවතුණි. නමුත් මදීනාව හා ඒ අවට විසූ යුදෙව්වන් හා කිතුනුවන් නබි මුහම්මද් තුමා සමග ඇති කර ගත් ගිවිසුම් උල්ලංඝණය කරමින් දේව ප‍්‍රතික්ෂේපකයින්ට උපකාර කිරීමට ඉදිරිපත් විය. තවද යුදෙව් හා කිතුනු කණ්ඩායම් සමග බුද්ධිමය වශයෙන් සංවාදයක් මෙම කාල වකවානුවේ දී කෙරෙමින් පැවතිණ. මෙම පරිච්ඡේදයේ බොහෝ වදන් පහළ කරනු ලැබ ඇත්තේ මෙම පසුබිම පදනම් කරගෙනය.

ඉහත සඳහන් වාක්‍යය විචාරයෙන් තොරව කියවන අයෙකුගේ සිත්හි ඉස්ලාම් දහම හා මුස්ලිම්වරුන් පිළිබඳ ඉතා භයානක චිත්ත රූපයක් ඇති වීම සර්ව සාධාරණය. එහෙයින් මේ පිළිබඳ සත්‍යය පදනම් කර ගත් විචාරශීලී විග‍්‍රහයක් ඉදිරිපත් කරන්නට අදහස් කරන්නෙමු. පළමුව ඉහතින් උපුටා දැක් වූ අල් කුර්ආන් වාක්‍යයේ නිවැරදි සිංහල අර්ථ දැක්වීම වෙත යොමු වෙමු.

لَا یَتَّخِذِ الۡمُؤۡمِنُوۡنَ الۡکٰفِرِیۡنَ اَوۡلِیَآءَ مِنۡ دُوۡنِ الۡمُؤۡمِنِیۡنَ ۚ وَ مَنۡ یَّفۡعَلۡ ذٰلِکَ فَلَیۡسَ مِنَ اللّٰہِ فِیۡ شَیۡءٍ اِلَّاۤ اَنۡ تَتَّقُوۡا مِنۡہُمۡ تُقٰىۃً ؕ وَ یُحَذِّرُکُمُ اللّٰہُ نَفۡسَہٗ ؕ وَ اِلَی اللّٰہِ الۡمَصِیۡرُ ﴿۲۸﴾

“විශ්වාසිකයින්, විශ්වාසිකයින් හැර ප‍්‍රතික්ෂේපකයින්ව ආරක්ෂකයින්/ භාරකාරයින්/ සමීප මිතුරන් ලෙස නොගත යුතය. තවද ආරක්ෂක උපායක් ලෙස ඔවුන්ගෙන් නුඹලා පූර්වාරක්ෂාව ලබා ගැනීමට මිස කවරෙකු මෙලෙස කරන්නේ ද ඔහු අල්ලාහ්ගෙන් වූ (දහමෙහි) කිසිවක (හිමිකරුවෙකු) නොවන්නේය. අල්ලාහ් තමන් පිළිබදව නුඹලාට අවවාද කරන්නේය. අවසානයෙහි යොමුවන ස්ථානය අල්ලාහ් වෙතය.” (අල් කුර්ආන් 3:28) 

මෙම පරිවර්තන දෙක බුද්ධිමත්ව කියවන අයෙකුට අල් කුර්ආන් වාක්‍ය විකෘති කොට ඇති ආකාරය පැහැදිලිව දැක ගත හැකිය. මෙම අල් කුර්ආන් වාක්‍යය නිවැරදිව අවබෝධ කරගැනීම සඳහා ඉස්ලාමය තුළ ඇසුරු කිරීම් පිළිබඳ සංකල්පය වෙත අවධානය යොමුකළ යුතු වෙයි. එය පහතින් විග‍්‍රහ කොට ඇත්තෙමු. 

මෙම අල් කුර්ආන් වාක්‍යයේ පසුබිම වන්නේ අන් ආගමිකයින් විසින් කුරිරු ලෙස මුස්ලිම්වරුන්ව මැරීමට හා දේපල හානි සිදු කිරීමට එන්නා වූ අවස්ථාවේ දී හැර අන් අවස්ථාවන්හි නොවේ. යුද තත්ත්වයකදී සතුරු කඳවුරේ අයෙකුව තම සමීප මිතුරෙකු, ආරක්ෂකයෙකු හෝ භාරකරුවෙකු ලෙස පත් කර ගන්නා සිදු කර ගැනීමට පෙළඹෙනුයේ සියදිවි හානි කර ගැනීමකි. කෙනෙකු මුස්ලිම් නොවන්නන්ව සමීප මිතුරන් ලෙස පත්කර නොගන්නා ලෙස අල්ලාහ් පවසා තිබීමෙන් සෑම වර්ගයේම ඇසුරුකම අදහස් නොකෙරේ. ඉහත අපගේ විග‍්‍රහයේ උපුටා දක්වා ඇති අල් කුර්ආන් වාක්‍යයන් මේ පිළිබඳ නිවැරදි මග පෙන්වීම් ලබාදෙයි. මන්දයත් ඉස්ලාමීය කෝණයෙන් ඇසුරු කිරීම වර්ග හතරකට බෙදා වෙන් කොට දැක්විය හැක.

1. ආචාර සම්පන්න ඇසුර (මුදාරාත්) = මෙය පොදුවේ යහ ලෙසින් මෘදු ලෙසින්, සාමකාමීව සත්‍යවාදීව හැසිරීම වේ. නිත්‍යවශයෙන් මෘදුභාවයෙන් හැසිරී කරන ලද විෂයක් ඉතා අලංකාර බවත් මෘදු භාවයෙන් තොරව හැසිරි කරන ලද විෂය ඉතා අවලස්සන බවත් නබි මුහම්මද් තුමාණන් පවසා ඇත. (මූලාශ‍්‍රය : මුස්ලිම් : 6767)

2. සමානාත්මක ඇසුර (මුවාසාත්) = මෙය මිතුරුකමින් හා අන් අයට ප‍්‍රයෝජනයක් වන අයුරින් හැසිරීම සහ ඇතැම් අවස්ථාවන්හි මුදල්මය උපකාර කිරීමද වේ. “කවරෙකුගේ අසල්වැසියා තම හිංසා අපරාධවලින් ආරක්ෂාව නොලබන්නේද ඔහු සත්‍ය විශ්වාසිකයෙකු නොවේ.” යැයි මුහම්මද් තුමාණන් අල්ලාහ් මත දිවුරා පවසා ඇත. (මූලාශ‍්‍රය : තබරානි 8171)

3. ව්‍යාපාරික ඇසුර (මුආමලාත්) = මෙය ගනුදෙනු හා ව්‍යාපාර වැනි මුදල්මය වැඩ කටයුතු වල යෙදීම වේ. නබි මුහම්මද් තුමාණන් මුස්ලිම් නොවන කිතුනු, යුදෙව් හා පාරම්පරික දහම් ඇදහූ පිරිස සමග විවිධ ආකාරයේ මුල්‍යමය සම්බන්ධතාවන් පවත්වාගෙන සිටි බවට විවිධ ඓතිහාසික සාක්ෂි ඉදිරිපත් කළ හැක. මෙය සනාථ කරන වැදගත් සාක්ෂිය වන්නේ නබි මුහම්මද් තුමාණන් මරණයට පත්වන විට එතුමාගේ ලෝහමය යුද ආරක්ෂක ඇඳුම තම පවුලේ සාමාජිකයින්ගේ ආහාර අවශ්‍යතාවන් සඳහා යුදෙව් ජාතිකයෙකුගේ වගකීමේ ඇපයට තබා ණයට ආහාර ලබා තිබීමයි. (මූලාශ‍්‍රය : බුහාරි 2069)

4. ස්වීකරණීය ඇසුර (මුවාලාත්) = යුදබිමේ දී මුස්ලිම්වරුන්ට විරුද්ධකම් කරන පිරිස සමග හෝ ඕනෑම අයෙකු සමග තමන්ගේ මුළු සංස්කෘතියම වෙනස් වන හා හානියක් වන ප‍්‍රමාණයට ඇසුරුකම් තැබීම.

ඉහතින් අල් කුර්ආන් 3:28 වාක්‍යයෙන් ඇසුරුකම තහනම් කොට ඇත්තේ හතර වන ප‍්‍රභේදයට අයත් පිරිස සමග එකී අයුරින් ඇසුරුකම් පෑම පමණය. ඒ සඳහා වූ නිවැරදි විග‍්‍රහය පහතින් ඇති අල් කුර්ආන් වාක්‍යයෙන් තවදුරටත් පැහැදිලි වේ. මෙම පිරිස සමග කටයුතු කිරීමේ දී තම ජීවිතය හා දේපල ආරක්ෂා කර ගැනීම පිණිස ආරක්ෂක උපායක් හැටියට සත්‍යය සගවා කටයුතු කිරීමට ඉස්ලාමය අනුමැතිය ලබා දී ඇත. 3:28 වාක්‍යය යටතේ ඔබ විසින් ඉබ්නු කසීර් විද්වතාගෙන් උපුටා දැක්වූ විග‍්‍රහයෙන් සඳහන් වන්නේ ද මෙම පිරිස සම්බන්ධව ඇසුරුකම් පවත්වා ගතයුතු ආකාරයයි.

“සැබැවින්ම අල්ලාහ් නුඹලාව වළක්වනුයේම දහම හේතුවෙන් නුඹලා හා සටන් කළවුන් සමග ද නුඹලාව නුඹලාගේ නිවෙස් වලින් පලවා හැරියවුන් සමග ද නුඹලාව පලවා හැරීමට උපකාර කළවුන් සමග ද මිතුදම් පෑමයි. කවුරුන් ඔවුන් සමග මිතුදම් පාන්නේ ද ඔවුන්මය අපරාධ කළවුන් වන්නේ”. (අල් කුර්ආන් 60:9)

මේ පිළිබඳ තවත් දීර්ඝ විග‍්‍රහයන් ඇතත් ඉහත අල් කුර්ආන් වාක්‍ය හා විග‍්‍රහයන් ප‍්‍රමාණවත් වේ යැයි සිතන්නෙමු.

චෝදනාව 04- වෙනත් ආගමක් ඇදහීමේ නිදහස ඉස්ලාමයේ නැත යනුවෙන් කුරානයේ 3:85 වාක්‍යය සඳහන් කරයි.

විග‍්‍රහය:

පළමුව මෙම අල් කුර්ආන් වාක්‍යයේ අරාබි පාඨ හා වඩාත් නිවැරදි සිංහල අර්ථ දැක්වීම කෙරෙහි අවධානය යොමු කරමු.

ඉස්ලාම් නොවන (අන්) දහමක් කවරෙකු සොයන්නේද එය ඔහුගෙන් පිළිගනු නොලබන්නේමය. තවද ඔහු මතු ලොවෙහි අලාභවන්තයින්ගෙන් කෙනෙකු වන්නේය.” (අල් කුර්ආන් 3:85)

මෙම මතය ඉස්ලාමයට පමණක් සීමාවූවක් ලෙස දක්වමින් චින්තන නිදහසට ඉස්ලාමය තුළ ඉඩක් නොමැති බව පෙන්වන්නට ඇතැමුන් විසින් උත්සාහ කරති. 

සර්ව බලධාරී අල්ලාහ් සර්ව ලෝ මවා පරිපාලනය කොට පරිපෝෂණය කොට මෙතරම් විශිෂ්ඨ දායාදයන් මිනිසාට දායාද කර තිබියදී, මිනිසා තම සැබෑ මැවුම්කරු පසෙකලා වෙනතකට යොමු වීම කිසිසේත්ම පිළිගත නොහැක්කකි. නිදසුනක් ලෙස තමන්ව ඇතිදැඩි කළ තම දෙමාපියන්ට අකීකරු වී ඔවුනට ද්‍රෝහී වෙමින් කටයුතු කරන පුතෙකුගේ ක‍්‍රියාව පිළිගත නොහැකි මෙන් ය. අල්ලාහ්ට අකීකරු වීම ඊටත් වඩා පිළිගත නොහැකි ක‍්‍රියාවකි. 

එමෙන්ම තමන් සත්‍ය මගක බවත් අන්දහම් සියල්ල මිත්‍යා දෘෂ්ඨියක බවත් විශ්වාස කිරීම විශ්වීය සම්මතයක් යන්න වටහා ගැනීම සාධාරණ යැයි අප සිතන්නෙමු. ඇතැම් විවේචකයින් ඉස්ලාම් දහමට පමණක් ඇගිල්ල දිගු කළ ද මෙවැනිම මතයක ඔවුන් අදහන දහම ගොඩනැගී ඇති බව වටහා ගැනීමට අකමැත්තෙන් හෝ පහත සඳහන් කොටස ඔබගේ අවධානය පිණිස ඉදිරිපත් කිරීමට අපට සිදු වී ඇත.

මිත්‍යා දෘෂ්ටි කර්මයාගේ විපාකාදිය

පහත සඳහන් කොටස මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි විසින් රචිත “බෞද්ධයාගේ අත්පොත” ග‍්‍රන්ථයෙන් උපුටා ගත්තෙමු. මෙම ග‍්‍රන්ථයේ මිත්‍යා දෘෂ්ටිය පිළිබඳ බොහෝ විස්තර ඉදිරිපත් කොට ඇත. 

නාහං භික්ඛවේ, එකධම්මම්පි සමනුපස්සාමි යං එවං මහාසාවජ්ජං: යථයිදං භික්ඛවේ මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨි පරමා භික්ඛවේ වජ්ජානීති”

“මහණෙනි, මේ මිත්‍යා දෘෂ්ටිය යම් බඳු ද එසේ මහාසාවද්‍ය වූ අන් එකම ධර්මයෙකු දු මාගේ සර්වඥතාඥානයෙන් නොදකිමි. මිත්‍යා දෘෂ්ටිය වරදවල් අතුරෙන් සියල්ලට ම මහත් වරද වේයැ’යි තථාගතයන් වහන්සේ වදාළ සේක. (මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි විසින් රචිත “බෞද්ධයාගේ අත්පොත: 78 වැනි පිටුව.)

මිත්‍යා දෘෂ්ටියෙහි විපාක

“මේ මිත්‍යා දෘෂ්ටිය වනාහි මහා සාවද්‍ය වූ අකුසල කර්මයකි. ඒ බව බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායෙහි මෙසේ දේශනා කොට ඇත. “මහණෙනි, මේ මිත්‍යා දෘෂ්ටිය තරම් මහා සාවද්‍ය වූ අන් එකද ධර්මයක්වත් මගේ බුදු ඇසින් මම නොදකිමි. එහෙයින් මේ මිත්‍යා දෘෂ්ටිය අතිශයින්ම බරපතළ වූ මහා වරදකි. අකුසලයකි” යනුයි.

සාමාන්‍යයෙන් මේ මිත්‍යා දෘෂ්ටිය නම් වූ අකුසල කර්මයෙහි යෙදුණු පුද්ගලයෙක් වේ නම්, ඔහුට මේ සසරින් එතෙර වීමට අවකාශයක් නැත්තේය. සතර අපා ආදියෙහි වෙසෙන සත්වයෝ පවා කල්ප විනාශය වන කල්හි ආභස්සර බ‍්‍රහ්ම ලෝකයෙහි උපදිති. එහෙත් නියත මිසදිටුවාට ඒ කාල සීමාවෙහි පිටසක්වළ එක්තරා අපායක දුක් විඳීමට සිදු වන්නේය”. (කර්මය හා විපාකය – 1 කාණ්ඩය 11 වැනි පිටුව – අභිධර්ම විශාරද ලසන්ත රත්නගොඩ) 

ස්වර්ගය අත්පත් කරගැනීම පිණිස

“ඔබ ’ජේසුස් වහන්සේ සමිඳාණන් වහන්සේ යැ’යි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නෙහි නම්, දෙවියන් වහන්සේ උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කළ බව සිතින් අදහන්නෙහි නම්, ඔබ ගැළවීම ලබන්නෙහි ය.” (රෝම 10:9)

යමෙක් පුත්‍රයාණන් අදහන්නේ ද ඔහුට සදාතන ජීවනය ඇත. එහෙත් යමෙක් පුත්‍රයාණන් ප්‍රතික්ෂේප කරන්නේ ද ඔහුට ජීවනය නොලැබේ. දේව උදහස ඔහු පිට රඳා පැවති යි”. (ශුද්ධවර ජොහාන් 3:36)

යුගාන්තයේ දී එසේම වන්නේය. දේව දුතයෝ නික්ම අවුත්, දමිටුන් කෙරෙන් අදමිටුන් වෙන් කොට, අදමිටුන් ගිනි උදුනෙහි හෙලන්නෝය. එහි වැළපීම ද දත්මිටි කෑම ද වන්නේ ය” (ශුද්ධවර මතෙව් 13:49-50)

එහෙයින් මෙවන් කරුණු පිළිබඳ විශ්වීය සම්මතක් ඇති හෙයින් ඒවාට චෝදනා එල්ල කිරීම උගතුන්ට නුසුදුසු යැයි අප සිතන්නෙමු. මෙවැනි ඉගැන්වීම් තුළ සියලු ආගම් අතර අනෙකාව හඳුනාගනිමින් අනෙකාගේ අදහසට ගරු කරමින් අවබෝධයෙන් ආගමික සංහිඳියාවක ජීවත් වීම ඉතා සුදුසු යැයි අප සිතන්නෙමු.

චෝදනාව 05- දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් හට ත්‍රස්ත ක්‍රියා කරනු.

“අප විශ්වාස නොකරන්නවුන් ගේ හදවතට ත‍්‍රස්තය ඇතුලූ කරන්නෙමු. අල්ලාහ් දෙවියන් තහනම් කළා වූ දේ එනම්, ඔවුන් අල්ලාහ් දෙවියන් සමඟ තවත් දේ සම කළාහු ය. ඔවුන්ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය” යනුවෙන් කුරානයේ 3:151 වාක්‍යය සඳහන් කරයි.

විග‍්‍රහය:

ඉහත සඳහන් වාක්‍යයේ පරිවර්තනය විකෘති කර ඇති අතර මෙම වාක්‍යයේ අරාබි පාඨ හා නිවැරදි පරිවර්තනය වන්නේ,

“කවර දෙයක් සඳහා ඔහු(අල්ලාහ්) බලයක් පහළ නොකළේ ද එ(ම මිත්‍යා දේවත්ව)ය (ප‍්‍රතික්ෂේපක) ඔවුන් අල්ලාහ්ට ආදේශ කළ හේතුවෙන් ප‍්‍රතික්ෂේප කළවුන්ගේ හදවත් තුළ අපි බිය උපදවන්නෙමු. තවද ඔවුන්ගේ ලැගුම් ගන්නා ස්ථානය (නිරා) ගින්නය. අපරාධකාරයින්ගේ නවාතැන නපුරු විය.” (අල් කුර්ආන් 3:151)

මෙම අල් කුර්ආන් වාක්‍යය පහළ වීමට පසුබිම වන්නේ ඉහතින් අල් කුර්ආන් 3:28 වන වාක්‍යයේ සන්දර්භය වන අන් ආගමිකයින් විසින් කුරිරු ලෙස මුස්ලිම්වරුන්ව මැරීමට හා දේපල හානි සිදු කිරීමට පැමිණ මුස්ලිම්වරුන් හා මක්කාවාසී ප‍්‍රතික්ෂේපකයින් අතර ඍජු යුද වාතාවරණයක් පැවති අවස්ථාවයි. එහිදී මුස්ලිම්වරුන් වැටී තිබෙන දුර්වල මානසික තත්ත්වයෙන් ඔවුන් මුදවාලීම හා සැනසීමක් උපදවාලීම පිණිස අල්ලාහ් දෙවියන් මෙවන් වාක්‍යයක් පහළ කළ බවයි. 

චෝදනාව 06- අල්ලාහ්ට අකීකරු වන්නන්හට මතු ලොවේ ඇති දඬුවම් හා වේදනාවන් කුරානයේ 4:56 වාක්‍යය සඳහන් කරයි.

විග‍්‍රහය:

අදාළ පාඨයේ නිවැරදි අර්ථය:

اِنَّ الَّذِیۡنَ کَفَرُوۡا بِاٰیٰتِنَا سَوۡفَ نُصۡلِیۡہِمۡ نَارًا ؕ کُلَّمَا نَضِجَتۡ جُلُوۡدُہُمۡ بَدَّلۡنٰہُمۡ جُلُوۡدًا غَیۡرَہَا لِیَذُوۡقُوا الۡعَذَابَ ؕ اِنَّ اللّٰہَ کَانَ عَزِیۡزًا حَکِیۡمًا ﴿۵۶﴾

“සැබැවින්ම අපගේ වදන් ප‍්‍රතික්ෂේප කළවුන්ව අපි (නිරා) ගින්නට ඇද දමන්නෙමු. ඔවුහු එම දඬුවම විඳීමට ඔවුන්ගේ හම් පිලිස්සුනු සෑම මොහොතකම ඒවා(පිලිස්සුනු හම්) හැර නව හම් ඔවුනට මාරු කර දෙන්නෙමු. සැබැවින්ම අල්ලාහ් අති බලසම්පන්නය සර්ව ප‍්‍රඥාවන්තය.” (අල් කුර්ආන් 4:56)

මෙම වාක්‍යයෙහි හා මෙවැනි වාක්‍යයන්හි අල්ලාහ්ට අකීකරු වන්නන්, ප‍්‍රතික්ෂේපකයින් හා අල්ලාහ් හැර අන් දැයට සිරස නමන්නන්හට මතු ලොවේ ඇති දඬුවම් හා වේදනාවන් පිළිබඳව සඳහන් කර ඇත. ‘මුස්ලිම් භක්තිකයින් නොවන අන් අය ඉස්ලාමිකයින් නොවන හෙයින් ඔවුන්ව පුළුස්සා දමා දඬුවම් කළ හැක’ යනුවෙන් මෙවන් වාක්‍යයන් අර්ථ දක්වා ඇතැ’යි ඇතැමුන් වැරදි ලෙස විග‍්‍රහ කරති. එපමණක් නොව ජනයින් අල්ලාහ්ට අවනත වුව ද අකීකරු වුව ද නැතහොත් ඔහුට පමණක් සිරස නැමුව ද අන් අයට සිරස නැමුව ද නැතහොත් ඔහුට අන් දෑ ආදේශ තැබුව ද ඔහු මෙලොවෙහි හා මතු ලොවෙහි ඔවුනට කිසිදු දඬුවමක් නොකර සිටිය යුතුයි යැයි ඔවුන් ප‍්‍රිය කරන්නෝය. මෙවන් වාක්‍යයන් තුළින් මෙවැනි මතයන් ගොඩනැගීම කිසිසේත් සාධාරණයක් නොවන්නේය. මන්දයත් ලොවෙහි යම් රටක නීතීන් දෙස බැලූ කල නීති විරෝධී වන්නන්හට නිසි දඬුවම් නියම කොට තිබීම දක්නට ඇති සාධාරණ වූ කරුණකි. අල්ලාහ් දැහැමියන් හා පාපතරයින් හට ඔවුනොවුන්ගේ ක‍්‍රියාවන් සඳහා යහ වේතන ද දඬුවම් ද නියම කර තිබීම මුළුමනින්ම ඔහුගේ යුක්තියෙන් හා සාධාරණයෙන් යුතු ක‍්‍රියාවකි. ඉස්ලාමයෙහි පමණක් නොව සෑම ආගමිකයින්ගේ විශ්වාසය ද මෙයයි.

ඇතැමුන් විග‍්‍රහ කරන්නාක් මෙන් මෙවැනි වාක්‍යයන් තුළින් ‘අල්ලාහ්ට පිටුපාන්නන් කෙරෙහි මුස්ලිම්වරුන් විසින්ම ඔවුනට දඬුවම් කළ යුතුයි යනුවෙන් පවසා ඇත’ යැයි වාද නගන්නේ නම් එය සාවද්‍යය වාදයක් බවට පැහැදිලිවම සනාථ වන්නේය. මන්දයත් අන් අයව තම මතයට අනුව ක‍්‍රියා කරන මෙන් බලපෑම් කිරීමට මුස්ලිම්වරුන්ට කිසිදු අයිතියක් නොමැත. අල්ලාහ් ජනයාට ඔවුනොවුන්ගේ අභිමත අනුව ක‍්‍රියා කිරීමේ අයිතිය ලබා දී ඇති අතර පාපයන් කර නරක ක‍්‍රියාවන් කළේ නම් ඔහුට ඔහුගේ ක‍්‍රියාව හේතුවෙන් මතු ලොවේ දී නිරා ගින්නෙන් දඬුවම් කරන බව ද අල් කුර්ආනයෙහි සඳහන් කර ඇත. තවද ඔවුන්ගේ පාපතර නරක ක‍්‍රියාවන් සඳහා අල්ලාහ් හැර අන් කිසිවෙකුට දඬුවම් කළ නොහැක. විශේෂයෙන් ගින්නෙන් දඬුවම් කිරීමේ අයිතිය අල්ලාහ් සතුය. ගින්නෙන් දඬුවම් කිරීමේ අයිතිය අල්ලාහ් හැර අන් කිසිවෙකුට නොමැති බව නබි මුහම්මද් තුමාණන් උගන්වා ඇත. මන්දයත් මතු ලොවෙහි නීතිය මෙලොවෙහි නීතියට වඩා ඉතා වෙනස් වූවක් වන අතර එය ඉතා සාධාරණීය ද වන්නේය. ජනයින්ව අල්ලාහ් මවා ඔවුනට සියලූ වර්ගයේ දායාදයන් පිරිනමා තිබිය දී ඔවුන් ඔහුට පිටුපාන්නේ නම් ඔහු එවැන්නන්ට අඩුම තරමින් මතු ලොවෙහි දී දඬුවම් නොකර සිටීම කෙසේත්ම ඔහුට සුදුසු නොවන්නේය.

චෝදනාව 07- අල්ලාහ් දෙවියන්ගේ ආගම වෙනුවෙන් සටන් කරන්න, මුස්ලිම්වරු සටනට අවදි කරන්න

“අල්ලාහ් දෙවියන්ගේ ආගම වෙනුවෙන් සටන් කරන්න. ඔබ වගකිය යුතු වන්නේ ඔබට පමණි. මුස්ලිම්වරු සටනට අවදි කරන්න. අවිශ්වාසවන්තයින්ගේ ආවේගය අල්ලාහ් දෙවියන් පාලනය කරනු ඇත. අල්ලාහ් දෙවියන් ශක්තියෙන් මෙන්ම දඬුවම් දීමේදීත් බලගතු වන්නේය.” කුරානයේ 4:84 වාක්‍යය සඳහන් කරයි.

විග‍්‍රහය:

ඉහත සඳහන් වාක්‍යයේ පරිවර්තනය විකෘති කර ඇති අතර මෙම වාක්‍යයේ අරාබි පාඨ හා නිවැරුදි පරිවර්තනය වන්නේ 

فَقَاتِلۡ فِیۡ سَبِیۡلِ اللّٰہِ ۚ لَا تُکَلَّفُ اِلَّا نَفۡسَکَ وَ حَرِّضِ الۡمُؤۡمِنِیۡنَ ۚ عَسَی اللّٰہُ اَنۡ یَّکُفَّ بَاۡسَ الَّذِیۡنَ کَفَرُوۡا ؕ وَ اللّٰہُ اَشَدُّ بَاۡسًا وَّ اَشَدُّ تَنۡکِیۡلًا ﴿۸۴﴾ 

එබැවින් (නබිවරය,) නුඹ(ගේ ක‍්‍රියා)ව හැර නුඹට (අන් කිසිවක්) පවරනු නොලැබූ තත්ත්වයේ (තනිවම වුව ද) නුඹ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදිවු. (එහෙත් යුද්ධය සඳහා) විශ්වාසිකයින්ව ද දිරි ගන්වවු. ප‍්‍රතික්ෂේප කළවුන්ගේ (යුද) බලය වළකාලීමට අල්ලාහ් ප‍්‍රමාණවත්ය. තවද ශක්තියෙන් අල්ලාහ් අති ප‍්‍රබලය. දඬුවම් කිරීමෙන් ද අති ප‍්‍රබලය.” (අල් කුර්ආන් 4:84)

මෙම වාක්‍ය කිහිපය නබි මුහම්මද් තුමාණන් මදීනාවට දේශාන්තරණය කිරීමෙන් පසු වකවානුවේදී මුස්ලිම්වරුන්ව විනාශ කිරීමේ අදිටනින් පැවති ‘උහුද්’ යුදසමයේ පහළ වූවකි. එය ව්‍යාප්ත වෙමින් පැවති මුස්ලිම් සමාජය බොහෝ ගැටලූ වලට මුහුණ දෙමින් සිටි කාල වකවානුවයි. 

මදීනාවෙහි ස්ථාපිත වෙමින් පැවති ඉස්ලාමීය රාජ්‍යයේ යහ පැවැත්ම උදෙසා එහි සිවිල් පරිපාලන පද්ධතියේ විනයගරුකභාවයක් ඇති කිරීම අත්‍යවශ්‍යව තිබුණ. ආත්ම වංචනිකයින් ඉස්ලාමීය රාජ්යයේ දේශපාලන හා අධිකරණමය සැලැස්මට අවනතභාවයක් පිටතට පෙනෙන අයුරින් දැක්වුව ද අවස්ථාවක් ලද සෑම විටකම එයට පටහැණිව කටයුතු කරන්නට වූහ.

තම දහම සුරක්ෂිත කර ගැනීම සඳහා සහ සතුරන්ගෙන් තමන්ව ආරක්ෂා කර ගැනීමට මුස්ලිම්වරුන්ට අල්ලාහ්ගේ මාර්ගයේ ප‍්‍රයත්නය යෙදීමේ සංකල්පය ඉතා වැදගත් ස්ථානයක් ගනී. වාක්‍ය අංක 71 සිට 96 දක්වා අල්ලාහ්ගේ මාර්ගයේ ප‍්‍රයත්නය යෙදීම හා එයට අනුබද්ධිත විෂයන් විස්තර කිරීමට යොමු වී ඇත. මීට පෙර (අල් කුර්ආන් 4:83 වන) වාක්‍යයෙහි ස‍දහන් පරිදි ආත්ම වංචනිකයින් තමන්ද මුස්ලිම්වරුන් යැයි රගපාමින් යුද්ධයේ ජය පරාජය පිළිබදව නොයෙකුත් කටකථා පතුරවමින් මුස්ලිම් යුධ සෙබලුන්ගේ මනස් ව්‍යාකූලත්වයට පත් කිරීමට වෙර දරමින් සිටි හෙයින් ඉන් මුදවා ශක්තිමත් කිරීම සදහා ඔවුන් දිරිගන්වා මෙවන් වාක්‍යයක් පහළ කරන ලදී.

චෝදනාව 08- ප්‍රතික්ෂේප කරන්නන්ට එරෙහිව සටන් කරන්න යනුවෙන් කුරානයේ 4:89 වාක්‍යය සඳහන් කරයි

විග්‍රහය:

وَدُّوۡا لَوۡ تَکۡفُرُوۡنَ کَمَا کَفَرُوۡا فَتَکُوۡنُوۡنَ سَوَآءً فَلَا تَتَّخِذُوۡا مِنۡہُمۡ اَوۡلِیَآءَ حَتّٰی یُہَاجِرُوۡا فِیۡ سَبِیۡلِ اللّٰہِ ؕ فَاِنۡ تَوَلَّوۡا فَخُذُوۡہُمۡ وَ اقۡتُلُوۡہُمۡ حَیۡثُ وَجَدۡتُّمُوۡہُمۡ ۪ وَ لَا تَتَّخِذُوۡا مِنۡہُمۡ وَلِیًّا وَّ لَا نَصِیۡرًا ﴿ۙ۸۹﴾

ඔවුන් ප‍්‍රතික්ෂේප කළාක් මෙන්ම නුඹලා ද ප‍්‍රතික්ෂේප කර නුඹලා (ඔවුන් හා) සමාන වීම ඔවුහු ප‍්‍රිය කරති. ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයේ හිජ්රත් (ගම්බිම් අත හැර දේශාන්තරණය) කරන තුරු ඔවුන් අතුරින් මිතුරන් ඇති කර නොගනිවු. ඔවුන් පිටුපෑවාහු නම් ඔවුන්ව සිර භාරයට ගනිවු. තවද නුඹලා ඔවුන්ව කොතැනක හමු වුවත් නුඹලා ඔවුන්ව ඝාතනය කරවු. තවද ඔවුන් අතුරින් (කිසිදු) මිතුරෙකු හා උදව්කරුවෙකු නුඹලා නොගනිවු.”

මෙම වාක්‍යයේ පසුබිම නම් ආරම්භක මුස්ලිම්වරුන් මක්කහ්වෙහි ඉස්ලාමය වැළඳ ගත් සමයේ දී එහි මුස්ලිම් නොවන්නන් බහුතරයක් සිටියෝය. එවිට මුස්ලිම්වරුන්ට එරෙහි වූ දේව ප‍්‍රතික්ෂේපකයින් මොවුන්ට බොහෝ හිංසාවන් හා අපරාධයන් කරමින් සිටි හෙයින් මුස්ලිම්වරුන් තම මාතෘ භූමිය වන මක්කහ්ව අත හැර මදීනහ් නගරයට දේශාන්තරණය කළ යුතු තත්ත්වයක් උදා විය. ඉන් පසුව මොවුන් මදීනහ් නගරයෙහි පවා සැනසීමෙන් ජීවත් වීම විරුද්ධවාදීන් අකමැති වූ හෙයින් දේශාන්තරණය කිරීමට ඉඩ නොදී නොයෙකුත් අන්දමින් හිංසා කිරීම් හා ප‍්‍රහාර එල්ල කිරීම් වැනි අපරාධ නොකඩවා කරමින් සිටියෝය. මෙමගින් ඔවුන්ගේ අරමුණ වූයේ මුස්ලිම්වරුන්ව ඉස්ලාම් දහමෙන් බැහැර කර තමන් මෙන් මුස්ලිම්වරුන් ද ප‍්‍රතික්ෂේපකයින් බවට පත් කිරීම මිස අන් කිසිවක් නොමැති බව මෙම වාක්‍යයෙහි අල්ලාහ් පැහැදිලි කොට ඇත. මෙවන් අරමුණක් මත කටයුතු කිරීම මහා අපරාධයක් බව පැහැදිලි කරුණකි. එබැවින් මෙම අවස්ථාවෙහි මුස්ලිම්වරුන්ට තම දහම හා ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ස්වභාවික නීතීන් උල්ලංඝනය නොකොට කුමන හෝ අන්දමින් සතුරන්ට ප‍්‍රති ප‍්‍රහාර එල්ල කිරීමේ අයිතිය අත් වී ඇති බව ද පැහැදිලි වූ කරුණකි.

මෙහි දී අප අවධානය යොමු කළ යුතු වැදගත් කරුණක් නම් මීළඟ වාක්‍යය මෙම වාක්‍යයට සම්බන්ධ වූවක් බවය. එනම් මෙම වාක්‍යයෙහි ඉස්ලාමයට එරෙහිව මුස්ලිම්වරුන්ට හිංසා අපරාධ කරන ප‍්‍රතික්ෂේපකයින්ට එරෙහිව පමණක් සටන් කරන මෙන් අල්ලාහ් මුස්ලිම්වරුන්ට අණ කර ඇති අතර මීළඟ වාක්‍යයෙහි මුස්ලිම් නොවන්නන් අතුරින් කවර කණ්ඩායමක් සමග මුස්ලිම්වරුන් සාම ගිවිසුමක් ඇති කර ඇත්තේ ද එම කණ්ඩායම වෙත ගොස් එකතු වන්නන් නැතහොත් මුස්ලිම්වරුන් සමග එක් වී තම සමූහයාට එරෙහිව සටන් කිරීමට හෝ තම සමූහයා සමග එක් වී මුස්ලිම්රුන්ට එරෙහිව සටන් වැදීමට හෝ ප‍්‍රිය නොකර සාමය පතා මුස්ලිම්වරුන් වෙත පැමිණෙන්නන්ට එරෙහිව සටන් වැදීම අල්ලාහ් මුස්ලිම්වරුන්ට තහනම් කර ඇත. එමෙන්ම ඔවුන් සමග යහ අයුරින් හැසිරිය යුතු බව ද අල් කුර්ආනයේ අවධාරණය කරන්නේය. මුස්ලිම්වරුන් මෙවැන්නන් සමග මෙන් සාමාන්‍යය ජනයා සමග ද සාමකාමීව හා අභයදායීව හැසිරිය යුතු යැයි ද අණ කර ඇත.

චෝදනාව 09- සැබැවින්ම ප‍්‍රතික්ෂේපකයින් නුඹලාට විවෘත සතුරන් වන්නෝය යනුවෙන් කුරානයේ 4:101 වාක්‍යය සඳහන් කරයි.

විග්‍රහය:

මෙම කරුණට අදාළ අල් කුර්ආන් පාඨය හා තේරුම

وَ اِذَا ضَرَبۡتُمۡ فِی الۡاَرۡضِ فَلَیۡسَ عَلَیۡکُمۡ جُنَاحٌ اَنۡ تَقۡصُرُوۡا مِنَ الصَّلٰوۃِ ٭ۖ اِنۡ خِفۡتُمۡ اَنۡ یَّفۡتِنَکُمُ الَّذِیۡنَ کَفَرُوۡا ؕ اِنَّ الۡکٰفِرِیۡنَ کَانُوۡا لَکُمۡ عَدُوًّا مُّبِیۡنًا ﴿۱۰۱﴾ 

නුඹලා මිහිතලයෙහි ගමනක යෙදෙන විට ප‍්‍රතික්ෂේප කළවුන් නුඹලාට අක‍්‍රමිකතා කරනු ඇතැ’යි නුඹලා බිය වෙතොත් නුඹලා සලාතය* කෙටි කර ගැනීම නුඹලාට වරදක් නැත. සැබැවින්ම (හර්බී*) ප‍්‍රතික්ෂේපකයින් නුඹලාට විවෘත සතුරන් වන්නෝය.” (අල් කුර්ආන් 4:101)

මෙම වාක්‍යයෙහි සඳහන් වී ඇත්තේ මුස්ලිම්වරුන්ට බොහෝ ලෙස හිංසා අපරාධ කළ මක්කහ්වේ විසූ ආදේශකයින් පිළිබඳවය. එනම් මුස්ලිම්වරුන් මොවුන්ගේ කූට උපායන් වලට හසු වී මොවුන්ගේ ගොදුරක් බවට පත් නොවනු පිණිස ‘මොවුන් නුඹලාගේ විවෘත සතුරන්’ යැයි අල්ලාහ් මුස්ලිම්වරුන්ව දැනුවත් කර ඇත. මේ අනුව නොකඩවා යුද්ධයන් වලට මුහුණ දිය යුතු තත්ත්වයක් ආදේශකයින්ගෙන් මුස්ලිම්වරුන්ට උදා වී තිබුණු හෙයින් මෙයට පසු (102 වැනි) වාක්‍යයෙහි යුද අවස්ථාවේ දී මුස්ලිම්වරුන් කෙසේ සලාතය ඉටු කළ යුතු දැ’යි පැහැදිලි කොට ඇත. ඇතැමුන් විග‍්‍රහ කරන්නාක් මෙන් මෙම වාක්‍යය මුස්ලිම් නොවන සියල්ලන් හා සම්බන්ධ වූවක් නොවන බවට නබි මුහම්මද් තුමාණන්ගේ ක‍්‍රියාව පැහැදිලි සාධකයක් වේ යන්න ප‍්‍රතික්ෂේප කළ නොහැකි කරුණකි. මන්දයත් නබි මුහම්මද් තුමාණන් මදීනහ්වෙහි විසූ යුදෙව්වරුන් සමග ගිවිසුම් කර සිටියේය. තවද ‘නජ්රාන්’ නැමැති ප‍්‍රදේශයේ විසූ කිතුනුවන් සමග ද ගිවිසුම් කර සිටියේය. ‘බනූ කුසාඅහ්’ නම් ගෝත්‍රය මුස්ලිම් නොවන්නන්ව සිටිය ද මුස්ලිම්වරුන් සමග ගිවිසුමෙන් බැඳුණු අය ලෙස සිටියෝය. එපමණක් නොව මුස්ලිම් නොවන අනෙකුත් ගෝත‍්‍රයන් සමග ද නබි මුහම්මද් තුමාණන් ගිවිසුම් කර ගෙන සිටියේය. ඇතැමුන් විග‍්‍රහ කරන්නාක් මෙන් ‘මුස්ලිම් නොවන සියලූ දෙනා සමග මිත‍්‍රත්ව පැවැත් වීම තහනම් හා ඔවුන් සියල්ල මුස්ලිම්වරුන්ගේ විරෝධීන්’ යන්නෙන් මෙම වාක්‍යයෙහි අදහස වන්නේ නම්, නබි මුහම්මද් තුමාණන් මුස්ලිම් නොවන බොහෝ අය සමග කෙසේ සහජීවන ගිවිසුම්හි බැඳී සිටින්නට හැකි වූයේ ද? මෙම වාක්‍යය එම කාල වකවානුවේ දී මුස්ලිම්වරුන්ට විවිධාකාර හිංසාවන් කරමින් සිටි මක්කහ්වේ විසූ ප‍්‍රතික්ෂේපකයින් පසුබිම් කොට පහළ වූ බව ඉහත සඳහන් කරුණු තුළින් පැහැදිලිවම සනාථ වන්නේය.

චෝදනාව 10- පරදවා ජය ලැබීමට විශ්වාසවන්තයින්ට අල්ලාහ් දෙවියන් අවස්ථාව නොදෙන්නේය යනුවෙන් කුරානයේ 4:141 වාක්‍යය සඳහන් කරයි.

විග‍්‍රහය:

ඉහත සඳහන් වාක්‍යයේ පරිවර්තනය විකෘති කර ඇති අතර මෙම වාක්‍යයේ නිවැරදි පරිවර්තනය වන්නේ 

الَّذِیۡنَ یَتَرَبَّصُوۡنَ بِکُمۡ ۚ فَاِنۡ کَانَ لَکُمۡ فَتۡحٌ مِّنَ اللّٰہِ قَالُوۡۤا اَلَمۡ نَکُنۡ مَّعَکُمۡ ۫ۖ وَ اِنۡ کَانَ لِلۡکٰفِرِیۡنَ نَصِیۡبٌ ۙ قَالُوۡۤا اَلَمۡ نَسۡتَحۡوِذۡ عَلَیۡکُمۡ وَ نَمۡنَعۡکُمۡ مِّنَ الۡمُؤۡمِنِیۡنَ ؕ فَاللّٰہُ یَحۡکُمُ بَیۡنَکُمۡ یَوۡمَ الۡقِیٰمَۃِ ؕ وَ لَنۡ یَّجۡعَلَ اللّٰہُ لِلۡکٰفِرِیۡنَ عَلَی الۡمُؤۡمِنِیۡنَ سَبِیۡلًا ﴿۱۴۱﴾

ඔවුහු කවුරුන්ද යත් නුඹලාට (පරාජයක් අත් විය යුතු යැයි) බලාපොරොත්තුවෙන් සිටින්නෙහුය. නුඹලාට අල්ලාහ්ගෙන් වූ ජයග‍්‍රහණයක් අත් වන්නේ නම්, “අපි නුඹලා සමග නොසිටියෙමු දැ”යි ඔවුහු පවසති. ප‍්‍රතික්ෂේපකයින්ට (ජයග‍්‍රහණයෙන්) කොටසක් අත් වූයේ නම්, “(ඔවුහු ප‍්‍රතික්ෂේපකයින් අමතා) නුඹලා කෙරෙහි අපි අබිබවා යාමට හැකිව තිබිය දීත් විශ්වාසිකයින්ගෙන් නුඹලාව අපි ආරක්ෂා නොකළෙමු දැ?”යි ඔවුහු පවසති. එබැවින් නුඹලා අතර (මළවුන්) නැගිටුවනු ලබන දිනයෙහි අල්ලාහ් තීන්දු ලබා දෙන්නේය. විශ්වාසිකයින්ට එරෙහිව (කටයුතු කිරීමට) ප‍්‍රතික්ෂේපකයින්ට අල්ලාහ් මගක් සලසන්නේම නැත.” (අල් කුර්ආන් 4:141)

මෙම අල් කුර්ආන් වැකිය පහළ වී ඇත්තේ ආත්ම වංචනිකයින්ගේ වංචනික දේශද්‍රෝහී ක්‍රියා කලාපයන් පදනම් කරගනිමින් ඔවුන්ට කරන ලද පිළිතුරක් වශයෙන් බව පෙර පසු වැකි සමග කියවීමෙන් වැටහෙනු ඇත. ආත්ම වංචනිකයින් යනු පිටතින් මුස්ලිම්වරුන් යැයි රගපාමින් කටයුතු කළද ඇතුලාන්තයෙන් මුස්ලිම්වරුන්ට එරෙහිව කූට උපායන්හි යෙදෙන පිරිසකි. 

එනම්, යම් යුද්ධයකදී මුස්ලිම්වරුන් ජය ලැබුවේ නම් ආත්ම වංචනිකයින් මුස්ලිම්වරුන් වෙත පැමිණ ‘යුද්ධය අවස්ථාවේදී අපි ඔබලාට සහය දක්වමින් ඔබලා සමග සිටියෙමු’ යැයි පවසති. එහෙත් අනෙක් පිරිස ජය ලැබුවේ නම් ‘අපි නිසා ඔබලා ජය ලබා ඇත. අපි මුස්ලිම්වරුන් සමග සිට ඔවුන්ගේ පරාජයට කාරණා වන පරිදි ඔවුන් අධෛර්යමත් කරමින් ඔවුන්ට කෙ‍නෙහිළි කරමින් සිටියෝය” යැයි පවසති. මෙය ඔවුන්ගේ හුදු ලෞකික වාසි බලාපොරොත්තුවෙන් හා මුස්ලිම්වරුන් නිතතින්ම පරාජය විය යුතුයි යන ඔවුන්ගේ බලාපොරොත්තුවට පිළිතුරක් වශයෙන් පහළ වූ අල් කුර්ආන් වැකියක් බව මනාව පැහැදිළි වේ. 

චෝදනාව 11- කපන්න කොටන්න ඉස්ලාමය උගන්වයි. 

“අල්ලාහ් දෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නන්නවුන්ට හා භූමියේ කලහකාරීන්ට දිය යුතු දඬුවම් වන්නේ මරණය කුරුසයේ ගැසීම හෝ අත් හා පාද විරුද්ධ පැති වලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම වේ මේ ඔවුන් ලෝකයේ දී ලබන නින්දාව වේ එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය” යනුවෙන් කුරානයේ 5:33 වාක්‍යය සඳහන් කරයි.

විග‍්‍රහය:

පළමුව උක්ත කාරණාවට අදාල අල් කුර්ආන් පාඨය හා නිවැරුදි තේරුම දෙස යොමුවෙමු. 

اِنَّمَا جَزٰٓؤُا الَّذِیۡنَ یُحَارِبُوۡنَ اللّٰہَ وَ رَسُوۡلَہٗ وَ یَسۡعَوۡنَ فِی الۡاَرۡضِ فَسَادًا اَنۡ یُّقَتَّلُوۡۤا اَوۡ یُصَلَّبُوۡۤا اَوۡ تُقَطَّعَ اَیۡدِیۡہِمۡ وَ اَرۡجُلُہُمۡ مِّنۡ خِلَافٍ اَوۡ یُنۡفَوۡا مِنَ الۡاَرۡضِ ؕ ذٰلِکَ لَہُمۡ خِزۡیٌ فِی الدُّنۡیَا وَ لَہُمۡ فِی الۡاٰخِرَۃِ عَذَابٌ عَظِیۡمٌ ﴿ۙ۳۳﴾

අල්ලාහ්(ගේ සමීප ගැත්තන්) හා තම රසූල්වරයා සමග සටන් වදින්නන් හා මිහිතලයෙහි කලහකම් කිරීමට වෙර දරන්නන්ගේ ප‍්‍රතිවිපාකය වන්නේම ඔවුන්ව ඝාතනය කරනු ලැබීම හෝ කුරුසයේ (තබා ඇණ) ගසනු ලැබීම හෝ තම දෑත් සහ පාද (එකිනෙකට) විරුද්ධ පැති වලින් කපා දමනු ලැබීම හෝ (ඔහු ජීවත් වන) භූමියෙන් පිටුවහල් කරනු ලැබීමය. මෙය ඔවුන්ට මෙලොවෙහි වූ නින්දාවකි. තවද ඔවුන්ට මතු ලොවෙහි මහත් වූ දඬුවමක් ද ඇත.

අල් කුර්ආන් වාක්‍යයක නිසි අර්ථය දැන ගැනීමට නම්, එය පහළ වූ සන්දර්භය කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. මෙම වාක්‍යයේ සන්දර්භය නම්, උරෙයිනා ගෝති‍්‍රකයින්ගෙන් සමහරු මදීනාවට පැමිණි කල්හි ඔවුන්ට එහි කාලගුණය ඔරොත්තු නොවී ඔවුහු අසනීප තත්ත්වයට පත් වූහ. එවිට නබි මුහම්මද් තුමාණන් දන් දීමට නියමිතව තිබූ ඇතැම් ඔටුවන් පෙන්වා ඒ වෙත ඔවුන්ව යවා එම ඔටුවන්ගේ කිරි වලින් හා උන්ගේ ශරීරයෙන් පිට වන සුළුදිය මගින් ඔවුන්ගේ අසනීපයට එක්තරා ප‍්‍රතිකාරයක් කරන ලෙස අණ කළේය. ඔවුන් එසේ කළ කල්හි ඔවුන්ට සුවය ලැබිණ. පසුව ඔවුන් ඉස්ලාමයෙන් බැහැර වී එම ඔටු එඬේරාව ද ඝාතනය කර එම ඔටුවන්ව ද පැහැර ගෙන ගියෝය. එවිට නබි මුහම්මද් තුමාණන් ඔවුන්ව ලූහුබැඳ ගොස් ඔවුන්ව අල්ලා ගැනීමට පිරිසක් යැව්වේය. ඔවුන් කළ අපරාධයට දඬුවමක් ලෙස අල්ලාහ් මෙම වාක්‍යය පහළ කළේය. තවද මෙම වාක්‍යයේ සඳහන් දඬුවම් දෙනු ලැබුවේ අන් අයට එමගින් අවවාදයක් කරනු පිණිස හා එම අපරාධයේ දරුණුකම පැහැදිලි කිරීම පිණිසය.

මෙය සැබැවින්ම අධිකරණ ක‍්‍රියාවලියට අදාළ වාක්‍යයකි. මෙය කිසිදු ජිහාද් ප‍්‍රභේදයකට අදාළ නොවූවක් බව පැහැදිලිවම පෙනෙන්නට ඇත. ‘අල්ලාහ්(ගේ සමීප ගැත්තන්) හා තම රසූල්වරයා සමග සටන් වදින්නන්’ යන්නෙහි අදහස නම් ජනතාව ඉතා අසීරු තත්ත්වයකට පත්කරවමින් සන්නද්ධ මංපැහැරීම, සත්‍යයට එරෙහි වීම හා කැරළි ගැසීම යන්නය. මේ සියල්ල ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් බව සියල්ලන්ම පිළිගත් සත්‍යයකි. මෙයින් සිදුවන්නේ ජනයාට සාමයෙන් හා සැනසීමෙන් ජීවත් වීමට ඇති සමාජ පරිසරය විනාශ කිරීමක්ය. “මිහිතලයේ කලහකම් කිරීමට වෙර දරන්නන්” යනු ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන්හි නියැලෙන්නන්, නුතන භාෂා යෙදුම අනුව පාතාල ක‍්‍රියාකාරකම් කරන්නන් හා සන්නද්ධ මං පහරන්නන් වැනි අයයි.

මෙම චූදිතයන් විසින් සොරකම, පහරදීම හා ඝාතන වැනි දෑ සිදු විය හැක. අල් කුර්ආන් වාක්‍යය දඬුවම සඳහන් කරන්නට පෙර චෝදනා ඉදිරිපත් කොට තිබීම හේතුවෙන් අර්ථය අවබෝධ කර ගැනීම පහසු වී ඇත. දඬුවම් විකල්ප හතරක් ඉදිරිපත් කොට ඇති අතර චූදිතයා සිදු කරන අපරාධයේ බරපතලකම අනුව දඬුවම තීන්දු කරනු ලැබේ. මෙම වාක්‍යයේ සන්දර්භය නිවැරදිව අවබෝධ කරගත් විට ඉස්ලාමීය නීතියේ ඇති මානවවාදිත්වය සහතික වශයෙන්ම අවබෝධ වනු ඇත.

මිනිස් ඝාතන වැනි සාපරාධී ක‍්‍රියාවන් හා ඒවායෙහි දඬුවම් මෙම වාක්‍යයේ සඳහන් කරන්නට පෙර මිනිස් ඝාතන සිදු කළ හැකි සීමා මායිම් 32 වැනි වාක්‍යයෙන් විග‍්‍රහ කොට ඇත. මිනී මැරීමේ හා මිහිතලය මත දුෂ්ටකම් පැතිරවීම ත‍්‍රස්තවාදී, පාතාල ක‍්‍රියාකාරකම් හා සන්නද්ධ මංපැහැරීම් වැනි ක‍්‍රියාවන්ට නිසි අධිකරණමය පරීක්ෂණයකින් පසුව ලබා දෙන්නා වූ තීන්දුවක් මත මරණ දඬුවම ලබා දිය හැකි බව මෙයින් පැහැදිලි වේ. මිනිස් ජීවිතයක් නිකරුනේ මරා දැමීම මුළුමහත් මිනිස් පරපුරම මරා දැමීම හා සමානවන බවද එලෙසම මිනිස් ජීවිතයක් බේරා ගැනීම මුළු මහත් මිනිස් පරපුරම බේරාගත්තා හා සමානවන බවද මෙමගින් ඉස්ලාමය තහවුරු කරයි.

මෙම වාක්‍යයෙහි සඳහන් සාපරාධී ක‍්‍රියාවන්හි නියැලූනු අපරාධකරුවන්ට තමන්ව ප‍්‍රතිශෝධනය කර ගෙන පුනරුත්ථාපනය වී නැවත වරක් යහ මිනිසෙකු ලෙස ජීවත් වීමේ අයිතිය ද 34 වැනි වාක්‍යය මගින් සහතික කොට ඇත. එහි සඳහන් පරිදි තමා විසින් කරන ලද සාපරාධී ක‍්‍රියා පිළිගෙන ඒවා පිළිබඳව පශ්චාත්තාපයට පත් වී නැවත වරක් එවැනි තත්ත්වයකට පත් නොවී යහ මිනිසෙකු ලෙස ජීවත්වීමට අධිෂ්ඨානශීලීව කටයුතු කරන්නට එකඟ වන්නන්ට මෙම වාක්‍යයෙහි සඳහන් දඬුවම් අදාළ නොවන්නේය.

චෝදනාව 12- නුඹලා යුදෙව්වන් හා කිතුනුවන් සමීප මිත‍්‍රයින් ලෙස නොගනිවු යනුවෙන් කුරානයේ 5:51 හා 5:57 වාක්‍යය සඳහන් කරයි.

විග‍්‍රහය:

یٰۤاَیُّہَا الَّذِیۡنَ اٰمَنُوۡا لَا تَتَّخِذُوا الۡیَہُوۡدَ وَ النَّصٰرٰۤی اَوۡلِیَآءَ ۘؔ بَعۡضُہُمۡ اَوۡلِیَآءُ بَعۡضٍ ؕ وَ مَنۡ یَّتَوَلَّہُمۡ مِّنۡکُمۡ فَاِنَّہٗ مِنۡہُمۡ ؕ اِنَّ اللّٰہَ لَا یَہۡدِی الۡقَوۡمَ الظّٰلِمِیۡنَ ﴿۵۱﴾ 

“විශ්වාස කළවුනි! නුඹලා යුදෙව්වන් හා කිතුනුවන් සමීප මිත‍්‍රයින් ලෙස නොගනිවු. ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ මිත‍්‍රයින්ය. තවද නුඹලා අතුරින් කවරෙකු ඔවුන්ව මිත‍්‍රයින් කර ගන්නේ ද එවිට සැබැවින්ම ඔහු ඔවුන්ගෙන් කෙනෙකු වන්නේය. සැබැවින්ම අපරාධකාර පිරිසට අල්ලාහ් යහමග පෙන්වන්නේ නැත.” (අල් කුර්ආන් 5:51)

یٰۤاَیُّہَا الَّذِیۡنَ اٰمَنُوۡا لَا تَتَّخِذُوا الَّذِیۡنَ اتَّخَذُوۡا دِیۡنَکُمۡ ہُزُوًا وَّ لَعِبًا مِّنَ الَّذِیۡنَ اُوۡتُوا الۡکِتٰبَ مِنۡ قَبۡلِکُمۡ وَ الۡکُفَّارَ اَوۡلِیَآءَ ۚ وَ اتَّقُوا اللّٰہَ اِنۡ کُنۡتُمۡ مُّؤۡمِنِیۡنَ ﴿۵۷﴾ 

“විශ්වාස කළවුනි! නුඹලාට පෙර ධර්ම පුස්තකය දෙනු ලැබූවන් අතුරින් නුඹලාගේ දහම සරදමක් ලෙස හා කෙළිදෙළක් ලෙස ගත් අයව ද ප‍්‍රතික්ෂේපකයින්ව ද මිත‍්‍රයින් ලෙස නුඹලා නොගනිවු. තවද නුඹලා විශ්වාසිකයින්ව සිටින්නෙහු නම් අල්ලාහ්ට බිය භක්තිමත් වවු.” (අල් කුර්ආන් 5:57)

මුස්ලිම්වරුන් තමන් සමග මදීනහ්වේ විසූ යුදෙව්වන් සමග ගිවිසුම් කර ගෙන සිටියෝය. නමුත් යුදෙව්වන් එම ගිවිසුම කඩ කරමින් සිටියෝය. කෙතරම් දුරටද යත් ‘අහ්සාබ්’ නම් යුද අවස්ථාවේ මක්කහ්වේ ප‍්‍රතික්ෂේපකයින් මදීනහ්වට පහර දීමට එලැඹුණු විට මුස්ලිම්වරුන් සමග ගිවිසුමෙන් බැඳුණු මදීනහ්වේ වෙසෙන යුදෙව්වන් සතුරන් සමග එක් වී මුස්ලිම්වරුන්ට ද්‍රෝහිකම් කරන්නට වූහ. යුදෙව්වන් නබි ඊසා තුමාට සහ එතුමාගේ මෑණියන් වන මරියම් තුමියට අයුතු චෝදනා එල්ල කරමින්, බැණ වදිමින් හා එතුමාට ශාප කරමින් සිටියෝය. අල් කුර්ආනය මොවුන් එල්ල කළ චෝදනාවන් බිඳ දමා නබි ඊසා තුමාණන්ගේ හා එතුමාණන්ගේ මෑණියන්ගේ පිවිතුරුභාවය ගෙන හැර පෙන්වා ඇත. එනමුත් කිතුනුවන් ඉස්ලාමය පිළිගෙන මුස්ලිම්වරුන්ට සහය දීම වෙනුවට මක්කහ්වේ ප‍්‍රතික්ෂේපකයින් හා තම නබිවරයා වන ඊසා තුමාණන්ව හා ඔහුගේ මෑණියන්ට බැණ වදින යුදෙව්වන් සමග එක් වී මුස්ලිම්වරුන්ට එරෙහි වන්නට වූහ. යුදෙව්වන්, කිතුනුවන් හා එම ප‍්‍රතික්ෂේපකයින්ව සමීප මිත‍්‍රයින් ලෙස නොගන්නා මෙන් මුස්ලිම්වරුන්ට අල්ලාහ් විධානය කොට ඇත්තේ මුස්ලිම්වරුන්ට එරෙහි වීමෙහි මෙම තුන් පක්ෂයම එකා අනෙකාට උදව්කරුවන්ව සිටි හෙයින්ය. මන්දයත් මුස්ලිම්වරුන් එම අවස්ථාවේ දී ඔවුන්ව තම සමීප මිත‍්‍රයින් ලෙස පත් කර සිටියා නම් මුස්ලිම්වරුන්ට මොවුන්ගෙන් භයානක පීඩාවන් හා ආපදාවන් ඇති වී තිබෙන්නට පුළුවන.

චෝදනාව 13- ත්‍රස්ත ක්‍රියා සිදු කරන්නැයි ඉස්ලාම් උගන්වයි. 

“අවිශ්වාස කරන්නවුන්ගේ හදවත් මා ත‍්‍රස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න.” යනුවෙන් කුරානයේ 8:12 වාක්‍යය සඳහන් කරයි.

විග‍්‍රහය:

ඉහත සඳහන් වාක්‍යයේ පරිවර්තනය විකෘති කර ඇති අතර මෙම වාක්‍යයේ නිවැරුදි පරිවර්තනය වන්නේ 

اِذۡ یُوۡحِیۡ رَبُّکَ اِلَی الۡمَلٰٓئِکَۃِ اَنِّیۡ مَعَکُمۡ فَثَبِّتُوا الَّذِیۡنَ اٰمَنُوۡا ؕ سَاُلۡقِیۡ فِیۡ قُلُوۡبِ الَّذِیۡنَ کَفَرُوا الرُّعۡبَ فَاضۡرِبُوۡا فَوۡقَ الۡاَعۡنَاقِ وَ اضۡرِبُوۡا مِنۡہُمۡ کُلَّ بَنَانٍ ﴿ؕ۱۲﴾

“මා නුඹලා සමගය. එබැවින් විශ්වාස කළවුන්ව ස්ථාවර කරවු. (හර්බීව සිටි) ප‍්‍රතික්ෂේප කළවුන්ගේ හදවත් තුළ මා බිය උපදවන්නෙමි. එබැවින් (ඔවුන්ගේ) බෙලි වලට ඉහළින් නුඹලා පහර දෙවු. තවද සෑම ඇඟිලි තුඩක්ම ඔවුන්ගෙන් නුඹලා ගසා දමවු” යැයි නුඹගේ පරමාධිපති මලක්වරුන්ට වහී (දේව පණිවිඩය) පහළ කළ අවස්ථාව (නබිවරය, සිහිපත් කරවු).

මෙම පාඨයට විග්‍රහ කිරීමට පෙර මෙම පාඨයට අදාළ පරිච්ඡේදය පහළ වූ කාල වකවානුව හා එහි පසුබිම පිළිබඳ අධ්‍යයනය කර බැලීම සුදුසුය. මෙම පරිච්ඡේදය නබි මුහම්මද් තුමාණන් මක්කාවේ සිට මදීනාවට දේශාන්තරණය කර වසර දෙකකට පසු පහළ විය. එම වසරේ ඉස්ලාමයේ මුල්ම යුද්ධය වන බද්ර් යුද්ධය මුස්ලිම්වරුන් හා මක්කාවාසී මිථ්‍යා දෘෂ්ටිකයින් අතර ඇති විය. මෙම පරිච්ඡේදයේ ප‍්‍රධාන අංගය වන්නේ මෙම යුද්ධයේ ඇතැම් සිද්ධීන් විස්තර කිරීමයි. තවද මුස්ලිම්වරුන්ගේ ඇතැම් කි‍්‍රයා කලාපයන්හි ඇති වූ අඩුපාඩු මෙයින් අවධාරණය කරයි. මුස්ලිම්වරුන්ට අල්ලාහ්ගේ විශ්වාසයෙහි ස්ථිරව සිටීමට ද ඔහුට බිය භක්තිමත් වී ඔවුන් අතර එකමුතුව සිටීමට ද අල්ලාහ්ට හා ඔහුගේ රසූල්වරයාට අවනත වීමට ද අල්ලාහ් අණ කර ඇත. එසේ කරන්නන්ට යුද්ධයේදී ජය ලබා ගත හැක යනුවෙන් මෙම පරිච්ඡේදය අවධාරණය කරයි.

මෙම බද්ර් යුද්ධයට පසුබිම වූයේ යම් හේතූන් මත නබි මුහම්මද් තුමාණන් මක්කාවේ සිට මදීනාවට යෑමට බල කරනු ලැබීමය. එමෙන්ම මක්කාවාසී මිථ්‍යා දෘෂ්ටිකයින්ගේ හිතුවක්කාරකම හේතුවෙන් අල්ලාහ්ගේ කෝපයට ලක් වී ඔවුහු එම යුද්ධයෙන් පරාජයට පත් වූවෝය. මෙම යුද්ධයෙන් පසු මුස්ලිම්වරුන් අල්ලාහ්ට හා රසූල්වරයාට අවනත වී ඔවුන්ගේ කාර්යයන් කෙසේ ඉටු කළ යුතුද යන්න හා සතුරන් සමග කෙසේ කටයුතු කළ යුතු ද යන්න පවසන ලදී. තවද මෙම පරිච්ඡේදයේ අවසානයෙහි එවකට මක්කාවෙහි ඉස්ලාමය වැලඳ ගෙන සිටින්නන්ට මදීනාවට දේශාන්තරණ කරන ලෙස ද අණ කරන ලදී.

බද්ර් යුද්ධය

මෙම පරිච්ඡේදයෙහි ප‍්‍රධාන අංගය වන්නේ බද්ර් යුද්ධයයි. එබැවින් මෙම පරිච්ඡේදයෙහි ඇතැම් වාක්‍යයන් වටහා ගැනීමට නම් මෙම යුද්ධයේ පසුබිම හා සිදුවීම් දැන ගැනීම අනිවාර්යය වන්නේය. එමනිසා මෙම යුද්ධය පිළිබඳව කෙටි විස්තරයක් මෙහි සඳහන් වේ.

වසර 13 ක් මක්කාවේ හිංසා පීඩාවන්ට ලක්වීමෙන් පසු නබි මුහම්මද් තුමාණන් හා ඔහුගේ සහාබිවරුන් මදීනාවට දේශාන්තරණය කළෝය. මක්කාවාසී ප‍්‍රතික්ෂේපකයින් ඔවුන්ට එරෙහිව නව කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කළෝය. පළමුව, ඔවුන් මදීනාවේ සිටි ප‍්‍රතික්ෂේපකයින්ට හා ආත්ම වංචනිකයින්ගේ නායකයා වූ අබ්දුල්ලාහ් ඉබ්නු උබෙයිට මෙසේ ලිපියක් ලිව්වෝය. එනම් “නුඹලා අපගේ සතුරා වන නබි මුහම්මද්ට වාසස්ථානය හා ආරක්ෂාව සලසා ඇත්තෝය. එබැවින් නුඹලා ඔහුව ඝාතනය කළ යුතුය. නැතහොත් ඔහුව මදීනාවෙන් පිටමං කළ යුතුය. එසේ නුඹලා නොකළේ නම් සැබැවින්ම අපි අපගේ සේනාවක් රැගෙනවිත් නුඹලා සමග යුද කර, නුඹලාගේ පිරිමින්ව ඝාතනය කර, නුඹලාගේ ස්තී‍්‍රන්ව වහල්භාවයට ගන්නෙමු.” මේ අතරතුර ප‍්‍රතික්ෂේපකයින් මදීනාව අවට තවලම් කිහිපයක් එව්වෝය. ඔවුන්ගෙන් ඇතැමුන් මුස්ලිම්වරුන්ගේ සත්ව ගාල් කොල්ල කෑවෝය. මෙවන් වූ අවස්ථාවක මක්කාවාසී ප‍්‍රතික්ෂේපකයින්ගේ ප‍්‍රධානියෙකු වූ අබූ සුෆ්යාන්ගේ නායකත්වයෙන් යුත් විශාල තවලමක් සිරියාවේ සිට මක්කාව දක්වා පැමිණෙමින් තිබුණි. එහි සම්පූර්ණයෙන් භාණ්ඩ පැටවූ ඔටුවන් දාහක් (1000) විය. එම තවලම ආරක්ෂා කිරීමට 40 දෙනෙකුගෙන් යුත් සන්නද්ධ පිරිසක් සිටියෝය. මොවුන් සියල්ලෝම ඔවුනොවුන්ගේ ගෝත‍්‍රයන්හි නායකයන් වූහ. මෙම තවලම මක්කාවට සේන්දු වූයේ නම් එමගින් මුස්ලිම්වරුන්ට ප‍්‍රහාර එල්ල කිරීමට දැවැන්ත බලයක් හිමි වනු ඇත. එමෙන්ම මෙම තවලම මුස්ලිම්වරුන් මදීනාවේ සිට ගොස් ආක‍්‍රමණය කිරීමට පහසු ස්ථානයකින් ගමන් කරමින් සිටියෝය. එබැවින් නබි මුහම්මද් තුමාණන් ඔවුන්ව ආක‍්‍රමණය කිරීමට සූදානම් වී සහාබිවරුන්ගෙන් පිරිසක් කැටුව මදීනාවෙන් පිට වී ගියේය. මුස්ලිම්වරුන්ගේ සේනාවෙහි සහාබිවරුන් 313 ක් ද ඔටුවන් 70 ක් ද අශ්වයින් 2 ක් ද සන්නාහ කබා වලින් යුත් අය 60 ක් ද වූහ.

මේ බව ආරංචි වූ වහාම අබූ සුෆ්යාන් තමන්ගේ තවලම යා යුතුව තිබූ සාමාන්‍ය මාර්ගය වෙනස් කර රතු මුහුදු වෙරළ තීරයෙන් ගමන් කළේය. තවද ඔවුන්ගේ තවලම ආරක්ෂා කිරීමට තවත් මක්කා ප‍්‍රතික්ෂේපක ප‍්‍රධානියෙකු වූ අබූ ජහ්ල්ගෙන් උදවු පතා පණිවිඩයක් යැව්වේය. මෙය ඇසූ අබූ ජහ්ල් මෙය මුස්ලිම්වරුන්ට පහර දීමට කදිම අවස්ථාවක් යැයි සිතා යුද භටයින් 1000 ක් සමග පිට විය. බද්ර් පිටියේ මේ දෙපිරිස මුහුණට මුහුණලා සටන් වැදුණෝය. අල්ලාහ්ගේ උපකාරයෙන් මෙම මුස්ලිම්වරුන්ගේ කුඩා පිරිස ජයග‍්‍රහණය කළෝය. මෙම යුද්ධයේදී අබූ ජහ්ල් ඇතුළුව මක්කා ප‍්‍රතික්ෂේපකයින් හැත්තෑ දෙනෙකු ඝාතනයට ලක් වූ අතර තවත් හැත්තෑ දෙනෙකු සිරභාරයට ගනු ලැබුවෝය. ඉතිරි සියල්ලෝම මක්කාවට පලා ගියෝය.

ඉස්ලාමීය කෝණයෙන් බැලූ කල මුස්ලිම් නොවන්නන් කොටස් තුනකට වර්ග කළ හැක. පළමුවැනි කොටස නම් මුස්ලිම් රටවල්හි ඉස්ලාමීය රජය යටතේ වෙසෙන්නන්ය. මොවුන් ‘දිම්මිවරුන්’ යැයි හඳුන්වනු ලැබේ. දෙවන කොටස මුස්ලිම් නොවන රාජ්‍යයක පොදුවේ මුස්ලිම්වරුන් සමග සහජීවනයෙන් වෙසෙන්නන්ය. මොවුන්ට ‘මුආහිද්වරුන්’ යැයි පවසනු ලැබේ. මෙම දෙපාර්ශවය විෂයෙහි ඔවුන්ගේ ජීවිතයන්ට හෝ සම්පත් වලට කිසිදු ආපදාවක් ඇති වන අයුරින් හැසිරීම මුස්ලිම්වරුන්ට තහනම්ය. එපමණක් නොව එය මහා පාපයක් ලෙස සලකනු ලැබේ. තෙවන කොටස නම් මුස්ලිම්වරුන්ට විරුද්ධකම් පෙන්වමින් ඔවුනට එරෙහිව අපරාධිතව සටනට පෙලඹෙන්නන්ය. මුස්ලිම් රාජ්‍යයකට සටන් කරන මෙන් අල්ලාහ් විධානය කොට ඇත්තේ මෙම පිරිසට එරෙහිවය. මොවුන් ‘හර්බීවරුන්’ යැයි හඳුන්වනු ලැබේ. 

චෝදනාව 14- මරාගෙන මැරෙන්නැයි ඉස්ලාමය උගන්වයි. 

“සටනේදී අවිශ්වාස කරන්නන් හමු වූ විට ආපසු හැරී නොඑන්න” යනුවෙන් කුරානයේ 8:15-16 වාක්‍යය සඳහන් කරයි.

විග්‍රහය හා නිවැරදි පරිවර්තනය

یٰۤاَیُّہَا الَّذِیۡنَ اٰمَنُوۡۤا اِذَا لَقِیۡتُمُ الَّذِیۡنَ کَفَرُوۡا زَحۡفًا فَلَا تُوَلُّوۡہُمُ الۡاَدۡبَارَ ﴿ۚ۱۵﴾وَ مَنۡ یُّوَلِّہِمۡ یَوۡمَئِذٍ دُبُرَہٗۤ اِلَّا مُتَحَرِّفًا لِّقِتَالٍ اَوۡ مُتَحَیِّزًا اِلٰی فِئَۃٍ فَقَدۡ بَآءَ بِغَضَبٍ مِّنَ اللّٰہِ وَ مَاۡوٰىہُ جَہَنَّمُ ؕ وَ بِئۡسَ الۡمَصِیۡرُ ﴿۱۶﴾

විශ්වාස කළවුනි! ප‍්‍රතික්ෂේප කළවුන් (යුද බිමෙහි) රොක් වී පැමිණීම නුඹලා මුණ ගැසුණු විට නුඹලා ඔවුනට පසුපස හැරී පසුබට වී නොයවු.” (අල් කුර්ආන් 8:15) “යුද වැදීමට (යුද උපක‍්‍රමයක් වශයෙන් පෙරළා පහර දීම සඳහා) පසුපසට පැමිණෙන්නෙකුව හෝ පිටුපස වී (යුද වදින තම) කණ්ඩායමක් සමග එකතු වන්නෙකුව මිස එදින කවරෙකු ඔවුනට තම පිටුපස ලා හැරී යන්නේ ද එවිට අල්ලාහ්ගෙන් වූ කෝපය සමග ඔහු හැරී එන්නේය. තවද ඔහුගේ ලැගුම් ගන්නා ස්ථානය නිරයයි. නැවත යොමු වන ස්ථාන අතුරින් (එය) ඉතා නපුරුය.” (අල් කුර්ආන් 8:16)

මෙම වාක්‍යයේ සඳහන් වන්නේ සෙබලෙකු යුධ පිටියේ පිළිපැදිය යුතු යුධ නීතීන්ය. මෙහි ප‍්‍රතික්ෂේපකයින් ලෙස සඳහන් වී ඇත්තේ මුස්ලිම්වරුන්ට එරෙහිව යුධ වදින්නා වූ හර්බි ප‍්‍රතික්ෂේපකයින් සම්බන්ධයෙන් පමණි. හර්බි ප‍්‍රතික්ෂේපකයින් පිළිබඳ වැඩි විස්තර සඳහා මෙම ලිපියෙහි 8:12 වාක්‍යයට අයත් විග‍්‍රහය කියවන්න.

චෝදනාව 15- දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් ඝාතනය කරතොත් අල්ලාහ් උපකාර කරයි.

“ඔවුන් මරන ලද්දේ ඔබ නොව අල්ලාහ් දෙවියන් විසිනි ඔබ දූවිලි සතුරාගේ ඇස් වලට විසි කලා නොව අල්ලාහ් දෙවියන් එය කළහ. අල්ලාහ් දෙවියන්ගේ උදව් වීම තුළින් ඔහු විශ්වාසවන්තයින් පරීක්ෂාවට ලක් කරන්නේය” යනුවෙන් කුරානයේ 8:17 වාක්‍යය සඳහන් කරයි.

විග‍්‍රහය:

فَلَمۡ تَقۡتُلُوۡہُمۡ وَلٰکِنَّ اللّٰہَ قَتَلَہُمۡ ۪ وَ مَا رَمَیۡتَ اِذۡ رَمَیۡتَ وَ لٰکِنَّ اللّٰہَ رَمٰی ۚ وَ لِیُبۡلِیَ الۡمُؤۡمِنِیۡنَ مِنۡہُ بَلَآءً حَسَنًا ؕ اِنَّ اللّٰہَ سَمِیۡعٌ عَلِیۡمٌ ﴿۱۷﴾

(යුද බිමේ දී) ඔවුන්ව නුඹලා ඝාතනය කළේ නැත. නමුත් ඔවුන්ව ඝාතනය කළේ අල්ලාහ්ය. (නබිවරය,) නුඹ විසි කළ විට (ඇත්තෙන්ම) නුඹ විසි කළේ නැත. නමුත් එය විසි කළේ අල්ලාහ්ය. (අල්ලාහ් එලෙස කළේ) එයින් විශ්වාසිකයින්ව යහ පරීක්ෂණයකින් පරීක්ෂා කිරීම පිණිසය. සැබැවින්ම අල්ලාහ් සර්ව ශ‍්‍රාවකය සර්වඥය.

බද්ර් යුද්ධයේ දී නබි මුහම්මද් තුමාණන් වැලි හා ගල් කැට අහුරක් ගෙන සතුරන් දෙසට විසි කළේය. ඒවා සතුරන්ගේ දෑස් තුළට ගොස් ඔවුන් අතර කලබලකාරී තත්ත්වයක් ඇති කළේය.

යුද බිමේ සිටින හර්බී ප‍්‍රතික්ෂේපකයින්ට ආයුධ බලය සහ සේනා බලය තිබියදී, කිසිදු පහසුකමක් නොවූ මුස්ලිම්වරුන්ට ජයග‍්‍රහණය ලබා දීමෙන් මුස්ලිම්වරුන් සත්‍යය වටහාගෙන අල්ලාහ්ට කෘතවේදී වේදැ’යි පරික්ෂා කිරීම මින් අදහස් වේ.

මෙම වාක්‍යය යුධ පිටියේ සිටින්නාවූ සෙබලුන් දිරි ගැන්වීම සඳහා පහළ කරන ලද්දාවූ වාක්‍යයන්ය.

චෝදනාව 16- ඉස්ලාමය පමණක් පිහිටිය යුතුයි

“ඉස්ලාමය හැර අනෙකුත් සියලුම ආගම් භූමියෙන් විනාශ කොට අතුගා දමවු”යනුවෙන් කුරානයේ 8:39 වාක්‍යය සඳහන් කරයි.

විග‍්‍රහය:

ඉහත චෝදනාව අන්තර්ගත විකෘති කරන ලද කුර්ආන් වාක්‍යය.

“තවද (මුළු ලොව පුරාම) අල්ලාහ්ගේ ඉස්ලාමය් පමණක් ඉතිරිවන ලෙස අනෙකුත් සියළුම ආගම්, ජීවන රටා, ඇදහිලි, චාරිත‍්‍ර වාරිත‍්‍ර, සංස්කෘතීන්, සම්ප‍්‍රදායන් සහ නීතිරීති (FITNAH) භූමියෙන් විනාශකොට අතුගා දමන තුරු (මුළු ලොව පුරාම) සියළුම අන්‍යාගමිකයින්ට විරුද්ධව සටන් කරන්න. ඔවුන් තම ආගම් අතහැර ඉස්ලාමය වැළඳගන්නේ නම්, අල්ලාහ්ට ඔවුන් කරන්නා වූ සියල්ල පෙනෙන්නේය”.

පළමුව මෙම කුර්ආන් වාක්‍යයේ වඩාත් නිවැරදි අර්ථ දැක්වීම කෙරෙහි යොමු වෙමු. 

وَ قَاتِلُوۡہُمۡ حَتّٰی لَا تَکُوۡنَ فِتۡنَۃٌ وَّ یَکُوۡنَ الدِّیۡنُ کُلُّہٗ لِلّٰہِ ۚ فَاِنِ انۡتَہَوۡا فَاِنَّ اللّٰہَ بِمَا یَعۡمَلُوۡنَ بَصِیۡرٌ ﴿۳۹﴾

භීෂණය තුරන්ව ගොස් දහම සම්පූර්ණයෙන්ම අල්ලාහ්ට සතුවන තෙක් ඔවුන් සමග නුඹලා සටන් වදිවු. ඔවුන් (භීෂණයෙන්) වැළකුණේ නම්, (ඔවුන් සමග නුඹලා සටන් නොවදිවු.) එවිට සැබැවින්ම අල්ලාහ් ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳව සර්ව සුපරීක්ෂාකාරීය.” (අල් කුර්ආන් 8:39)

මෙම වාක්‍යය පහළ කරනු ලැබූවේ නබි මුහම්මද් තුමාණන් අවුරුදු 13 ක් ම ප‍්‍රතික්ෂේපක මක්කාවාසී කුරෙයිෂ් නායකයින්ගේ අති භයානක භීෂණය හා හිංසනය දරාගත නොහැකිව මදීනා නගරයට දේශාන්තරණය කිරීමෙන් පසු මෙම කුරෙයිෂ් නායකයින් විශාල හමුදාවක් සමග මදීනා නගරය ආක‍්‍රමණය කිරීමට පැමිණ මදීනා නගරය අසල ඇති බද්ර් නම් ස්ථානයේ සිදු වු පළමු යුද ගැටුම පදනම් කරගෙනය. මෙම වාක්‍යයේ “ෆිත්නා” යන අරාබි පදයට චෝදනා ඉදිරිපත් කරන්නන් දී ඇති අර්ථ ලැයිස්තුව ඕනෑම අයෙකු මවිතයට පත් කරවන්නකි. මෙම බද්ර් යුද්ධය ඇති වන්නේ ආක‍්‍රමණකාරී කුරෙයිෂ් ප‍්‍රතික්ෂේපකයින් විසින් කළ යුද මෙහෙයුම හේතුවෙනි. මෙම වාක්‍යයේ සඳහන් වන්නේ එම ආක‍්‍රමණකාරී කුරෙයිෂ් ප‍්‍රතික්ෂේපකයින් පිළිබඳවය. මෙම වාක්‍යයෙහි අල්ලාහ් මුස්ලිම්වරුන්ට සටන් වදින මෙන් අණ කොට ඇත්තේ ඉහත සඳහන් පරිදි ඔවුන්ට නිදහසේ තම දහම ඇදහීමට බාධා හා හිංසා කරමින් සිටි එම මක්කාවාසී ප‍්‍රතික්ෂේපකයින්ට එරෙහිව ඉස්ලාම් දහම ඇදහීමට හැකිවන තත්ත්වයක් උදාවන තුරු ප‍්‍රයත්නයක් දරණ මෙන්ය. මේ අනුව බැලූ කල මෙම වාක්‍යය පොදුවේ සෑම මුස්ලිම් නොවන්නෙකුම ආමන්ත‍්‍රණය නොවන්නක් බව කියවන ඔබට පහසුවෙන් වැටහෙනු නියතය.

චෝදනාව 17-ත්‍රස්ත ක්‍රියා කිරීමට ආයුධ රැස් කරනු

“ඔවුන්ට විරුද්ධව ඔබගේ උපරිම ශක්තිය යොදා අල්ලාහ් දෙවියන්ගේ සතුරන් හා ඔබගේ සතුරන්ගේ හදවත් ත‍්‍රස්ත කිරීම සඳහා ද එමෙන්ම ඔබ නොදන්නා නමුත් අල්ලාහ් දෙවියන් දන්නා තවත් අය ත‍්‍රස්ත කිරීමටද හැකි පමණ ආයුධ රැස් කරන්න” යනුවෙන් කුරානයේ 8:60 වාක්‍යය සඳහන් කරයි.

විග‍්‍රහය:

ඉහත සඳහන් වාක්‍යයේ පරිවර්තනය විකෘති කර ඇති අතර එහි අරාබි පාඨ හා නිවැරුදි පරිවර්තනය දෙස යොමුවී බලමු. 

وَ اَعِدُّوۡا لَہُمۡ مَّا اسۡتَطَعۡتُمۡ مِّنۡ قُوَّۃٍ وَّ مِنۡ رِّبَاطِ الۡخَیۡلِ تُرۡہِبُوۡنَ بِہٖ عَدُوَّ اللّٰہِ وَ عَدُوَّکُمۡ وَ اٰخَرِیۡنَ مِنۡ دُوۡنِہِمۡ ۚ لَا تَعۡلَمُوۡنَہُمۡ ۚ اَللّٰہُ یَعۡلَمُہُمۡ ؕ وَ مَا تُنۡفِقُوۡا مِنۡ شَیۡءٍ فِیۡ سَبِیۡلِ اللّٰہِ یُوَفَّ اِلَیۡکُمۡ وَ اَنۡتُمۡ لَا تُظۡلَمُوۡنَ ﴿۶۰﴾ وَ اِنۡ جَنَحُوۡا لِلسَّلۡمِ فَاجۡنَحۡ لَہَا وَ تَوَکَّلۡ عَلَی اللّٰہِ ؕ اِنَّہٗ ہُوَ السَّمِیۡعُ الۡعَلِیۡمُ ﴿۶۱﴾ 

“අල්ලාහ්ගේ සතුරාව ද නුඹලාගේ සතුරාව ද ඔවුන් හැර සෙසු අයව ද බිය ගැන්විය හැකි අයුරින් නුඹලාට හැකි සන්නද්ධ බලයෙන් හා අශ්ව බලඇණියෙන් ඔවුනට එරෙහිව සූදානම් කරවු. (සෙසු අය වන) ඔවුන්ව නුඹලා නොදන්නෙහුය. (නමුත්) අල්ලාහ් ඔවුන්ව දන්නේය. නුඹලා කවර දෙයක් අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කළ ද එ(හි වේතන)ය නුඹලාට මුළුමණින්ම පිරිනමනු ලැබේ. තවද නුඹලා අසාධාරණයට ලක් කරනු නොලබන්නෙහුය. (නබිවරය,) ඔවුන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම්, නුඹ ද ඒ වෙත නැඹුරු වවු. තවද අල්ලාහ් වෙත (සියලූ) විශ්වාසය තබවු. සැබැවින්ම ඔහු සර්ව ශ‍්‍රාවකය සර්වඥය.” (අල් කුර්ආන් 8:60-61)

ලොවේ ඉස්ලාම් භීතිකාවක් සමාජගත කිරීම ලොවේ ප්‍රධාන පෙලේ ව්‍යපාරයක්ව තිබීම අප කවුරුත් දන්නා සත්‍යයකි. මෙවන් ව්‍යාපරිකයින්ගේ ප්‍රධාන අලෙවි භාණ්ඩයක් වශයෙන් මෙම 8:60 වන අල් කුර්ආන් වැකිය නූගත් අයුරින් භාවිතා කිරීම අප නිතර දකින්නෙමු. නමුත් මෙම අල් කුර්ආන් වැකිය ගෙනහැර පෙන්වා දී ඇත්තේ රාජ්‍යයකට එරෙහිව සටනක් ඇතිවීමට තිබෙන අවස්ථාවකදී සූදානම් වීමට කටයුතු කළ යුතු ආකාරය විනා සාමාන්‍ය ජීවිතයේදී භාවිතා කළයුතු උපදෙස් නොවන බව අපට මනාව පැහැදිළිවනු ඇත. එහෙත් ඊළග වැකිය දෙස පාඨක ඔබගේ අවධානය යොමු කළා නම් මෙවන් අයුරින් ඉස්ලාම් භිතිකාවක් ගොඩනැගීමට වෙරදැරූවන්ගේ බොළද උත්සහායේ අසමත් බව මනාව පැහැදිළිවනු ඇත. එනම් එසේ හිංසා අපරාධ කොට විරෝධීව කටයුතු කළවුන් හෝ වේවා සමාදානය වෙත නැඹුරු වූවා නම් ඔවුන් සමග කටයුතු කළයුතු අන්දම මින් වැටහෙනු ඇත.

ඉස්ලාමය සැම විටම සාමය හා සහජීවනය ඉතා ප‍්‍රිය කරන්නක් හා එය ලොව පුරා පැතිරිය යුතු යැයි පතන්නක් බව ‘ඉස්ලාම්’ යන නාමයෙන්ම තහවුරු වන්නේය. මන්දයත් ‘ඉස්ලාම්’ යනු ‘සලාම්’ යන පදයෙන් බෙදී ආ එකකි. ‘සලාම්’ යනු ශාන්තිය, සාමය, සමාදානය යන අර්ථය ගෙන දෙන අතර අභයදායීභාවය, ආරක්ෂාව යන තවත් අර්ථයක් ද එයට ඇත. එබැවින් මුස්ලිම්වරයෙකු නම් තමන්ගෙන් අනෙකාට අභයදායීභාවය හා ශාන්තිය ඇති වන අයුරින් හැසිරිය යුතුය. “කවරෙකුගේ දිවෙන් හා දෑතින් (ඇතිවන හිංසාවෙන්) අන් අය ආරක්ෂා වන්නේද ඔහුමය සත්‍යය මුස්ලිම්වරයා” යැයි නබි මුහම්මද් තුමාණන් පවසා ඇත්තේය. කෙනෙකු තවත් පුද්ගලයෙකුව මුණගැසෙන අවස්ථාවේදී හෝ බොහෝ අවස්ථාවන් වලදී එකා අනෙකාට ‘සලාම්’ හෙවත් ‘අස්සලාමු අලෙයිකුම්’ (නුඹලා කෙරෙහි ශාන්තිය, සමාදානය හා අභයදායී තත්ත්වයක් ඇති වේවා!) යන්නෙන් පැතිය යුතුයි යැයි ඉස්ලාමයෙහි ආගමානුගත කර ඇත්තේ ද මෙනිසාය. තවද ”(නබිවරය,) සමස්ත විශ්වයන්ට දයාලූවක් වශයෙන් මිස අපි නුඹව (නබිවරයෙකු ලෙස) නොඑව්වෙමු.” යැයි අල්ලාහ් අල් කුර්ආනයෙහි නබි මුහම්මද් තුමාණන් අමතා පවසා ඇත. මුළු විශ්ව වැසියන් හට අල්ලාහ්ගේ දයාලූභාවය හා කරුණාව ලැබිය යුතු යැයි ඉස්ලාමය පතන බව මෙම වාක්‍යය පැහැදිලි කරන්නේය.

මිනිසුන් අතර කිසිදු භේදයකින් තොරව සදා පැවතිය යුතු සහජීවනය උදෙසා ඉස්ලාමය නොයෙකුත් අන්දමින් ප‍්‍රයත්නය දරන්නක් බවට ඉතිහාසය සාක්ෂි දරන බව ඉතිහාසය අධ්‍යයනය කරන කිසිවෙකුටත් ප‍්‍රතික්ෂේප කළ නොහැක. සහජීවනය උදෙසා ඉස්ලාමය වෙර දරා ඇති අන්දම ඓතිහාසික බැල්මෙන් මඳක් අප අවධානය යොමු කිරීම උචිතය.

මුස්ලිම්වරුන් තම පාලනයන්, තම ගිවිසුම් හා තම කටයුතු පවත්වාගෙන යෑමේදී මුස්ලිම් නොවන්නන්ගේ වස්තූන්, අයිතිවාසිකම්, ජීවිත, දේවස්ථාන හා ආගමික සහ සංස්කෘතික කටයුතු ආරක්ෂා කිරීමට ප‍්‍රමුඛත්වය දීම.

1. ‘නජ්රාන් වැසියන් හා ඔවුන් සමග සිටින්නන් අල්ලාහ්ගේ ආරක්ෂාවෙහි හා ඔහුගේ දුතයාණන් වූ නබි මුහම්මද්ගේ වගකීමෙහි සිටිති. ඔවුන්ගේ ජීවිත, දහම, ඉඩකඩම් ඇතුළු සියලූ දේපල, මෙහි සිටින්නන් හා නොසිටින්නන්, ආගමික නැමදුම් ස්ථාන යනාදීන්, තවද ඔවුන්ගේ පවුලේ උදවිය හා ඔවුන්ව පිළිපදින්නන් යන සියල්ලන් කෙරෙහිම මෙහි ආරක්ෂාව හා වගකීම හිමි වේ. ඔවුන්ගේ අයිතිවාසිකමින් හෝ ඔවුන්ගේ දහමින් හෝ කිසිවක් වෙනස් කරනු නොලැබේ. තවද කිසිදු පූජකවරයෙකු හෝ පැවිද්දෙකු තමන්ගේ පදවියෙන් ඉවත් නොකෙරේ. නිත්‍යානුකූලව ඔවුන්ගේ දෑත් යට ඇති විශාල හෝ කුඩා සෑම දෙයක්ම ඔවුන් සතු දෑය.’ යනුවෙන් නබි මුහම්මද් තුමාණන් වෙත නජ්රාන් දේශයේ සිට පැමිණි කිතුනු නියෝජිත කණ්ඩායමක් සමග එතුමාණන් කර ගත් ගිවිසුමෙහි සඳහන් වී ඇත. (උපුටා ගැනීම : දලාඉලූන් නුබුව්වා)

2. (නබි මුහම්මද් තුමාණන්ගෙන් පසු දෙවන කලීෆා හෙවත් පාලකයා වූ උමර් තුමා විසින් ඊලියා ප‍්‍රදේශවාසී කිතුනුවන් සමග කරන ලද ගිවිසුමක පහත අයුරින් සඳහන් වී ඇත.) ‘මෙය අල්ලාහ්ගේ ගැත්තා හා ඉස්ලාමීය පාලකයා වන උමර් බින් අල් කත්තාබ් තුමාණන් විසින් මුස්ලිම් නොවන ජනයාට දෙනු ලබන ආරක්ෂාව පිළිබඳව වූ ප‍්‍රඥාප්තියයි. ඔවුන්ගේ ජීවිත, වස්තූන්, දෙව් මැදුරු, කුරුසියන් හා මුළු ප‍්‍රජාවම ආරක්ෂා කිරීමට සහතික වෙමි. ඔවුන්ගේ දෙව් මැදුරු බලෙන් අල්ලා ගැනීම, බිඳ හෙළීම හෝ හානි සිදු කිරීම නොකළ යුතුය. ඔවුන්ගේ කුරුසියන් හෝ ඔවුන් සතු කිසිවක් කෙරෙහි අත නොතැබිය යුතුය. ඔවුන්ව තම දහම අත්හරින ලෙස බල කරනු නොලබන අතර ඔවුනට කිසිදු ආකාරයක හානියක් සිදු නොකළ යුතුය.’ (උපුටා ගැනීම : අත් තාරීකුත් තබරී) 

3. ඉතිහාසඥයින් දැනුවත්ව ඇති පරිදි ජෙරුසලමෙහි පිහිටා ඇති ‘යාච්ඥා විලාප ප‍්‍රකාරය’ යුදෙව් දහමේ අති පාරිශුද්ධ නැමදුම් ස්ථාන අතුරින් එකකි. කලකට පෙර එම ස්ථානය සුන්බුන් වී ගල් කැබලි වලින් සම්පූර්ණයෙන්ම වැසී ගොස් තිබුණි. ඔටෝමාන් ඉස්ලාමීය පාලකයා වූ සුල්තාන් සුලෙයිමාන් මේ බව දැනගත් විගස ජෙරුසලමේ ආණ්ඩුකාරවරයාට උපදෙස් දෙමින් ‘යාච්ඥා විලාප ප‍්‍රකාරය’ පිහිටි ස්ථානය සම්පූර්ණයෙන්ම ප‍්‍රතිසංසස්කරණය කොට ගල් කැබලි ඉවත් කොට පිරිසිදු තත්ත්වයට පත් කර යුදෙව්වන්ට එම ස්ථානයට පිවිසීමට පහසුකම් සලසා දෙන ලෙස නියෝග කරන ලදී. (උපුටා ගැනීම : තසාමුහුල් ගර්බ් මඅල් මුස්ලිමීන්)

මුස්ලිම් නොවන ජනයාට සමානාත්මතාව, යුක්තිය හා සාධාරණය භුක්ති විඳීමට නිදහස ලබා දීම.

1. ‘ඉස්ලාමීය ෂරීආව මුස්ලිම් නොවන ජනයාට වෘත්තීන්හි නියැළීමේ අවස්ථාවන් වසා දැමුවේ නැත. ඔවුන් ඉතා ඵලදායී උසස් වෘත්තීන්හි නියැළී සිටියහ. ඔවුන් ඉස්ලාමීය රාජ්‍යයන්හි මුදල් හුවමාරු කරන්නන්, ව්‍යාපාරිකයින්, රන් ආභරණ වෙළඳුන්, වෛද්‍යවරුන් හා ඉඩම් හිමියන් ලෙස කටයුතු කළහ. ඉතාමත් ඵලදායී අයුරින් ඔවුන් සංවිධානය වී සිටියහ. සිරියාවෙහි බොහෝ මුදල් හුවමාරු කරන්නන් හා රන් ආභරණ වෙළඳුන් ලෙස සිටියේ යුදෙව්වන් වූ අතර බොහෝ වෛද්‍යවරුන්, ලිපිකරුවන්, හා ලේඛකයින් ලෙස සිටියේ කිතුනුවන්ය. බැග්ඩෑඩ්හි කලීෆාවරයාගේ (ඉස්ලාමීය පාලකයාගේ) වෛද්‍යවරයා ලෙස කටයුතු කළේ කිතුනුවන්ගේ නායකයා වූ අතර යුදෙව්වන්ගේ නායකයින් හා යුදෙව් ව්‍යාපාරිකයින් කලීෆාවරයාගේ සේවකයින් ලෙස සිටියහ.’ ^zThe Islamic Civilization in the Fourth CenturyZ-Mitz Adam / zJews & CristiansZ-Ref Section& 

2. දිම්මි ප‍්‍රතික්ෂේපකයින්ව (එනම් ඉස්ලාමීය රාජ්‍යක ජීවත් වන මුස්ලිම් නොවන ජනයාව) ශාරීරික හානියෙන් ආරක්ෂා කිරීම පමණක් නොව ඔවුන්ව සියලූම ආකාරයේ වාචික අපහාසාත්මක ක‍්‍රියාවන්ගෙන් ද ආරක්ෂා කිරීම ඉස්ලාමීය රාජ්‍යයක වගකීම වේ. මුස්ලිම්වරුන්ට සමාන අයුරින් දිම්මිවරුන් සම්බන්ධයෙන් ද සාධාරණ හේතුවකින් තොරව අපහාසාත්මක කිසිවක් ඔවුනට පැවසීම සහමුලින්ම තහනම්ය. (උපුටා ගැනීම : අල් ෆුරූක්)

නබි මුහම්මද් තුමාණන් හා අනෙකුත් මුස්ලිම්වරුන් මදීනාවෙහි තම මුස්ලිම් නොවන අසල්වැසියන් සමග යහ අයුරින් හැසිරීම, ඔවුනට ත්‍යාග පිරිනැමීම හා ඔවුන්ගේ ත්‍යාගයන් පිළිගැනීම.

1. නබි මුහම්මද් තුමාණන්ගේ අසල්වැසියා වූයේ යුදෙව්වෙකුය. එසේ තිබියදීත් ”කවරෙකුගේ අසල්වැසියා තම හිංසා අපරාධවලින් ආරක්ෂාව නොලබන්නේද, ඔහු සත්‍ය විශ්වාසිකයෙකු නොවේ.” යැයි නබි මුහම්මද් තුමාණන් අල්ලාහ් මත දිවුරා පවසා ඇත. (මූලාශ‍්‍රය : සහීහුල් බුහාරි)

2. සහාබිවරයෙකු වන ඉබ්නු අම්ර් තුමාණන් වරක් ඔහුගේ පවුල තුළ කෑමට එළුවෙකු පිසා තිබූ අවස්ථාවේ “අපගේ අසල්වැසි යුදෙව්වාට (මෙයින්) පිරිනැමුවේදැ”යි විමසූහ. “නැත” යැයි පවුලේ උදවිය පිළිතුරු දුන්හ. එවිට “ඔවුනට ද මෙයින් පිරිනමන්නැ”යි ඔහු පැවසීය. (මූලාශ‍්‍රය : අහ්මද්)

3. මුකව්කස් හා කිස්රා නමැති කිතුනු රජවරුන් වෙතින් පැමිණි ත්‍යාගයන් නබි මුහම්මද් තුමාණන් සතුටින් පිළිගෙන ඇත. රජවරුන් පමණක් නොව මුස්ලිම් නොවන සාමාන්‍යය ජනයා වෙතින් පැමිණි ත්‍යාගයන් ද සතුටින් පිළිගෙන ඇත.

මුස්ලිම් නොවන සහෝදරයෙකු අසනීප වී සිටින විට ඔවුන්ව සුවදුක් විමසීමට යෑම හා ඔවුන්ගෙන් මරණයට පත් වූ අයගේ දේහයට ගෞරව කිරීම.

1. නබි මුහම්මද් තුමාණන් හට සේවය කරමින් සිටි යුදෙව් ළමයෙකු අසනීප තත්ත්වයකට පත් වූ අවස්ථාවක එතුමාණන් ඔහුගේ සුව දුක් විමසීම සඳහා ගොස් ඇත. (මූලාශ‍්‍රය : සහීහුල් බුහාරි)

2. විටෙක අයෙකුගේ දේහයක් ගෙන යනු දුටු නබි මුහම්මද් තුමාණන් නැගිට ඊට ආචාර කළහ. “එය යුදෙව් ජාතිකයකුගේ දේහයක්” යැයි පවසනු ලැබූ කල, එතුමාණන් “එය මනුෂ්‍ය ආත්මයක් නොවේ දැ”යි විමසූහ. (මූලාශ‍්‍රය: සහීහුල් බුහාරි)

මුස්ලිම් නොවන පුද්ගලයින් සමග මුස්ලිම්වරුන් ගනුදෙනුවල යෙදීම හා ඔවුන්ගේ හැකියාවන් තුළින් ප‍්‍රයෝජන ගැනීම.

1. නබි මුහම්මද් තුමාණන් යුදෙව් ජාතිකයෙකුගෙන් ආහාර වර්ගයක් ණයට ගෙන ඒ වෙනුවට තම යුද කවසම ඔහු අබියස උකසට තබා ඇත. (මූලාශ‍්‍රය : සහීහුල් බුහාරි) මෙය පමණක් නොව තවත් විටෙක නබි මුහම්මද් තුමාණන් තවත් යුදෙව්වෙකුගෙන් ණයක් ගෙන සිටි අවස්ථාවක ණය හරවා දීමේ දිනයට පෙරම එම යුදෙව්වා පැමිණ අයුතු ආකාරයකින් තම ණය ඉල්ලා සිටිය ද එතුමාණන් යහ අයුරින් හැසිරී ඔහුගේ ණය හරවා දුන්නේය.

2. අබ්දුල්ලාහ් බින් උරෙයිකිත් නැමැත්තා අන්‍ය ආගමිකයෙකුව සිටියද නබි මුහම්මද් තුමාණන් ගමනක යෙදෙන විට ඔහුව තම මාර්ගෝපදේශකයෙකු ලෙස කුලියට ගත්හ. ඔහු ගමන් මාර්ගයන් පිළිබඳව හොඳ දැනුමැත්තෙකුව සිටියේය. (මූලාශ‍්‍රය : සහීහුල් බුහාරි)

ඉස්ලාමයෙහි සහජීවනය සඳහා වූ වැදගත්කම හා ප‍්‍රමුඛත්වය පිළිබඳව ඉහත සඳහන් ඓතිහාසික සාධක තුළින් පැහැදිලි වන්නේය. එබැවින් මෙම යථාර්ථය අවබෝධ කරගෙන සමස්ත මුස්ලිම් ප‍්‍රජාව මුස්ලිම් නොවන සහෝදරයින් සමග නබි මුහම්මද් තුමාණන් කටයුතු කළ ආකාරය ආදර්ශයක් ලෙස ගෙන ජීවත් වීම තුළින් හා මුස්ලිම් නොවන්නන් ඉහත සඳහන් කරුණු පැහැදිලිවම අවබෝධ කරගෙන මුස්ලිම්වරුන් සමග අන්‍යෝන්‍ය ලෙස කටයුතු කිරීම තුළින් ලොවෙහි සහජීවනය ඉතාමත් ශක්තිමත් වනු ඇත.

චෝදනාව 18-ඉස්ලාමය ත්‍රස්තයට දිරිගන්වයි

“විශ්වාසිකයින්ව සටනට දිරිගන්වවු” යනුවෙන් කුරානයේ 8:65 වාක්‍යය සඳහන් කරයි.

විග්‍රහය: 

یٰۤاَیُّہَا النَّبِیُّ حَرِّضِ الۡمُؤۡمِنِیۡنَ عَلَی الۡقِتَالِ ؕ اِنۡ یَّکُنۡ مِّنۡکُمۡ عِشۡرُوۡنَ صٰبِرُوۡنَ یَغۡلِبُوۡا مِائَتَیۡنِ ۚ وَ اِنۡ یَّکُنۡ مِّنۡکُمۡ مِّائَۃٌ یَّغۡلِبُوۡۤا اَلۡفًا مِّنَ الَّذِیۡنَ کَفَرُوۡا بِاَنَّہُمۡ قَوۡمٌ لَّا یَفۡقَہُوۡنَ ﴿۶۵﴾ 

නබිවරය! විශ්වාසිකයින්ව සටනට දිරිගන්වවු. නුඹලා අතුරින් ඉවසිලිවන්ත විසි දෙනෙකු වේ නම් ඔවුහු දෙසීය දෙනෙකු අබිබවා යන්නෝය. නුඹලා අතුරින් සිය දෙනෙකු වේ නම් ඔවුහු ප‍්‍රතික්ෂේප කළවුන් අතුරින් දහසක් දෙනා අබිබවා යන්නෝය. හේතුව (ප‍්‍රතික්ෂේපක) ඔවුන් වැටහීමක් නැති පිරිසක් බැවිනි.” (8:65)

මෙම වාක්‍යය ‘බද්ර්’ සටන සිදු වීමෙන් පසුව නබි මුහම්මද් තුමාණන්ට පහළ වූවකි. මෙම වාක්‍යය පමණක් නොව මෙම මුළු සූරහ්වෙහිම ‘බද්ර්’ සටන අවස්ථාවේ දී සිදු වූ සිදුවීම් පිළිබඳව හා ඒවායෙහි ධාර්මික නීතීන් පිළිබඳව සඳහන් වී ඇත. මුස්ලිම්වරුන් ප‍්‍රතික්ෂේපකයින්ගේ අපරාධයට ලක්ව තමන්ගේ මාතෘ භූමිය වන මක්කහ්වෙන් පිටුවහල් කරනු ලැබුවෝය. තවද මදීනහ් නගරයට දේශාන්තරණය කළ ඇතැම් මුස්ලිම්වරුන්ගේ සමීප ඥාතීන්ව ද ප‍්‍රතික්ෂේපකයින් විසින් මක්කහ්වෙහි රඳවා තබා ගත්තෝය. ‘බද්ර්’ සටන සිදු වූයේ මෙවන් තත්ත්වයක් මුල්කර ගෙනය. එවිට ප‍්‍රතික්ෂේපකයින්ගේ සේනාව සමග සසඳා බැලූ කල මුස්ලිම්වරුන්ගේ සේනාව සංඛ්‍යාවෙන් හා සන්නද්ධ බලයෙන් ඉතා බලහීන හා අපොහොසත් තත්ත්වයක සිටියෝය. එබැවින් තමන්ට සිදු වූ අපරාධ වලට ප‍්‍රතිප‍්‍රහාරයක් වශයෙන් කරන මෙම සටනින් මුස්ලිම්වරුන් පසුබට නොවිය යුතු හෙයින් මොවුන්ව දිරිගන්වනු පිණිස ‘නුඹලාගේ සංඛ්‍යාවේ අපොහොසත්කම දෙස නොබලවු. තම අරමුණ දෙස පමණක් බලවු. නුඹලා ස්වල්ප දෙනෙකු වුවද අධික පිරිසක් අබිබවා ජයග‍්‍රහණය කරන්නෙහුය.’ යනුවෙන් පවසනු ලැබ ඇත. දැන් අප අවධානය යොමු කළ යුතු කරුණ නම් ”මුස්ලිම්වරුන් අන්‍යය ආගමිකයින් අතුරින් කුමන පිරිසට එරෙහිව ‘සටන් වැදිය යුතු’ යැයි දිරිගන්වනු ලැබුවේ ද?” යන්නයි. එනම් මුස්ලිම්වරුන්ට ‘සටන් වදින’ ලෙස දිරිගන්වනු ලැබුවේ තමන්ට නොනවතින රැළි මෙන් ප‍්‍රථමයෙන් ඉදිරිපත් වී ප‍්‍රහාර එල්ල කළ, තම ජීවිත හා සම්පත් සූරා ගැනීමට තැත් කළ ප‍්‍රතික්ෂේපකයින්ට එරෙහිව යන්නය. මෙම සටන මුස්ලිම්වරුන් විසින් ප‍්‍රථමයෙන් ඉදිරිපත් වී සිදු කරනු ලැබ තිබෙන ආක‍්‍රමණයක් වන්නේ නම්, මෙය මදීනහ් නගරයට අසලින් පිහිටි ‘බද්ර්’ නම් පිටියෙහි සිදු නොවී මක්කහ් නගරයට අසලින් පිහිටා ඇති කුමන හෝ පිටියක සිදුවන්නට තිබුණ. මෙවන් අවස්ථාවක දී තමන්ට අපරාධිතව හිංසා හා ප‍්‍රහාර එල්ල කළ පිරිසට එරෙහිව ප‍්‍රතිප‍්‍රහාරයක් ලෙස සටන් වැදීමට අවස්ථාවක් එළඹී තිබිය දී පසුබට නොවී සටන් වැදීමට දිරිගැන්වීම අනිවාර්යය කරුණක් නොවේ ද? සතුරන් විසින් අප රටට ප‍්‍රහාර එල්ල කරනු ලබන විට අපගේ මව්බිම ආරක්ෂා කරනු පිණිස රටේ වැසියන් සතුරන්ට එරෙහිව සටනෙහි පිවිසීම කෙරෙහි දිරිගැන්වීම අපගේ යුතුකමක් නොවන්නේ ද? අපවාදයට ලක්විය යුතු කරුණ වනුයේ අන් අයට හිංසා අපරාධ කිරීම ද නැතහොත් අපරාධයට ලක් වූවන් ඒවාට එරෙහිව ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීම ද? යන්න සාමාන්‍යය දැනුමැත්තෙකුට පවා වැටෙහෙන විෂයකි.

චෝදනාව 19-මුස්ලිම් නොවන්නන්ගේ වස්තූන් පැහැර ගනු

“මුස්ලිම්වරුන් විසින් මුස්ලිම් නොවන්නන්ගෙන් බලෙන් උදුරාගනු ලබන වස්තූන් එය මුස්ලිම්වරුන් සතු වූවක්ය” යනුවෙන් කුරානයේ 8:69 හා 48:20 වාක්‍යය සඳහන් කරයි.

විග‍්‍රහය:

فَکُلُوۡا مِمَّا غَنِمۡتُمۡ حَلٰلًا طَیِّبًا ۫ۖ وَّ اتَّقُوا اللّٰہَ ؕ اِنَّ اللّٰہَ غَفُوۡرٌ رَّحِیۡمٌ ﴿٪۶۹﴾ 

එබැවින් නුඹලා (යුද බිමේ දී සතුරන්ගෙන්) අත් පත් කර ගත් දැයින් පිවිතුරු අනුමත දෑ අනුභව කරවු. තවද නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය මහා කරුණාභරිතය.” (8:69)

وَعَدَکُمُ اللّٰہُ مَغَانِمَ کَثِیۡرَۃً تَاۡخُذُوۡنَہَا فَعَجَّلَ لَکُمۡ ہٰذِہٖ وَ کَفَّ اَیۡدِیَ النَّاسِ عَنۡکُمۡ ۚ وَ لِتَکُوۡنَ اٰیَۃً لِّلۡمُؤۡمِنِیۡنَ وَ یَہۡدِیَکُمۡ صِرَاطًا مُّسۡتَقِیۡمًا ﴿ۙ۲۰﴾

“(යුද බිමේ දී සතුරන්ගෙන්) අත්පත් කරගත් වස්තූන් අධික වශයෙන් අල්ලාහ් නුඹලාට ප‍්‍රතිඥා දී තිබුණි. නුඹලා ඒවා ලබා ගන්නෝය. මෙය නුඹලාට ඔහු ඉක්මන් කළේය. තවද විශ්වාසිකයින්ට සංඥාවක් වනු පිණිස ද ඔහු නුඹලාව ඍජු මග රැගෙන යනු පිණිස ද (නුඹලාගේ සතුරු) ජනයින්ගේ දෑත් නුඹලා වෙතින් වළක්වාලීය. (අල් කුර්ආන් 48:20)

මෙම වාක්‍යයෙහි ‘ගනීමත්’ (යුද බිමේ දී සතුරන්ගෙන් අත්පත් වූ වස්තූන් පිළිබඳව සඳහන් වී ඇත. මෙයට ‘බලෙන් උදුරාගනු ලබන වස්තූන්’ යැයි ඇතැමුන් විසින් පරිවර්තනය කර තිබෙන අතර ‘මුස්ලිම්වරුන් විසින් මුස්ලිම් නොවන්නන්ගෙන් බලෙන් උදුරාගනු ලබන වස්තූන් එය මුස්ලිම්වරුන් සතු වූවක්’ යැයි ගෙන හැර පෙන්වා ඇත. ඇත්තෙන්ම මෙය ව්‍යාජ ප‍්‍රචාරයකි. මන්දයත් පළමුව මෙම වාක්‍යය මුස්ලිම් නොවන සෑම කෙනෙකු හා සම්බන්ධ වූවක් නොව මුස්ලිම්වරුන් සමග යුද වදින්නන් පමණක් හා සම්බන්ධ වූවකි. එනම් මුස්ලිම්වරුන් තමන් සමග සටනට පෙලඹෙන්නන්ට එරෙහිව යුද වැද ජයග‍්‍රහණය කළේ නම් ඔවුන්ගෙන් අත්පත් වන වස්තූන් ‘ගනීමත්’ (හෙවත් යුද බිමේ දී සතුරන්ගෙන් අත්පත් වූ) වස්තූන් යැයි පැහැදිලි කොට ඇත. ඇතැමුන් පවසන්නාක් මෙන් ‘ගනීමත්’ යනු ‘මුස්ලිම් නොවන ඕනෑම අයෙකුගෙන් උදුරාගනු ලැබූ හෝ පැහැරගනු ලැබූ වස්තූන්’ යැයි විග‍්‍රහ කිරීම නිවැරදි වනවා නම් මුස්ලිම්වරුන්ට මදීනහ්වේ තමන්ගේ අසල්වැසියන් ලෙස වාසය කළ මුස්ලිම් නොවන්නන්ගේ වස්තූන් බලෙන් තමන් සතු කර ගන්නට තිබිණ. නමුත් ඔවුන් එසේ කටයුතු නොකිරීම ‘ගනීමත්’ යනු යුද බිමේ දී සතුරන්ව ජය ගැනීමෙන් අනතුරුව අත් කර ගත් වස්තූන් බවට පැහැදිලි සාධකයක් වී ඇත.

දෙවනුව ‘ගනීමත්’ යන පදයට ‘බලෙන් පැහැර ගනු ලබන වස්තූන්’ යැයි අර්ථකථනය කිරීම වැරදි බව තහවුරු වන්නේය. මන්දයත් අරාබි භාෂාවෙහි ‘ගොවිතැන් හෝ ව්‍යාපාර වැනි මුදල් ඉපයීමේ අරමුණින් කරනු ලබන කිසිදු උත්සහයකින් තොරව අත් වන වස්තූන්’ වලට ‘ගුන්මුන්’ යන පදය භාවිත වේ. ‘ගනීමත්’ යන පදය මෙම පදයෙන් බෙදී ආ එකකි. යුද්ධයේ දී සතුරන්ව ජය ගැනීමෙන් අත් වන වස්තූන් ඉහත සඳහන් වස්තූන් ඉපයීමේ කිසිදු උත්සහයකින් තොරව අත් වන්නේය. එබැවින් මෙයට ‘ගනීමත්’ යන පදය භාවිත වේ. මෙම පදයට ‘බලෙන් පැහැර ගනු ලබන වස්තූන්’ යැයි විග‍්‍රහ කිරීම එම වචනය අනිසි ලෙස භාවිත කිරීමක් වේ. මන්දයත් ‘වස්තූන් බලෙන් පැහැර ගැනීම’ යනු නිත්‍යානුකූල නොවූවකි. යම් පිරිසක් මුස්ලිම්වරුන්ට විරුද්ධව යුද වැද මුස්ලිම්වරුන් සටනින් ජය ලැබුවේ නම් ඔවුන්ගේ වතු හා කුඹුරු වැනි සම්පත් බලෙන් සතු කර ගැනීම හෝ ඒවා විනාශ කිරීම, ගොඩනැගිලි බිඳ දැමීම, තමන්ට අයිති නොවන අන් අයගේ වස්තූන් තමන්ගේ වස්තූන් මෙන් භාවිත කිරීම ඉස්ලාමීය නීතීන් වලට සහමුලින්ම පටහැණි වූවකි. වරක් මුස්ලිම්වරුන්ගේ සේනාව එක් යුද්ධයක් ජය ගත් අවස්ථාවේ එළුවන් කිහිපයක් අනිසි ලෙස අත් කර ගෙන ඒවා කපා උයන්නට ද වූහ. නබි මුහම්මද් තුමාණන් එතැනට සම්ප‍්‍රාප්ත වූ විට එම සිද්ධිය දැක කෝපයට පත් වී ඔවුන් පිසමින් සිටි භාජන පෙරළා දමා එම එළුවන් දහය වෙනුවට මහත් ඔටුවෙකු දී හානිය පියවූවේය.

‘ගනීමත්’ හෙවත් යුද බිමේ දී සතුරන්ගෙන් අත්පත් වූ වස්තූන් සතු කර ගැනීමේ නීතිය නම් යුද්ධයේ දී ජයගත් වස්තූන් සියල්ල රජය වෙත රැස් කළ යුතුය. ඉන් පසුව එයින් පහෙන් කොටසක් රජයේ පොදු භාණ්ඩාගාරයට සතු වේ. එම කොටස පොදු භාණ්ඩාගාරයේ නීතියට අනුව මුස්ලිම්වරුන් හා මුස්ලිම් නොවන්නන් යන කිසිදු භේදයකින් තොරව රට වැසියන් වෙනුවෙන් වියදම් කරනු ලැබේ. එම කාලයේ සෙබළුන්ට නියමිත වැටුප් නොතිබුණ හෙයින් එයින් ඉතිරි කොටස් හතර ඔවුනතර බෙදා දෙනු ලැබිණ. ඇතැම් අවස්ථාවන් වල පොදු සුභසාධක කටයුතු සැලකිල්ලට ගෙන රජය විසින් ඉතිරි කොටස් හතරෙන් යම් ප‍්‍රමාණයක් රඳවා තබා ගත හැකිය.

මේවා තුළින් කරුණු දෙකක් ඉතා පැහැදිලිවම දිස් වන්නේය. 

i. පළමුවැන්න ‘ගනීමත්’ යනු සෑම මුස්ලිම් නොවන්නන්ගේ වස්තූන් හෝ පැහැර ගන්නා ලද වස්තූන් හෝ නොවේ. එයට වෙනස්ව සතුරන්ට එරෙහිව සටන් කර ජය ගත් වස්තූන් යන්නය.

ii. දෙවැන්න මෙම ‘ගනීමත්’ වස්තූන් අතුරින් කුමන දැයක් කාගේ දෑතට හසු වන්නේ ද ඔහුට එය සතු කර ගත නොහැකිය. එනමුත් එයට කෙනෙකු අයිතිකරු විය හැක්කේ නිත්‍යානුකූලවය.

කිසියම් රටක් තවත් රටක් සමග යුද වැද ජය ලැබුවේ නම් ජය ලැබූ රට පරාජිත වූ රටෙන් අත් කර ගත් වස්තූන් තමන් සතු කර ගෙන එය බෙදා දීම හෝ භාවිත කිරීම වර්තමානයේ ද ලොවෙහි දක්නට ඇති කරුණකි. එනමුත් යුද්ධයෙහි ජය ගත් සේනාවක් තම සතුරු සේනාවේ වස්තූන් අත් කර ගැනීමට ඉස්ලාමයෙහි අනුමැතිය තිබුණ ද එය අත් කර ගැනීම අනිවාර්යය නොවන අතර එය පරාජයට පත් අයගේ අයිතිය යටතේම අත් හැර දැමිය හැකිය. යුදෙව්වරුන් සමග සිදු වූ ‘හයිබර්’ නම් යුද්ධය අවස්ථාවේ දී නබි මුහම්මද් තුමාණන් ‘ගනීමත්’ වස්තූන් විෂයෙහි ක‍්‍රියා කළේ එලෙසය.

චෝදනාව 20-පිළිම වන්දනාකරුවන්ව දුටු දුටු තැන කපා කොටා ඝාතනය කරනු යනුවෙන් කුරානයේ 9:05 වාක්‍යය සඳහන් කරයි.

ඉහත චෝදනාව අන්තර්ගත විකෘති කරන ලද කුර්ආන් වාක්‍යය

“තවද ශුද්ධ වූ මාස 4 පසු වූ පසු වූ වහාම, පිළිම වන්දනාකරුවන් සහ බහු දේවවාදෙන් දුටු දුටු තැන කපා කොටා ඝාතනය කරන්න. එසේම ඔවුන්ව වටලා අල්ලාගෙන බැඳ දමන්න. එසේම ඔවුන් යන එන තැන්වල මග රැක සිට කඩා පැන පහර දෙන්න. එවිට එම හිංසනයෙන් පීඩාවට පත්වී ඉවසාගනු නොහැකිව) ඔවුන් තම ආගම අතහැර අල්ලාහ්ගේ ආගම (ඉස්ලාමය) වැළඳ ගන්නේ නම් එවැනි අයව තෝරා මුදා හරින්න. අල්ලාහ් සමාව දෙන්නාය, අල්ලාහ් මහා කාරුණිකයාය”

විග‍්‍රහය:

උක්ත විෂයයට අදාළ අල් කුර්ආන පාඨය හා එහි තේරුම දෙස අවධානය යොමු කරමු. 

فَاِذَا انۡسَلَخَ الۡاَشۡہُرُ الۡحُرُمُ فَاقۡتُلُوا الۡمُشۡرِکِیۡنَ حَیۡثُ وَجَدۡتُّمُوۡہُمۡ وَخُذُوۡہُمۡ وَ احۡصُرُوۡہُمۡ وَ اقۡعُدُوۡا لَہُمۡ کُلَّ مَرۡصَدٍ ۚ فَاِنۡ تَابُوۡا وَ اَقَامُوا الصَّلٰوۃَ وَ اٰتَوُا الزَّکٰوۃَ فَخَلُّوۡا سَبِیۡلَہُمۡ ؕ اِنَّ اللّٰہَ غَفُوۡرٌ رَّحِیۡمٌ ﴿۵﴾

“තහනම් මාසයන් ඉක්ම ගිය පසු (නුඹලා සමග යුද වැදී සිටින) ආදේශකයින්ව දුටු තැන කපා දමවු. ඔවුන්ව සිරභාරයට ගනිවු. ඔවුන්ව වටලවු. ඔවුන් සැගවෙන සෑම තැනකම ඔවුන් වෙනුවෙන් සැගවී සිටිවු. ඔවුන් (ඔවුන්ගේ අපරාධයන්ගෙන් ද ප‍්‍රතික්ෂේපයෙන් ද) පසුතැවිලි වී වැළකී (විශ්වාස කර) සලාතය ද පිළිපැද සකාත් ගෙවුවහොත් ඔවුන්ව ඔවුන්ගේ මාර්ගයෙහි අත හරිනු. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය හා අති කරුණාභරිතය.” (අල් කුර්ආන් 9:5)

මෙම පාඨය 9 වැනි පරිච්ඡේදයට අදාළ වන බැවින් පළමුව එම පරිච්ඡේදය පිළිබඳ පොදු අදහසක් ලබා පසුව විග්‍රහය දෙසට යොමු වෙමු. 

මෙම පරිච්ඡේදය නාමයන් දෙකකින් හඳුන්වනු ලැබේ. පළමුව අත් තව්බා එනම් පශ්චාත්තාපය වේ. දෙවනුව අල් බරාආ එනම් නිදොස් වීම වේ. පළමු නාමය වන අත් තව්බා යනුවෙන් සඳහන් වීමට හේතුව මුස්ලිම්වරුන්ගෙන් සිදු වූ අත්වැරදීමකට ඔවුන් අල්ලාහ් ඉදිරියෙහි පශ්චාත්තාපය වී එය පිළිගනු ලැබූ සිදුවීම මෙම පරිච්ඡේදයෙහි සඳහන් වීම පාදක කරගෙනය. දෙවන නාමය වන අල් බරාආ යනුවෙන් සඳහන් වීමට හේතුව මෙම පරිච්ඡේදයෙහි ආරම්භයේම බරාආ (නිදොස් වීම) යන පදය සඳහන් වීම පාදක කරගෙනය. සියලූ පරිච්ඡේදයන් ‘බිස්මිල්ලාහ්’ (අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි) සමග ආරම්භ වී ඇත. නමුත් මෙම පරිච්ඡේදයෙහි මේ අයුරින් පහළ වී නොමැත. මන්දයත් මෙයට පෙර පරිච්ඡේදය වන අන්ෆාල් සමග මෙය බොහෝ සමානාත්මතාවන් තිබීම නිසා මෙය එහි පරිපූර්ණත්වයක් බවට පත් වූ හෙයිනි. එබැවින් මෙම පරිච්ඡේදයට ‘බිස්මිල්ලාහ්’ සඳහන් වී නැත්තේ එයට පෙර පරිච්ඡේදය හා සම්බන්ධකම පෙන්නුම් කිරීමටය. 

මෙම පරිච්ඡේදය හිජ්රී වර්ෂ 8 හා 10 අතර පහළ විය. මුස්ලිම්වරුන් හා මක්කාවාසී ප‍්‍රතික්ෂේපකයින් අතර හුදෙයිබියා නම් ස්ථානයෙහි ගිවිසුමක් සිදු විය. පසුව මක්කාවාසී ප‍්‍රතික්ෂේපකයින් එම ගිවිසුම කඩ කළෝය. පසුව කිසිදු යුද වැදීමකින් තොරව නබි මුහම්මද් තුමාණන් මක්කා දේශය ජයග‍්‍රහණය කළේය. එයට පසුව හුනෙයින් නැමැති මිටියාවතෙහි දී සතුරන්ව පරාජය කරනු ලැබීය. ඉන්පසු ඉස්ලාම් දහමේ සත්‍යය පණිවිඩය මුළු අරාබි අර්ධද්වීපයෙහිම පිළිගැනීමට ලක් වූවක් විය. ආරම්භයේ ප‍්‍රතික්ෂේපකයින් යටතේ සිටි ඇතැම් ගෝති‍්‍රකයින් ඉස්ලාමය සත්‍යය යැයි දැන සිටි නමුත් එය වැලඳ ගැනීමට පසුබට වී සිටියෝය. නමුත් මෙම සිදුවීමෙන් පසුව ඔවුන් ඉක්මනින් මදීනාවට ගොස් ඉස්ලාමය වැලඳ ගත්තෝය. එහෙයින් අරාබිකරයේ බොහෝ ප‍්‍රදේශ ඉස්ලාමීය රාජ්‍යයන් බවට පත් විය. මෙම නව තත්ත්වය හා සම්බන්ධ කරුණු පිළිබඳව ද මෙහි සඳහන් වී ඇත.

ලොව බිහි වූ පළමු මිනිසා වූ නබි ආදම් තුමාණන් විසින් ඉදිකළ පළමු මස්ජිදය වන්නේ මක්කාවෙහි පිහිටි කඃබා නැමැති සමචතුරස‍්‍ර ගොඩනැගිල්ලය. එම සමයෙහි එම බල ප‍්‍රදේශය බහුදේවත්වය යන වැරදි මතයෙන් පාරිශුද්ධව පිහිටීය. පසුකලෙක මුස්ලිම්වරුන්ට හිංසා පීඩා කළවුන් ද ගිවිසුම් කඩ කළවුන් ද මෙහි වාසය කළෝය. මක්කා දේශය මුස්ලිම්වරුන්ට අත්පත් වීමෙන් පසු එවන් කළහකාරී උදවිය එහි වාසය කිරීමට අනුමැතිය නොවූවන් බවට පත් වූවෝය. ඔවුන්ගේ නොයෙක් කණ්ඩායම් සඳහා විවිධ කාල පරාසයන් දී ඔවුන්ට එම කාලය තුළ ගම්බිම අතහැර පිටමං වීමට සිදු විය. එම ප‍්‍රදේශයේ ලොව ආරම්භයේ වූ ඒකදේවත්වය යන පාරිශුද්ධභාවයට බහුදේවත්වය යන වැරදි මතයෙන් තොර වූ තත්ත්වයක් නැවත පරිවර්තනය කිරීම සඳහා ආදේශකයින්ට එම භූමියට පිවිසීම තහනම් කරන ලදි. එහෙයින් මෙම රාජ්‍යය ඉස්ලාමයට හා මුස්ලිම්වරුන්ටම පමණක් සීමා වූ රාජයයක් බවට පත් විය. තවද මෙම නීතිය කඃබා නම් මස්ජිදය අවට ප‍්‍රදේශයට පමණක් සීමා වූ නීතියක් වන අතර පුරා මක්කා දේශය හෝ අන් මස්ජිදයන්ට හෝ වෙනත් ඉස්ලාමීය රජ්‍යයන්ට මෙය කිසිසේත් අදාළ නොවන්නකි.

ඉස්ලාමයේ වේගවත් වර්ධනය දුටු ‘බයිසන්ටයින්’ අධිරාජ්‍යයේ පාලකයා මදීනාව ආක‍්‍රමණය කිරීමට විශාල සේනාවක් එක්රැස් කළේය. මෙම ආක‍්‍රමණයට එරෙහිව නබි මුහම්මද් තුමාණන් සූදානම් විය. මෙම යුද්ධය තබූක් යනුවෙන් හැඳින්වේ. මෙම පරිච්ඡේදයෙහි මෙම යුද්ධය පිළිබඳව නොයෙක් විෂයන් සඳහන් වී ඇත. මදීනාව වටා ජීවත් වූ ආත්ම වංචනිකයන් ඉස්ලාමයේ වර්ධනය බිඳ හෙළීම සඳහා දුෂ්ට කි‍්‍රයාවන්හි නියැළුණෝය. මෙම පරිච්ඡේදයේ ඔවුන්ගේ නරක සංකල්පයන් පිළිබඳව ද අනාවරණය වී ඇත. මුස්ලිම්වරුන් ඔවුන් සමග කෙසේ කටයුතු කළ යුතු ද යන්න මග පෙන්වා දී ඇත. මේ සියල්ල සමග අල්ලාහ්ගේ බිය භක්තිය හා මතු ලොව පිළිබඳව සිහිපත් කිරීම ද මෙහි අන්තර්ගත වී ඇත.

විස්තර කරනු ලැබූ කරුණු අනුව අල් කුර්ආනයේ 9 වැනි පරිච්‌ඡේදයේ 5 වැනි වාක්‍යය දෙස බලමු. ඒ පිළිබඳ විවේචනයකින්, අවලාදයකින් තොරව ජාතික මෙන්ම ජාත්‍යන්තර ඉස්ලාම් භීතිකා වෙබ් අඩවියක් හෝ අනෙකුත් ඉස්ලාම් විරෝධී ප‍්‍රචාරයක් දකින්නට නොමැති තරම් යැයි පැවසීම සත්‍යය වශයෙන්ම අතිශයෝක්තියක් නොවේ. ඉංග‍්‍රීසි බසින් ඇති වෙබ් අඩවි මෙම වාක්‍යය හඳුන්වා දී ඇත්තේ ”අසිපතේ වාක්‍යය” ලෙසටය. ලොව වසනා ඕනෑම පිළිම වන්දනාකරුවෙකු ඝාතනය කිරීමට මෙම වාක්‍යය මගින් විවෘත අවසරයක් හා අනුමැතියක් ලබා දී ඇති බව ඔවුන් චෝදනා කරති. මෙමගින් විශේෂයෙන්ම මෙරට බෞද්ධ ජනයාගේ සිත්සතන්හි පදනම් විරහිත අනිසි බියක් හා පිළිකුලක් ඉස්ලාමය හා මුස්ලිම්වරුන් පිළිබඳව ඇති කිරීමට මෙම වෛරය හා ක්‍රෝධය වැපිරීමේ කාර්යයෙහි නියැලී සිටින්නන් සිදු කරමින් සිටිති. මෙම කපටි ව්‍යායාමය පරාජය කොට සත්‍යය කුමක් ද යන්න පැහැදිළි කිරීම අපගේ වගකීම බවට පත් ව ඇත. මෙම අපේක්ෂාව පදනම් කරගනිමින් එම වාක්‍යයට පසුබිම් වූ ඓතිහාසික සිදුවීම් මෙන්ම එම වාක්‍යයේ සන්දර්භයේ ඇති අනෙකුත් වාක්‍ය පිළිබඳ විග‍්‍රහයක් පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.

මෙම අල් කුර්ආන් වාක්‍යය චෝදනාවක් ලෙස අප වෙත ඉදිරිපත් කොට ඇති ආකාරය හා නිවැරදි පරිවර්තනය අතර ඇති වෙනස් කම් හා විකෘති කිරීම් ඉතා පැහැදිලිව ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් අවබෝධ කර ගත හැකි වනු ඇතැ’යි විශ්වාස කරන්නෙමු. නිශ්චිත ඓතිහාසික සන්දර්භානුගත සිදුවීමක් පමණක් පදනම් කරගෙන පහළ වූ මෙම වාක්‍යයේ කරුණු සියලූම මුස්ලිම් නොවන්නන්ට එරෙහිව සැමදා සැම විට සැම තැන බලගැන්විය යුතු අදහසක් හැටියට හුවා දක්වන්නට දරා ඇති බොළඳ උත්සාහය සත්‍යය වශයෙන්ම තම සිතේ ඇති මුස්ලිම් විරෝධය මනාව හෙළිදරවු කරන්නකි. මෙම වාක්‍යයේ නිවැරදි අර්ථ දැක්වීම හා විග්‍රහය පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.

මෙම අල් කුර්ආන් වාක්‍යය පහළ වීමට හේතු වූ ඓතිහාසික පසුබිම පළමුව තේරුම් ගත් විට මෙම වාක්‍යයෙහි නිවැරදි අර්ථය අවබෝධ කර ගැනීම පහසු වනු ඇත.

ඒක දේවත්වය වෙත හා සාරධර්ම සපිරි සමාජ ප‍්‍රතිසංස්කරණය උදෙසා නබි මුහම්මද් තුමාණන් කළ ඇරයුම මක්කා වාසී කුරෙයිෂ් ගෝත‍්‍රිකයින්ගේ දැඩි විරෝධයට ලක් වූ අතර එතුමාගේ දේශනයන් පිළි ගත් දුබල, දිළිඳු බහුතරයකට අනේක විධ වද හිංසාවන්ට මුහුණ පෑමට එම කාලවකවානුවේ දී සිදු විය. 

මෙම තත්ත්වය තුළ වසර දහතුනක් වැනි දීර්ඝ කාලයක් මක්කා වැසියන්ගේ දැඩි තාඩන පීඩනයන්ට මුහුණ දෙමින් කටයුතු කිරීමෙන් අනතුරුව එතුමාට හා මුස්ලිම්වරුන්ට මක්කාව අතහැර මදීනා නගරයට දේශාන්තරණය කිරීමට පසුබිම සකස් වී තිබුණි. මදීනා නගරයට දේශාන්තරණය කිරීමෙන් පසුවත් මුස්ලිම්වරුන්ට එරෙහිව හමුදා මෙහෙයුම් කිහිපයක් දියත් කළහ. ‘බද්ර්’,‘උහුද්’ හා ‘හන්දක්’ නමින් හැඳින්වෙන හමුදා ප‍්‍රහාරයන් මෙයින් කිහිපයකි. නබි මුහම්මද් තුමාණන් හා පිරිස මදීනා නගරයට දේශාන්තරණය කිරීමෙන් පසු හයවන වසරේ දී මක්කා නගරයට පැමිණ ‘උම්රා’ (මක්කා වේ මස්ජිදුල් හරාම් පල්ලිය ආශ‍්‍රිතව සිදු කරන ඉස්ලාමයේ එක් නැමදුමක්) වතාවත් ඉටු කිරීමට කටයුතු කළ අවස්ථාවේ දී හුදෛබියා නම් වූ ස්ථානයේ දී ඔවුන්ව වළක්වාලීමට මක්කාවේ ඉස්ලාම් විරෝධීන් විසින් කටයුතු කරන ලදී. මෙතැන දී ඇති වූ අති පීඩාකාරී තත්ත්වය මත මුස්ලිම්වරුන්ට ඉතා අවාසි සහගත බව පෙනෙන්නට තිබූ සටන් විරාම ගිවිසුමක් අත්සන් කරන ලදී. එම ගිවිසුමද එයට වර්ෂ එකහමාරක දී මක්කා වාසීන් විසින් බිඳ දමන ලදී.

ඉහත සඳහන් ගිවිසුම අනුව මක්කාවාසී කුරෙයිෂ් ගෝත‍්‍රිකයින් හා මුස්ලිම්වරුන් අතර සටන් විරාමයක් සඳහා එකඟතාවකට එළඹෙන ලදී. මේ අනුව කුරෙයිෂ් ගෝත‍්‍රිකයින් හා ඔවුන්ට සහය දක්වා ගිවිසුම් ගත වී සිටි ඔවුන්ගේ පාක්ෂික ගෝත‍්‍රිකයින් සමග ද මුස්ලිම්වරුන් හා මුස්ලිම්වරුන්ගේ පාක්ෂික ගෝත‍්‍රිකයින් සටන් විරාම ගිවිසුමේ කොන්දේසි රැකිය යුතු විය. අනිත් අතින් මුස්ලිම්වරුන් සමග හා මුස්ලිම්වරුන්ගේ පාක්ෂික ගෝත්‍රිකයින් සමග සාම ගිවිසුම් අත්සන් කොට තිබු මුස්ලිම් නොවන ගෝත‍්‍රිකයින් සමගද කුරෙයිෂ්වරුන් හා ඔවුන්ගේ පාක්ෂික ගෝත‍්‍රිකයින් මෙම සටන් විරාම ගිවිසුමේ කොන්දේසි රැකිය යුතු විය. එහෙත් වැඩිකල් නොගොස් කුරෙයිෂ් පාක්ෂික බනු බක්ර් ගෝත‍්‍රිකයින් විසින් මුස්ලිම්වරුන් සමග ගිවිසුම් ගත ව සිටි මුස්ලිම් නොවන බනු කුසාආ ගෝත‍්‍රිකයින්ට පහර දී එම ගෝත‍්‍රයේ බොහෝ දෙනෙකුව ඝාතනය කරන ලදී. සටනට පිවිසි මෙම දෙපාර්ශවය මැද සිටි කුරෙයිෂ්වරුන් විසින් ප‍්‍රහාරය ආරම්භ කළ ඔවුන්ගේ බනු බක්ර් පාක්ෂිකයින්ව පාලනය කොට මෙම ගැටුම සමතයකට පත් කරනු ඇතැ’යි මුස්ලිම්වරුන් විසින් අපේක්ෂා කරන ලදී. නමුත් ඓතිහාසික සාක්ෂි අනුව කුරෙයිෂ් ගෝත‍්‍රිකයින් විසින් මුස්ලිම්වරුන් සමග එකග වූ ගිවිසුම උල්ලංඝනය කරමින් තම පාක්ෂික බනු බක්ර් ගෝත‍්‍රිකයින්ට අවි හා තම සාමාජකයින්ගේ සහාය හා සහභාගිත්වය ද ලබා දෙමින් මුස්ලිම්වරුන් සමග ගිවිසුම් ගතව සිටි මුස්ලිම් නොවන බනු කු‘සාආ ගෝත‍්‍රිකයින්ව ඝාතනය කිරීමට කටයුතු කරන ලදී. මේ අනුව කුරෙය්ෂ්වරුන් විසින් මුස්ලිම්වරුන් සමග එකඟ වූ ගිවිසුම කඩ කිරීමේ පළමු පියවර කුරෙයිෂ්වරුන් විසින් සිදු කරනු ලැබීය.

මෙම ගැටුම සම්පුර්ණයෙන්ම මුස්ලිම් නොවන ගෝත‍්‍රිකයින් අතර හටගත් එකකි. මුස්ලිම්වරුන්ගේ අපේක්ෂාව මුස්ලිම් නොවන්නන් ඝාතනය කිරීමක් නම් මෙම තත්ත්වය පිළිබඳව මුස්ලිම්වරුන්ට කරන්නට තිබූ වඩාත් උචිත පියවර වූයේ නිහඬ නිරීක්ෂකයින් බවට පත්වීම පමණි. නමුත් එකඟ වූ ගිවිසුම් ආරක්ෂා කිරීම ඉස්ලාමීය ආචාර ධර්ම අතර ප‍්‍රධාන තැනක් ගැනෙන්නක් හෙයින් ඔවුන් සමග ගිවිසුම් ගතව සිටි මුස්ලිම් නොවන බනු කුසාආ ගෝත‍්‍රිකයින්ගේ සහායට ඒම මුස්ලිම්වරුන්ගේ වගකීමක් විය. මුස්ලිම් භීතිකා ව්‍යාපාරිකයින්ගේ මුසාවාද ප‍්‍රචාරය හිරු දුටු පිනිබිඳක් ලෙසින් වාෂ්ප කොට හැරීමට මෙම ඓතිහාසික සත්‍යය පමණක් ප‍්‍රමාණවත්ය. එසේ පවසමින් වඩාත් සවිස්තරාත්මක විග‍්‍රහයක් පහතින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නෙමු.

මෙහි සඳහන් ඉස්ලාම් විරෝධීන්ගේ ක‍්‍රියාකලාපයන් කෙලෙසකවත් මක්කා නගරයේ ආරක්ෂාව සඳහා යෝග්‍යය නොවන බව ඉහත සඳහන් කරුණු වලින් මනාව පැහැදිලි වෙයි. ගිවිසුම් කඩ කරමින් නිතර ප‍්‍රහාරයන් එල්ල කරමින් විශ්වාස ද්‍රෝහී ලෙස කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් සමග සහවාසය ඉතා අවදානම් ක‍්‍රියාවක් බව පැහැදිලිව පෙනෙන්නට තිබු හෙයින් ඔවුන්ට මක්කා නගරයෙන් ඉවත් වීමට මාස හතරක් කල් දෙනු ලැබීය. මෙම කල් දීම පිළිබඳව සඳහන් අල් කුර්ආන් වාක්‍ය මක්කාවේ ජනයාට පාරායනය කර පෙන්වීමට නබි මුහම්මද් තුමාණන් විසින් මදීනා නගරයේ සිට මක්කා නගරයට නියෝජිතයින් දෙදෙනෙකු එවන ලදී. මෙම කාලය තුළ ඔවුන් ඉවත් වුවහොත් ඔවුන් සමග ගැටුමක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවක් කිසිසේත්ම උදා නොවෙයි. නමුත් මෙහි සඳහන් වන්නේ එසේ ඉවත් නොවී මක්කාවේ රැඳෙන්නන් පිළිබඳවය. රටේ නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කිරීම මෙම පිටුවහල් කිරීමට ප‍්‍රධාන හේතුවයි.

ඉහත සාකච්ඡාවට බඳුන් වී ඇති අල් කුර්ආන් වාක්‍යයේ සන්දර්භය වෙත අවධානය යොමු කරමු.

بَرَآءَۃٌ مِّنَ اللّٰہِ وَ رَسُوۡلِہٖۤ اِلَی الَّذِیۡنَ عٰہَدۡتُّمۡ مِّنَ الۡمُشۡرِکِیۡنَ ؕ﴿۱﴾

(9:1) (මෙය) ආදේශකයින් අතුරින් නුඹලා කවරෙකු සමග ගිවිසුම් ඇති කර ගත්තේ ද ඔවුන් වෙත අල්ලාහ් හා තම රසූල්වරයාගෙන් (ධර්මදුතයාගෙන්) වූ නිදොස් වීම( පිළිබඳව ප‍්‍රකාශනය) කි.

(ඉස්ලාම් විරෝධී කුරෙයිෂ් හා ඔවුන්ගේ සහායක ගෝත‍්‍රිකයින් සමග මුස්ලිම්වරුන් සටන් විරාම සාම ගිවිසුමක් ඇති කර ගෙන තිබු අතර එය කුරෙයිෂ් පාර්ශවයේ බනු කිනානා ගෝත‍්‍රය හැරෙන්නට එම පාර්ශවයේ අන් සැවොම විසින් උල්ලංඝනය කොට තිබුණි. මුස්ලිම්වරුන්ට ඒක පාර්ශවීයව ගිවිසුමක් රැකිය නොහැකි හෙයින් එයින් ඉවත් වීමේ ප‍්‍රකාශනය මෙම වාක්‍යයෙන් ප‍්‍රසිද්ධියට පත් කොට ඇත.) (මුලාශ‍්‍රය : තන්වීර් අල් මික්බාස් මින් තෆ්සීර් ඉබ්නු අබ්බාස්)

فَسِیۡحُوۡا فِی الۡاَرۡضِ اَرۡبَعَۃَ اَشۡہُرٍ وَّ اعۡلَمُوۡۤا اَنَّکُمۡ غَیۡرُ مُعۡجِزِی اللّٰہِ ۙ وَ اَنَّ اللّٰہَ مُخۡزِی الۡکٰفِرِیۡنَ ﴿۲﴾ 

(9:2) එබැවින් (ප‍්‍රතික්ෂේපකයිනි!) සිව් මසක් (මෙම මක්කහ්) භූමියෙහි නුඹලා (සිත් පරිදි) සැරිසරවු. තවද නුඹලා අල්ලාහ්ව නොහැකියාවට පත් කළ නොහැක්කන් බවද අල්ලාහ් ප‍්‍රතික්ෂේපකයින්ව අවමානයට ලක් කරන්නෙකු බවද දැන ගනිවු.

(ගිවිසුම කඩ කිරීමත් සමග වහාම යුද ප‍්‍රකාශයක් නොකොට ඔවුන්ට මාස හතරක කාලයක් ලබා දීමෙන් අපරාධ සිදු කළ පිරිස සම්බන්ධව යුක්තිගරුක ලෙස කටයුතු කිරීමට මෙම වාක්‍යයෙන් උපදෙස් දී ඇත. මෙහි සඳහන් වන්නේ ගිවිසුම කඩ කරමින් ඉස්ලාමිකයින්ට සතුරුකම් කරමින් ඔවුන්ගේ මිත‍්‍ර පාක්ෂිකයින් ඝාතනය කළ පිරිස පිළිබඳවය. ඉවත් වීමට මාස හතරක් දී තිබුණ ද ඔවුන්ගේ කුමන්ත‍්‍රණකාරී ප‍්‍රයෝගයන් පිළිබඳව විමසිලිවත් වන ලෙස උපදෙස් දී තිබේ. මෙහි පසුබිම හා සන්දර්භය පිළිබඳව අවබෝධයකින් තොරව මුස්ලිම් භීතිකාව ඇති කිරීම පමණක් අරමුණු කොට ගෙන කටයුතු කරන විට සත්‍යයෙන් බැහැරව අදහස් දැක්වීම් නොවැළක්විය හැක්කක් නොවන බව පිළිගන්නෙමු. ඔවුන්ට ඉවත් වන්නට දුන් නියෝගය රටින් පිටුවහල් කිරීමක් නොවේ. මෙම කාල වකවානුව වන විට මක්කා ප‍්‍රදේශය ද මුස්ලිම් රාජ්‍යයේ කොටසක්ව පැවතිණි. මෙම අපරාධකරුවන්ට ඉවත් වන්නට උපදෙස් දී තිබුණේ අති පෞරාණික එමෙන්ම මුස්ලිම්වරුන්ගේ අති උත්තරීතර මක්කාවේ පිහිටි පල්ලිය හා ඒ අවට ඇති පුණ්‍ය භූමි ප‍්‍රදේශයෙන් පමණි. අති විශාල එම උතුම් හා පෞරාණික පල්ලිය වෙත ආගමික කටයුතු සඳහා පැමිණෙන ජනයාගේ ආරක්ෂාව සහතික කිරීම පිණිස නීති විරෝධී ක‍්‍රියාවන්හි නියැලෙමින් කටයුතු කරන මෙම පිරිස එම ප‍්‍රදේශයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවක්ව තිබුණි. එදත් අදත් මක්කාව අසල පිහිටි ජිද්දා වැනි නගරයන්හි මුස්ලිම්නොවන්නන් ජීවත් වීම දැකිය හැක.)

وَ اَذَانٌ مِّنَ اللّٰہِ وَ رَسُوۡلِہٖۤ اِلَی النَّاسِ یَوۡمَ الۡحَجِّ الۡاَکۡبَرِ اَنَّ اللّٰہَ بَرِیۡٓءٌ مِّنَ الۡمُشۡرِکِیۡنَ ۬ۙ وَ رَسُوۡلُہٗ ؕ فَاِنۡ تُبۡتُمۡ فَہُوَ خَیۡرٌ لَّکُمۡ ۚ وَ اِنۡ تَوَلَّیۡتُمۡ فَاعۡلَمُوۡۤا اَنَّکُمۡ غَیۡرُ مُعۡجِزِی اللّٰہِ ؕ وَ بَشِّرِ الَّذِیۡنَ کَفَرُوۡا بِعَذَابٍ اَلِیۡمٍ ۙ﴿۳﴾

(9:03) “තවද (මෙය) ආදේශකයින්ගෙන් අල්ලාහ් ද ඔහුගේ රසූල්වරයා ද නිදොස් වූ බව අති මහත් වූ හජ් දිනයෙහි ජනයා වෙත අල්ලාහ්ගෙන් හා ඔහුගේ රසූල්වරයාගෙන් වූ දැන්වීමකි. එබැවින් නුඹලා පශ්චාත්තාප (වී අල්ලාහ් වෙත යොමු) වූයෙහු නම් එය නුඹලාට යහපත්ය. තවද නුඹලා (අල්ලාහ්ට) පිටුපෑවෙහු නම් නුඹලා අල්ලාහ්ව නොහැකියාවට පත් නොකරන්නන් බව දැන ගනිවු. තවද (නබිවරය,) ප‍්‍රතික්ෂේප කළවුනට වේදනීය දඬුවමක් පිළිබඳව ශුභාරංචි පවසවු.”

(ගිවිසුම් කඩ කරමින් සාපරාධී ක‍්‍රියාවන්හි නියැලූණු සාහසික පිරිසට තම නොමනා ක‍්‍රියාවන් පිළිබඳ පසුතැවිලි වී සතුරුකමින් ඉවත්වන ලෙස මෙම අල් කුර්ආන් වාක්‍යයෙන් දන්වා ඇත. ඔවුන්ගේ කුමන්ත‍්‍රණකාරී ක‍්‍රියා මගින් අල්ලාහ්ගේ අභිමතය පරාජය කිරීමට නොහැකි බව ද ගිවිසුම් කඩ කරමින් මිනිස් ඝාතන ආදී සාපරාධී ක‍්‍රියාවන්හි දිගින් දිගටම නියැළෙන්නන්ට එරෙහිව දඩුවම් ලබා දෙන සහතිකය ද මෙමගින් ලබා දී ඇත.)

اِلَّا الَّذِیۡنَ عٰہَدۡتُّمۡ مِّنَ الۡمُشۡرِکِیۡنَ ثُمَّ لَمۡ یَنۡقُصُوۡکُمۡ شَیۡئًا وَّ لَمۡ یُظَاہِرُوۡا عَلَیۡکُمۡ اَحَدًا فَاَتِمُّوۡۤا اِلَیۡہِمۡ عَہۡدَہُمۡ اِلٰی مُدَّتِہِمۡ ؕ اِنَّ اللّٰہَ یُحِبُّ الۡمُتَّقِیۡنَ ﴿۴﴾ 

(9:04)” (නමුත්) ආදේශකයින් අතුරින් නුඹලා කවුරුන් සමග ගිවිසුම් ඇති කර ගෙන පසුව (එම ගිවිසුමෙහි) නුඹලාට ඔවුන් කිසිවක් අඩු නොකර නුඹලාට එරෙහිව කිසිවෙකුට උදව් නොකර සිටියවුන්ට හැරය. එබැවින් ඔවුන්ගේ ගිවිසුම ඔවුන්ගේ කාලය (අවසන් වන) තෙක් ඔවුනට නුඹලා සම්පූර්ණ කරවු. සැබැවින්ම අල්ලාහ් බිය භක්තිකයින්ව ප‍්‍රිය කරන්නේය.”

(මෙයට පෙර වාක්‍යයෙහි සඳහන් දඬුවම් දීම සීමා කොට ඇත්තේ එකඟ වූ ගිවිසුම් කඩ කරමින් මුස්ලිම්වරුන්ට එරෙහිව කටයුතු කළ ඉස්ලාම් විරෝධීන්ට පමණි. මෙම වාක්‍යයෙන් මුස්ලිම්වරුන් සමග ගිවිසුම් ගත වී මුස්ලිම්වරුන්ට එරෙහිව හෝ මුස්ලිම්වරුන්ගේ සතුරන්ට සහාය දක්වමින් කටයුතු නොකළ පිළිම වන්දනයෙහි යෙදුණු මුස්ලිම් නොවන පිරිස සමග එම ගිවිසුම් අනුව කටයුතු කොට ඔවුන්ට සාමයෙන් සිටීමට අවකාශය ලබා දීම මුස්ලිම්වරුන්ගේ වගකීමක් බව අවධාරණය කරයි. මෙම මුස්ලිම් නොවන පිරිස මුස්ලිම්වරුන් සමග ගිවිසුම් අත්සන් කොට ඉන්පසු එහි කිසිම කොන්දේසියක් කඩ නොකළා මෙන්ම මුස්ලිම්වරුන්ගේ අනෙකුත් සතුරන්ට මුස්ලිම්වරුන්ට එරෙහිව උපකාර නොකළ පිරිසයි. ඔවුන් ගිවිසුමේ කොන්දේසි කඩ නොකළාක් මෙන් මුස්ලිම්වරුන් ද එය ආරක්ෂා කරමින් ඒ අනුව කටයුතු කළ යුතු බව උපදෙස් ලබා දී ඇත.)

فَاِذَا انۡسَلَخَ الۡاَشۡہُرُ الۡحُرُمُ فَاقۡتُلُوا الۡمُشۡرِکِیۡنَ حَیۡثُ وَجَدۡتُّمُوۡہُمۡ وَخُذُوۡہُمۡ وَ احۡصُرُوۡہُمۡ وَ اقۡعُدُوۡا لَہُمۡ کُلَّ مَرۡصَدٍ ۚ فَاِنۡ تَابُوۡا وَ اَقَامُوا الصَّلٰوۃَ وَ اٰتَوُا الزَّکٰوۃَ فَخَلُّوۡا سَبِیۡلَہُمۡ ؕ اِنَّ اللّٰہَ غَفُوۡرٌ رَّحِیۡمٌ ﴿۵﴾

(9:05) ”ශුද්ධ වූ මාසයන් ඉක්ම වූ පසු (නුඹලා සමග යුද වැදී සිටින) ආදේශකයින්ව නුඹලා දුටු තැන මරා දමවු. තවද ඔවුන්ව අල්ලා ගනිවු. තවද ඔවුන්ව වටලා ගනිවු. නුඹලා සෑම විපරමින් සිටිය යුතු ස්ථානයකම ඔවුන් වෙනුවෙන් (සැඟවී) වාඩිවී සිටිවු. එවිට ඔවුන් (ප‍්‍රතික්ෂේපයෙන් ඉවත් වී) පශ්චාත්තාප වී සලාතය (දෛනික පස්වේල නැමදුම) ස්ථාපිත කර සකාත් (දුඟීන්ට පිරිනමන අනිවාර්‍යය වූ දන්දීම) ද ලබා දුන්නේ නම් ඔවුන්ගේ මගෙහි ඔවුන්ව අත හැර දමවු. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.”

(මෙම පරිච්ඡේදයේ බොහෝ වාක්‍ය අදාළ වන්නේ ක‍්‍රි.ව. හයවන සියවසේ එක්තරා නිශ්චිත අපරාධකාරී පිරිසක් එකග වූ ගිවිසුම් කඩ කරමින් මිනිස් ඝාතන ආදිය සිදුකරමින් සමාජ විරෝධී අයුරින් ක‍්‍රියා කිරීම සම්බන්ධයෙනි. මෙම වාක්‍ය සැමදා සැමට සැම විට අදාළ වන ලෙසක් දක්වමින් ඉස්ලාම් විරෝධී ප‍්‍රචාරකයින් ගෙන යන්නේ සත්‍යය වශයෙන්ම ඉතා කපටි හා ද්වේශ සහගත ප‍්‍රචාරයකි. එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදී ගැටුම පැවති අවධියේ කිලිනොච්චියට පහර දෙන ලෙස හමුදා ප‍්‍රධානීන් නියෝගයක් නිකුත් කොට තිබිය හැක. මෙම නියෝගය අදාළ වන්නේ එම ත‍්‍රස්තවාදී ක‍්‍රියා පැවති නිශ්චිත ඓතිහාසික සන්දර්භයක නිශ්චිත පිරිසකට එරෙහිව පමණි. තම නියෝග පුස්තකයේ කිලිනොච්චියට පහර දීමට නියෝගයක් ඇති බව පවසමින් එම ගැටුම් අවසන් වූ වර්තමානයේ හමුදා ප‍්‍රධානියෙකු නැවත කිලිනොච්චියට පහර දීමට කටයුතු කළහොත් වහාම එම නිළධාරියාව මානසික රෝහලක ප‍්‍රතිකාර සඳහා යොමු කරනු නොඅනුමානය. එලෙසම එක්තරා නිශ්චිත පිරිසකගේ අපරාධකාරී ක‍්‍රියා සම්බන්ධයෙන් නිශ්චිත ඓතිහාසික සන්දර්භයක් තුළ ක‍්‍රියා කිරීමට අදාළ අල් කුර්ආන් වාක්‍ය සැමට සැමදා සැම විට අදාළ වන උපදෙස් යැයි යමෙක් හුවා දක්වන්නට කටයුතු කරන්නේ ද අනිවාර්යයෙන්ම ඔවුන්ව ද මානසික ප‍්‍රතිකාර සඳහා යොමු කළ යුතු වෙනවා නොවේ ද?)

وَ اِنۡ اَحَدٌ مِّنَ الۡمُشۡرِکِیۡنَ اسۡتَجَارَکَ فَاَجِرۡہُ حَتّٰی یَسۡمَعَ کَلٰمَ اللّٰہِ ثُمَّ اَبۡلِغۡہُ مَاۡمَنَہٗ ؕ ذٰلِکَ بِاَنَّہُمۡ قَوۡمٌ لَّا یَعۡلَمُوۡنَ ٪﴿۶﴾

(9:06) ”තවද ආදේශකයින් අතුරින් කෙනෙකු නුඹගෙන් අභය පැතුවේ නම් අල්ලාහ්ගේ වදන් වලට ඔහු සවන් දෙන තුරු නුඹ ඔහුට අභය ලබා දෙවු. පසුව ඔහුව ඔහුගේ ආරක්ෂක ස්ථානයකට සේන්දු කරවවු. එය (මක්නිසාද යත්) ඔවුන් (දහම පිළිබඳව) නොදැනුවත් පිරිසක් හේතුවෙනි.”

(මෙම වාක්‍යය මගින් ද ඉස්ලාමය පිළිබඳ අවලාදාත්මක ප‍්‍රචාර ඉදිරිපත් කරන්නන්ගේ පදනම් විරහිත චෝදනා සහමුලින්ම බිඳ වැටී යයි. ඉහත පස්වන වාක්‍යයෙන් උගන්වන්නේ පිළිම වන්දනාකරුවන් සැවොම සැමදා ඝාතනය කිරීමේ ප‍්‍රතිපත්තියක් බව නොදැනුවත් කමින් පවසන්නන් මෙම වාක්‍යයෙන් උගන්වන උත්තරීතර ප‍්‍රතිපත්තිය කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් යෙහෙකැ’යි යෝජනා කරන්නෙමු. මුස්ලිම්වරුන් සමග ඉතා දරුණු අයුරින් සටන් වැදී සිටි ඉස්ලාම් විරෝධියෙක් රැකවරණ පතා සිටියේ නම්, පළමුව ඔහුට අල් කුර්ආනයේ වදන් වලට සවන් දීමට අවස්ථාවක් ලබා දී ඔහුට ආරක්ෂාව ඇති ස්ථානයක් කරා යොමු කරන ලෙස මෙම වාක්‍යයෙන් උපදෙස් දී ඇත. යුද ආචාර ධර්ම පිළිබඳ කතා කරන්නන් පොදුවේ ඉදිරිපත් කරන්නේ තමන්ට යටහත් වන සතුරු සෙබළා සිරභාරයට ගෙන කටයුතු කිරීමේ ප‍්‍රතිපත්තියකි. නමුත් ඉස්ලාමයේ යුද ආචාර ධර්ම අනුව සතුරු සෙබළා යටහත් වුවහොත් ඔහුට ආරක්ෂාව සහතික වන ස්ථානයකට ගෙන ගොස් මුදා හැරීම එක් ප‍්‍රතිපත්තියක් බව මෙයින් පැහැදිළි වේ. මෙහි දී අල් කුර්ආන් වාක්‍ය වලට සවන් දීමට ඉඩ හැරීම යන්නෙන් අදහස් වන්නේ ඔහුව ඉස්ලාමයට හරවා ගැනීමේ වංක උත්සාහයක් බව පැවසීමට ඉඩ ඇත. එය එසේ කරනු ලබන්නේ ඔහු සටන් කොට ඇත්තේ සත්‍යයට එරෙහිව බව පෙන්නුම් කිරීමට විනා අවිචාරවත් අන්දමින් ආගම් වෙනස් කිරීමේ උත්සාහයක් සඳහා නොවන බව ආගමික නිදහස පිළිබඳ ඉදිරිපත් කළ විවිධ වාක්‍ය වලින් අවබෝධ කර ගෙන ඇතැ’යි සිතන්නෙමු. 

එහෙයින් ලොව කිසිදු පිළිවෙතක නොමැති උත්තරීතර ඉගැන්වීම් අනුව ඉස්ලාමීය මග පෙන්වීම සැකසී ඇති බව මෙයින් පැහැදිළි වනු ඇතැ’යි විශ්වාස කරන්නෙමු.

کَیۡفَ یَکُوۡنُ لِلۡمُشۡرِکِیۡنَ عَہۡدٌ عِنۡدَ اللّٰہِ وَ عِنۡدَ رَسُوۡلِہٖۤ اِلَّا الَّذِیۡنَ عٰہَدۡتُّمۡ عِنۡدَ الۡمَسۡجِدِ الۡحَرَامِ ۚ فَمَا اسۡتَقَامُوۡا لَکُمۡ فَاسۡتَقِیۡمُوۡا لَہُمۡ ؕ اِنَّ اللّٰہَ یُحِبُّ الۡمُتَّقِیۡنَ ﴿۷﴾

(9:07) ”(ආදේශකයින් අතුරින්) මස්ජිදුල් හරාම් (මක්කාවේ පිහිටි ඉපැරණි ප‍්‍රධාන මස්ජිදය) අබියස නුඹලා ගිවිසුමක් ඇති කර ගත්තවුන් (සමග) මිස (අන්) ආදේශකයින්ට අල්ලාහ් අබියස ද තම රසූල්වරයා අබියස ද ගිවිසුමක් තිබිය හැක්කේ කෙසේ ද? එබැවින් ඔවුන් නුඹලා සමග (ගිවිසුමේ කොන්දේසි පිළිපදිමින්) ඍජූ ලෙස කටයුතු කරන තාක්කල් නුඹලා ඔවුන් සමග ඍජූ ලෙස කටයුතු කරවු. සැබැවින්ම අල්ලාහ් බිය භක්තිකයින්ව පි‍්‍රය කරන්නේය.”

(මුස්ලිම්වරුන් සමග ඇති කරගත් ගිවිසුම් කිහිප විටක්ම උල්ලංඝනය කරමින් මුස්ලිම්වරුන් සමග සටනට පිවිසි මුස්ලිම් විරෝධීන් සමග ගිවිසුමක් තිබිය හැක්කේ කෙසේ ද? ගිවිසුමක් යථාර්ථයක් වීම සඳහා දෙපාර්ශවයම එහි කොන්දේසි පිළිගෙන ඒවා පිළිපැදිය යුතු වෙයි. මුස්ලිම්වරුන්ට පමණක් අනිත් පාර්ශවය විසින් අමු අමුවේ උල්ලංඝනය කරනු ලබන ගිවිසුමක් ඒක පාර්ශවීයව පිළිගැනීමේ හා ක‍්‍රියාත්මක කිරීමේ වගකීමක් තිබිය නොහැක. මෙම වාක්‍යයෙන් උපදෙස් දී ඇත්තේ ගිවිසුම් කඩ නොකොට අවංක ලෙස කටයුතු කළ මුස්ලිම් නොවන්නන්ගේ ගිවිසුම් ආරක්ෂා කරමින් මුස්ලිම්වරුන් ද කටයුතු කළ යුතු බවය.)

کَیۡفَ وَ اِنۡ یَّظۡہَرُوۡا عَلَیۡکُمۡ لَا یَرۡقُبُوۡا فِیۡکُمۡ اِلًّا وَّ لَا ذِمَّۃً ؕ یُرۡضُوۡنَکُمۡ بِاَفۡوَاہِہِمۡ وَ تَاۡبٰی قُلُوۡبُہُمۡ ۚ وَ اَکۡثَرُہُمۡ فٰسِقُوۡنَ ۚ﴿۸﴾ 

(9:08) ”නුඹලාට එරෙහිව ඔවුන් ජය ලැබුවේ නම් නුඹලා තුළ ඇති ඥාති සම්බන්ධකම ද ගිවිසුම ද ඔවුන් සැලකිල්ලට නොගනිමින් සිටියදී (නුඹලා හා ඔවුන් අතර ගිවිසුමක් ඇති විය හැක්කේ) කෙසේ ද? ඔවුන්ගේ මුවින් ඔවුහු නුඹලාව තෘප්තියට පත් කරති. (නමුත්) ඔවුන්ගේ හදවත් (එය) පිටුපාති. තවද ඔවුන්ගෙන් බොහෝ දෙනා පාපතරයින්ය.”

(මෙයට ඉහත වාක්‍යය පිළිබඳ ඉදිරිපත් කළ වාක්‍යයේ විග‍්‍රහය අනුව මෙය ගිවිසුම් කඩ කොට මුස්ලිම්වරුන්ව ආක‍්‍රමණය කිරීමට කටයුතු කළ පිරිස සම්බන්ධයෙනි. ඔවුනට සුළු වශයෙන් හෝ ජයග‍්‍රාහී ඉහළ තත්ත්වයක් ඇති බව හැඟී ගිය සෑම විටම ඥාති සබඳතාවක් හෝ ගිවිසුමක් හෝ කිසි විටෙක සැළකිල්ලට නොගෙන ගැටුම්කාරී අයුරින් කටයුතු කිරීම ඔවුන්ගේ පිළිවෙත බවට පත් වී තිබුණු බව මෙයින් පැහැදිළි කෙරේ.)

اِشۡتَرَوۡا بِاٰیٰتِ اللّٰہِ ثَمَنًا قَلِیۡلًا فَصَدُّوۡا عَنۡ سَبِیۡلِہٖ ؕ اِنَّہُمۡ سَآءَ مَا کَانُوۡا یَعۡمَلُوۡنَ ﴿۹﴾

(9:09) “ඔවුන් අල්ලාහ්ගේ වදන් වෙනුවට සුළු වටිනාකමක් ගත්තෝය. තවද ඔහුගේ(අල්ලාහ්ගේ) මාර්ගයෙන් (ජනයින්ව) වැළැක්වුවෝය. සැබැවින්ම ඔවුන් කරමින් සිටි දෑ නපුරු විය.“

(මක්කාවාසී ඉස්ලාම් විරෝධීන්ගේ ප‍්‍රධාන අරමුණ වී තිබුණේ ජනයාව ඉස්ලාමයෙන් වළක්වාලීමට කටයුතු කිරීමය.)

لَا یَرۡقُبُوۡنَ فِیۡ مُؤۡمِنٍ اِلًّا وَّ لَا ذِمَّۃً ؕ وَ اُولٰٓئِکَ ہُمُ الۡمُعۡتَدُوۡنَ ﴿۱۰﴾

(9:10) ”විශ්වාසිකයෙකුගේ විෂයෙහි ඥාති සම්බන්ධකම ද ගිවිසුම ද ඔවුන් සැලකිල්ලට නොගන්නෝය. තවද සීමාව ඉක්මවා යන්නෝ ඔවුන්මය.”

فَاِنۡ تَابُوۡا وَ اَقَامُوا الصَّلٰوۃَ وَ اٰتَوُا الزَّکٰوۃَ فَاِخۡوَانُکُمۡ فِی الدِّیۡنِ ؕ وَ نُفَصِّلُ الۡاٰیٰتِ لِقَوۡمٍ یَّعۡلَمُوۡنَ ﴿۱۱﴾

(9:11) ”ඔවුන් (ප‍්‍රතික්ෂේපයෙන් ඉවත් වී) පශ්චාත්තාප වී සලාතය ස්ථාපිත කර සකාත් (දුඟීන්ට පිරිනමන අනිවාර්යය වූ දන්දීම) ද ලබා දුන්නේ නම් දහමෙහි (ඔවුන්) නුඹලාගේ සහෝදරයින්ය. තවද අපි දැනුමැති පිරිසකට (අපගේ) වදන් පැහැදිලි කරන්නෙමු.”

وَ اِنۡ نَّکَثُوۡۤا اَیۡمَانَہُمۡ مِّنۡۢ بَعۡدِ عَہۡدِہِمۡ وَ طَعَنُوۡا فِیۡ دِیۡنِکُمۡ فَقَاتِلُوۡۤا اَئِمَّۃَ الۡکُفۡرِ ۙ اِنَّہُمۡ لَاۤ اَیۡمَانَ لَہُمۡ لَعَلَّہُمۡ یَنۡتَہُوۡنَ ﴿۱۲﴾

(9:12) ”තවද ඔවුන් තම ගිවිසුමෙන් පසු ඔවුන්ගේ ප‍්‍රතිඥාවන් කඩ කර නුඹලාගේ දහමට නින්දා ඇති කළේ නම් ප‍්‍රතික්ෂේපයේ ප‍්‍රධානීන් සමග නුඹලා යුද වදිවු. සැබැවින්ම ඔවුනට කිසිදු ප‍්‍රතිඥාවන් නොමැත. (එසේ නම්) ඔවුන් (ඔවුන්ගේ මෙම පිළිවෙතින්) වැළකිය හැක්කේය.”

اَلَا تُقَاتِلُوۡنَ قَوۡمًا نَّکَثُوۡۤا اَیۡمَانَہُمۡ وَ ہَمُّوۡا بِاِخۡرَاجِ الرَّسُوۡلِ وَ ہُمۡ بَدَءُوۡکُمۡ اَوَّلَ مَرَّۃٍ ؕ اَتَخۡشَوۡنَہُمۡ ۚ فَاللّٰہُ اَحَقُّ اَنۡ تَخۡشَوۡہُ اِنۡ کُنۡتُمۡ مُّؤۡمِنِیۡنَ ﴿۱۳﴾

(9:13)”තමන්ගේ ප‍්‍රතිඥාවන් කඩ කර (තම) රසූල්වරයාව (මව් බිමෙන්) පිටුවහල් කිරීමට ස්ථිරව අදිටන් කර ප‍්‍රථමයෙන් නුඹලා සමග (යුද වැදීමට) ආරම්භ කළ පිරිසක් සමග නුඹලා සටන් කළ යුතු නොවේ ද? නුඹලා ඔවුනට බිය වන්නෙහු ද? නුඹලා විශ්වාසිකයින්ව සිටියෙහු නම් අල්ලාහ්, ඔහුමය නුඹලා බියවන්නට ඉතා සුදුස්සා වනුයේ.”

(ගිවිසුම් කඩ කිරීම, නබි මුහම්මද් තුමාණන්ව හා මුස්ලිම්වරුන්ව පිටුවහල් කිරීම හා පළමු ප‍්‍රහාරය සිදු කිරීම මක්කාවාසී මුස්ලිම් නොවන්නන්ට එරෙහිව 5 වන වාක්‍යයේ සඳහන් යුද තත්ත්වය සඳහා හේතු සාධක වූ බව මෙයින් මනා ලෙස පැහැදිලි වෙයි. මෙවන් තත්ත්වයක් තුළ සතුරා සමග යුද කිරීම හැර වෙනත් විකල්පයක් ඇති දැ’යි විමසන්නට කැමැත්තෙමු. නමුත් මෙම පරිච්ඡේදයේ පස්වැනි වාක්‍යය පමණක් හුවා දක්වමින් අල් කුර්ආනය සියලූම මුස්ලිම් නොවන්නන්ව දුටු තැන ඝාතනය කිරීමට අනුමැතිය දී ඇති බව පවසමින් මුස්ලිම් භීතිකාවක් ගොඩනැගීමට උත්සාහ කරන්නන් කෙතරම් බරපතළ අයුරින් ආගමික ග‍්‍රන්ථ විකෘති කිරීමට කටයුතු කර ඇත්තේදැ’යි කරුණාකර සිතා බලන්න. දහමක් හෝ එම දහම අනුගමනය කරන්නන් කෙරෙහි මුසාවාදය මත පමණක් පදනම් වී වෛරයක්, ක්‍රෝධයක් ඇති කිරීමට කටයුතු කරන්නන් කෙතරම් පිරිහීමකට පත් වී ඇති පිරිසක් ද යන්න ඉහත විග‍්‍රහයන් විචාරශීලීව හා බුද්ධිමත් අයුරින් විමර්ශනය කරන්නෙකුට ඉතා පැහැදිළි අයුරින් පෙනී යනු ඇතැ’යි විශ්වාස කරන්නෙමු.)

චෝදනාව 21- පිළිම වන්දනාකරුවන්ට සහ බහු දේවවාදීන්ට විරුද්ධව සටන් කරන්න යනුවෙන් කුරානයේ 9:14 වාක්‍යය සඳහන් කරයි

විග‍්‍රහය:

ඉහත චෝදනාව අන්තර්ගත වූ විකෘති කරන ලද කුර්ආන් වාක්‍යය

(9:14) “පිළිම වන්දනාකරුවන්ට සහ බහුදේවවාදීන්ට විරුද්ධව සටන් කරන්න. එලෙස අල්ලා විසින් ඔබ (මුස්ලිම් වරුන්) ලවා ඔවුන්ව විනාශ කරනු ඇත. එසේම අල්ලා විසින් ඔබ ලවා ඔවුනට අවමන් කොට ඔවුන්ව නිග‍්‍රහ කොට, ඔවුන්ට එරෙහිව මුස්ලිම්වරුන්ට ජයග‍්‍රහණය අත්කර දෙනු ලබයි. මෙලෙස ඔවුන්ට එරෙහිව ඔබලාගේ හදවත් තුල කැකෑරෙන වෛරය සංසිඳුවනු ඇත.” 

විග‍්‍රහය : පළමුව මෙම කුර්ආන් වාක්‍යයේ නිවැරදි සිංහල අර්ථ දැක්වීම වෙත අවධානය යොමු කරමු.

قَاتِلُوۡہُمۡ یُعَذِّبۡہُمُ اللّٰہُ بِاَیۡدِیۡکُمۡ وَ یُخۡزِہِمۡ وَ یَنۡصُرۡکُمۡ عَلَیۡہِمۡ وَ یَشۡفِ صُدُوۡرَ قَوۡمٍ مُّؤۡمِنِیۡنَ ﴿ۙ۱۴﴾ 

“නුඹලා ඔවුන් සමග යුද වදිවු. අල්ලාහ් නුඹලාගේ අත් මගින් ඔවුනට දඬුවම් කරන්නේය. තවද ඔවුන්ව අවමන් කරන්නේය. තවද ඔහු ඔවුන්ට එරෙහිව නුඹලාට උදව් කරන්නේය. තවද ඔහු විශ්වාසික පිරිසගේ හදවත් සනසන්නේය.” (අල් කුර්ආන් 9:14)

මෙම වාක්‍යය අල් කුර්ආන් 9:5 වන වාක්‍යයේ පටන් සඳහන් වන සිද්ධියට අදාළ වාක්‍යයකි. මෙය ‘බනූ බක්ර්’ හා ‘බනූ කුසාආ’ නැමැති ගෝත‍්‍රයන් දෙකක් අතර ඇති වූ යුද ගැටුම පිළිබඳ සඳහන් කරයි. මෙම ගෝත‍්‍රයන් දෙකම මුස්ලිම් නොවූ ආදේශකයින්ව සිටි අතර ‘බනූ බක්ර්’ නම් ගෝත‍්‍රය මක්කාවේ ආදේශකයින් සමග ගිවිසුමෙන් බැඳුණු අය ලෙස හා ‘බනූ කුසාආ’ නම් ගෝත‍්‍රය මුස්ලිම්වරුන් සමග ගිවිසුමෙන් බැඳුණු අය ලෙස සිටියෝය. හිජ්රි සය වැනි වර්ෂයේ මුස්ලිම්වරුන් හා මක්කාවේ ආදේශකයින් අතර සිදු වූ සාම ගිවිසුමෙහි ‘මෙම ගිවිසුම මෙම ගෝත‍්‍රයන් දෙක කෙරෙහි ද කි‍්‍රයාත්මක විය. එබැවින් එකා අනෙකාට කිසිදු අපරාධයක් නොකළ යුතුය.’ යන්නෙන් සඳහන් වී තිබුණි. එනමුත් මක්කාවේ ආදේශකයින් සමග ගිවිසුමෙන් බැඳුණු අය වන බනූ බක්ර්වරුන් මුස්ලිම්වරුන් සමග ගිවිසුමෙන් බැඳුණු අය වන බනූ කුසාආවරුන්ට ප‍්‍රාණයන් ආරක්ෂා කළ යුතු ශුද්ධ වූ මස්ජිදුල් හරම් සීමාව තුළ දී පවා පහර දී මරා දමන්නට වූහ. මෙම ගැටුමේ දී මක්කාවේ ආදේශකයින් තමන් සමග ගිවිසුමෙන් බැඳුණු අය වන බනූ බක්ර්වරුන්ට ආයුධ සපයා උදව් කර මෙම ගැටුමෙහි හවුල්කරුවන් බවට ද පත් වූහ. එබැවින් මුස්ලිම්වරුන් සමග කර ගත් ගිවිසුම කඩ කර ඔවුන්ට හා ඔවුන් සමග ගිවිසුමෙන් බැඳුණු ගෝත‍්‍රයට අපරාධ කළ එම ආදේශකයින්ට එරෙහිව අල්ලාහ් උදව් කර මොවුන් කළ අපරාධය හේතුවෙන් කුමන ගින්නක් බනූ කුසාආ වරුන්ගේ හදවත් තුළ දැවී තිබුණේ ද එය නිවා දමා ඔවුන්ගේ හදවත් සිසිල් කරන බවට අල්ලාහ් දුන් ප‍්‍රතිඥාව දන්වමින් මෙම වාක්‍යය පහළ විය.

චෝදනාව 22- මුස්ලිම් නොවන ඥාතීන් සමඟ ආශ්‍රය නොකරන්න.

“ප‍්‍රතික්ෂෙපක පියවරුන්ව හා සහෝදරයින්ව නුඹලා මිතුරන් ලෙස නොගනිවු ” යනුවෙන් කුරානයේ 9:23 වාක්‍යය සඳහන් කරයි

විග‍්‍රහය:

یٰۤاَیُّہَا الَّذِیۡنَ اٰمَنُوۡا لَا تَتَّخِذُوۡۤا اٰبَآءَکُمۡ وَ اِخۡوَانَکُمۡ اَوۡلِیَآءَ اِنِ اسۡتَحَبُّوا الۡکُفۡرَ عَلَی الۡاِیۡمَانِ ؕ وَ مَنۡ یَّتَوَلَّہُمۡ مِّنۡکُمۡ فَاُولٰٓئِکَ ہُمُ الظّٰلِمُوۡنَ ﴿۲۳﴾

“විශ්වාස කළවුනි! නුඹලාගේ පියවරුන්ව හා නුඹලාගේ සහෝදරයින්ව, ඔවුන් විශ්වාසයට වඩා ප‍්‍රතික්ෂේපය ප‍්‍රිය කරන්නේ නම් නුඹලා (ඔවුන්ව) මිතුරන් ලෙස නොගනිවු. නුඹලා අතුරින් කවරෙකු ඔවුන්ව මිතුරන් කර ගන්නේ ද ඔවුන්මය අපරාධකරුවෝ වන්නෝ.”

මෙම වාක්‍යයෙහි ලේ සම්බන්ධකම් හා ඥාතිත්වයට වඩා ධාර්මික සම්බන්ධකම් හා ආගමික ප‍්‍රත්පත්තීන් ඉතා වැදගත් බව සඳහන් කරමින් මුස්ලිම්වරුන්ව ආමන්ත‍්‍රණය කොට ඇත. එනම් යම් පුද්ගලයෙකු ඉස්ලාමය වැලඳ ගෙන ඔහුගේ දෙමාපියන් හා සහෝදර සහෝදරියන් හෝ අනෙකුත් ඥාතීන් ඉස්ලාමය වැලඳ නොගෙන ප‍්‍රතික්ෂේපක තත්ත්වයේම පසු වන්නේ නම් එවිට මොහුට ඔවුන් සමග ඇති සෙනෙහස හෝ මොහු ඔවුන් සමග ඇසුරු කිරීම හෝ මොහුව සත්‍යය මාර්ගය වන ඉස්ලාමයෙන් බැහැර නොකළ යුතු යැයි අල්ලාහ් මුස්ලිම්වරුන්ට අවධාරණය කොට ඇත. මන්දයත් ‘සත්‍යය දහමෙහි සිටින පුද්ගලයෙකු සත්‍යය හා අසත්‍යය ගැටෙන අවස්ථාවක දී එනම් එක් පැත්තක තමන් සිටින සත්‍යය දහම ද තවත් පැත්තක තම ප‍්‍රතික්ෂේපක ඥාතීන් ද සිටින විට ඔහු මුල් තැන දිය යුත්තේ සත්‍යය දහමටය’ යන්න උසස් ගුණදහම පිළිබඳ වූ ඉගැන්වීමකි.

කුමන සමූහයක් වුවද තමන් ‘සත්‍යය’ යැයි සිතමින් සිටින කරුණට අන් සියලූ දෑට වඩා මුල් තැන දීම ස්වභාවික කරුණකි. ඇතැමුන් විග‍්‍රහ කරන්නාක් මෙන් ‘කෙනෙකු තම මුස්ලිම් නොවන ඥාතීන්ව පිළිකුල් කළ යුතුය. ඔවුන් සමග යහ අයුරින් හැසිරිය නොයුතුය.’ යන්න මෙම වාක්‍යයෙහි අදහස විය නොහැක. මන්දයත් කුමන තත්ත්වයක් මත වුවද ඥාතිත්වය විසන්ධි නොවන අන්දමින් අරක්ෂා කළ යුතු යැයි ඉස්ලාමය මග පෙන්වා ඇත. මුස්ලිම් නොවන අයෙකු රෝගාතුර වී සිටින විට නබි මුහම්මද් තුමාණන් ඔහුව සුව දුක් විමසීම සඳහා ගොස් ඇත. තවද මක්කහ්වෙහි නියඟයක් ඇති වූ අවස්ථාවක එහි සිටින මුස්ලිම් නොවන්නන් සඳහා නබි මුහම්මද් තුමණන් මදීනහ්වේ සිට සහනාධාරයන් යවා ඇත. උමර් නැමති සහාබිවරයා තම මුස්ලිම් නොවන ඥාතියෙකුට තෑග්ගක් වශයෙන් සේද රෙද්දක් යවා ඇත. එකල පුද්ගයෙකු ඉස්ලාමය වැලඳ ගත් හේතුවෙන් ඔහුගේ මව ඔහු සමග කෝප වී ආහාර පාන ගැනීමෙන් වැළකී සිටියාය. මේ පිළිබඳව මොහු නබි මුහම්මද් තුමාට පැමිණිලි කළ කල්හි නබි මුහම්මද් තුමාණන් මොහුට දුන් උපදෙස නම් ‘නුඹ ඉස්ලාමයත් අත් හැරිය නොයුතුය. තවද නුඹගේ මෑණියන් සමග අකටයුතු ලෙස නොහැසිර ඇයව වග බලා ගත යුතුය’ යන්නය.

මෙහි දී අප අවධානය යොමු කළ යුතු තවත් කරුණක් ඇත. එනම් කෙනෙකු මුස්ලිම් නොවන තම ඥාතීන්ව සමීප මිතුරන් ලෙස නොගන්නා ලෙස අල්ලාහ් පවසා තිබීමෙන් සෑම වර්ගයේම මිතුරුකම අදහස් නොකෙරේ. මන්දයත් මිතුරුකම වර්ග හතරකින් යුක්තය.

i. ‘මුදාරාත්’ – මෙය පොදුවේ යහ ලෙස මිතුරුකමින් හැසිරීම වේ.

ii. ‘මුවාසාත්’ – මෙය මිතුරුකමින් හා අන් අයට අපෙන් ප‍්‍රයෝජනයක් වන අයුරින් හැසිරීම සහ ඇතැම් අවස්ථාවන් වල මුදල්මය උපකාර කිරීම ද වේ.

iii. ‘මුආමලාත්’ – මෙය ගනු දෙනු හා ව්‍යාපාර වැනි මුදල්මය වැඩ කටයුතු වල යෙදීම වේ.

iv. ‘මුවාලාත්’ – කෙනෙකුට තම සංස්කෘතියෙහි වෙනසක් හෝ හානියක් ඇති වන තරමට තවත් කෙනෙකුගේ සංස්කෘතියෙන් බලපෑමක් ඇති වන අන්දමින් ඔහු සමග මිතුරුකම් පැවැත්වීම වේ. එපමණක් නොව එම දෙදෙනාගේ ජීවිතයේ අරමුණ හා අභිමතාර්ථය එකක් බවට වී එය ඉටු කිරීමට එකිනෙකා සහය දැක්වීමට බැඳී සිටිති.

මුස්ලිම්වරයෙකු මුස්ලිම් නොවන්නන් තම සමීප මිතුරෙකු ලෙස පත් නොකරන මෙන් අණ කර තිබීමෙන් අදහස් කෙරෙන්නේ මෙම හතරවැනි වර්ගයේ ‘මුවාලාත්’ නම් මිතුරුකමය. එය නොවන අනෙකුත් වර්ගයේ පොදු මිතුරුකම් පැවැත්වීම මෙවැනි වාක්‍යයන් වලින් අදහස් නොකෙරෙන අතර එවැනි මිතුරුකම් පැවැත්වීම ඉස්ලාමයෙහි ප‍්‍රියජනක ක‍්‍රියාවක් වන බව ඉහත සඳහන් ඉතිහාසාත්මික සාධකයන් තුළින් පැහැදිලිවම සනාථ වන්නේය. යම් සමූහයක් තම චාරිත‍්‍ර හා සංස්කෘතිය ආරක්ෂා කිරීම සඳහා උත්සුක වන්නේ නම් එය අපවාදයට ලක් විය යුතු කරුණක් නොවේ. මන්දයත් සියලූ සංස්කෘතිකයින් සඳහා ජාත්‍යන්තර මට්ටමෙන් පිළිගනු ලබන උරුමයන් අතුරින් තම සංස්කෘතිය ආරක්ෂා කිරීමේ උරුමය ද වේ. එහෙයින් මෙම වාක්‍යය තුළින් අදහස් කෙරෙනුයේ මුස්ලිම් නොවන්නන් සමග විරුද්ධකම් පෑම නොවේ. එයට වෙනස්ව ‘මුස්ලිම්වරුන් බහු සංස්කෘතිකයින් සමග ඇසුරුම් කළද තම ධාර්මික සංස්කෘතිය ආරක්ෂා වන අන්දමින් ඇසුරුකම් පෑමට වග බලා ගත යුතුය’ යන්නෙන් ඉස්ලාමය මෙවැනි වාක්‍යයන් තුළින් උගන්වන්නේය.

චෝදනාව 23- පිළිම වන්දනාකරුවන් පමණක් අපිරිසිදුය යනුවෙන් කුරානයේ 9:28 වාක්‍යය සඳහන් කරයි.

විග‍්‍රහය:

یٰۤاَیُّہَا الَّذِیۡنَ اٰمَنُوۡۤا اِنَّمَا الۡمُشۡرِکُوۡنَ نَجَسٌ فَلَا یَقۡرَبُوا الۡمَسۡجِدَ الۡحَرَامَ بَعۡدَ عَامِہِمۡ ہٰذَا ۚ وَ اِنۡ خِفۡتُمۡ عَیۡلَۃً فَسَوۡفَ یُغۡنِیۡکُمُ اللّٰہُ مِنۡ فَضۡلِہٖۤ اِنۡ شَآءَ ؕ اِنَّ اللّٰہَ عَلِیۡمٌ حَکِیۡمٌ ﴿۲۸﴾ 

විශ්වාස කළවුනි! සැබැවින්ම ආදේශකයින් (අභ්‍යන්තරයෙහි) අපිරිසිදුමය. එබැවින් ඔවුන්ගේ මෙම වසරට පසුව මස්ජිදුල් හරාම් වෙත ඔවුන් සමීප නොවිය යුතුය. නුඹලා දිළිඳුකමට බිය වූයෙහු නම් අල්ලාහ් අභිමත කළේ නම් තම වරප‍්‍රසාදයෙන් නුඹලාව පොහොසත් කරන්නේය. සැබැවින්ම අල්ලාහ් සර්වඥය සර්ව ප‍්‍රඥාවන්තය.” (9:28)

මෙම වාක්‍යයෙහි ‘ආදේශකයින් අපිරිසිදුමය’ යන පදයට ‘පිළිම වන්දනාකරුවන් පමණක් අපිරිසිදු’ යැයි වැරදි අදහසක් මතු වන අන්දමින් ඇතැමුන් විසින් පරිවර්තනය කර ඇත. එබැවින් මෙම වාක්‍යයේ නිවැරදි අර්ථය දැන ගැනීම සඳහා පහත සඳහන් කරුණු වෙත අප අවධානය යොමු කළ යුතුය.

1. මෙහි ආදේශකයින් යන්නෙන් අදහස් කෙරෙනුයේ අල්ලාහ් නොවන දෑ නමදින්නන්, නබිවරයෙකුව හෝ මලක්වරයෙකුව අල්ලාහ්ට සමාන ලෙස සලකන්නන් නැතහොත් ඔහුගේ යහ ගැත්තන්ව ඔහුට පමණක් සතු ගුණාංගයන්හි හවුල්කරුවන් යැයි විශ්වාස කරන්නන් යන මෙවැන්නන් ද ආදේශකයින් යන ගණයට ඇතුළත් වේ. මුස්ලිම්වරුන් වුවද මෙවැනි විශ්වාසය මත සිටින්නේ නම් ඔවුන් ද මෙයට ඇතුළත් වෙති.

2. ‘ආදේශකයින් අපිරිසිදුමය’ යන්නෙහි අර්ථය වනුයේ ‘ඔවුන්ගේ දේහය හෝ ඇඳුම් පැලඳුම් අපිරිසිදුයි’ යන අදහස නොවේ. එයට වෙනස්ව මෙහි අර්ථය වනුයේ ‘ඔවුන්ගේ සිතෙහි ඇති වැරදි විශ්වාසයන් හා ප‍්‍රතිපත්තීන් අපිරිසිදුයි’ යන්නය. නරක සිතුවිල්ලක් ඇති පුද්ගලයෙකුගේ ක‍්‍රියාව දෙස බලා ඔහු නරක පුද්ගලයෙක් යැයි පැවසීමෙහි අදහස ඔහුගේ දේහය නරක් වූවා යන්න නොවේ. ඔහු තුළ ඇති සිතුවිල්ල හා ඔහුගේ ක‍්‍රියාව නරකයි යන්නය. නබි මුහම්මද් තුමාණන් තමන් වෙත පැමිණි මුස්ලිම් නොවන අයට ආගන්තුක සත්කාර කර ඇත්තාහ. ඇතැම් අවස්ථාවන් වල ඔවුන් සංග‍්‍රහයකට ආරාධනා කළ විට එය පිළිගෙන ද ඇත. එපමණක් නොව ඇතැම් අවස්ථාවන් වල ඔවුන්ව තම ඇතිරිල්ල මත ඉඳගන්නට ඉඩ දී ඇත. මෙම වාක්‍යයෙහි ඔවුන්ගේ බාහිර අපිරිසිදුකම අදහස් කෙරෙන්නේ නම් නබි මුහම්මද් තුමාණන් මුස්ලිම් නොවන්නන් සමග මෙලෙස කටයුතු නොකරන්නට තිබුණි. මෙම වාක්‍යයෙහි සඳහන් වී ඇත්තේ ආදේශකයින්ගේ විශ්වාසයේ අපිරිසිදුකම පිළිබඳව බව නබි මුහම්මද් තුමාණන්ගේ ඉහත සඳහන් ක‍්‍රියාවන් ප‍්‍රමාණවත් සාධකයන් වේ.

එකල මක්කහ්වෙහි ආර්ථිකය රඳා පැවතුණේ වෙළඳාම මතය. අරාබිකරයේ සෑම ප‍්‍රදේශයකින්ම මිනිසුන් මක්කහ්වට හජ් වන්දනාව සඳහා පැමිණියේ නම් ඔවුන්ගේ ව්‍යාපාරය මල් ඵල දැරීය. ආදේශකයන්ට මක්කහ්වට පැමිණීම තහනම් කරනු ලැබූ විට ඇතැම් මුස්ලිම්වරුන් ඔවුන්ගේ ව්‍යාපාරයේ පසුබැස්මක් ඇතිවේ දෝ යි බිය වූහ. මෙම වාක්‍යය ඔවුන් තුළ තිබූ බිය පහ කරමින් දුප්පත්කම හා සෞභාග්‍යය පිරිනැමීම අල්ලාහ් සතුය. ඔහු ඔවුන්ගේ ආර්ථික සෞභාග්‍යයට වෙනත් මාර්ගයන් ඇති කිරීමට ශක්තිය ඇත්තාය. එබැවින් මුස්ලිම්වරුන් ඔහු වෙතම සියල්ල භාර කළ යුතු යැයි පවසා ඇත.

චෝදනාව 24- අන් ආගමිකයින්ගෙන් බද්දක් අයකරවු. නැත්නම් ඔවුන් සමග යුධ වදිවු යනුවෙන් කුරානයේ 9:29 වාක්‍යය සඳහන් කරයි

විග‍්‍රහය:

قَاتِلُوا الَّذِیۡنَ لَا یُؤۡمِنُوۡنَ بِاللّٰہِ وَ لَا بِالۡیَوۡمِ الۡاٰخِرِ وَ لَا یُحَرِّمُوۡنَ مَا حَرَّمَ اللّٰہُ وَ رَسُوۡلُہٗ وَ لَا یَدِیۡنُوۡنَ دِیۡنَ الۡحَقِّ مِنَ الَّذِیۡنَ اُوۡتُوا الۡکِتٰبَ حَتّٰی یُعۡطُوا الۡجِزۡیَۃَ عَنۡ ‌یَّدٍ وَّ ہُمۡ صٰغِرُوۡنَ﴿٪۲۹﴾

පුස්තකය ලත් අය අතුරින් කවුරුන් අල්ලාහ්ව ද පරමාන්ත දිනය ද විශ්වාස නොකරන්නේ ද අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයා තහනම් කළ දෑ තහනම් ලෙස නොගන්නේ ද සත්‍යය දහම(ඉස්ලාමය) දහමක් ලෙස පිළිනොගන්නේ ද ඔවුන් (ස්ව කැමැත්තෙන් තම) දෑතින් ජිස්යා (නම් බද්දට) යටත් වූවන් ලෙස ලබා දෙන තෙක් ඔවුන් සමග නුඹලා යුද වදිවු.” (9:29)

මෙම වාක්‍යයෙහි සඳහන් ‘ජිස්යා’ යනු ‘බද්ද’ යන අර්ථය ගෙන දේ. එනම් ඉස්ලාමීය රජයක් විසින් තමන්ගේ පාලනය යටතේ සිටින මුස්ලිම් නොවන අයට ලබා දී ඇති ආරක්ෂාව හා අනෙකුත් පහසුකම් සඳහා ඔවුන්ගෙන් වාර්ෂිකව අය කරන ලද සුළු මුදල් ප‍්‍රමාණයකි. 

ඉස්ලාමීය නීතිය අනුව මුස්ලිම්වරුන් හට ‘‘සකාත්’ හෙවත් අනිවාර්යය දන්දීම් ඉටු කිරීම අනිවාර්යය පිළිවෙතකි. ඉස්ලාමීය පාලනය යටතේ සිටින මුස්ලිම් නොවන වැසියන් හට ද මෙම දන්දීමේ ක‍්‍රමය අනිවාර්යය කොට තිබුණේ නම් එය ඔවුනට ඉස්ලාමීය පිළිවෙතක් කෙරෙහි කරන ලද බලපෑමක් වනු ඇත. තවද එය ඔවුන්ගේ ආගමික නිදහස උල්ලංඝනය කිරීමක් ද වනු ඇත. එහෙයින් ඔවුනට ඉස්ලාමීය රජය විසින් සපයන ලද ආරක්ෂාවන් හා අනෙකුත් පහසුකම් සඳහා වාර්ෂිකව සුළු මුදල් ප‍්‍රමාණයක් ඔවුන්ගෙන් අය කෙරේ. ඇතැමුන් විසින් වැරදි අන්දමින් විග‍්‍රහ කර තිබෙනවාක් මෙන් මෙය මුස්ලිම් නොවන්නන්ගෙන් තමන් මුස්ලිම් නොවන හෙයින් පළි ගැනීමක් වශයෙන් අය කරනු ලබන මුදලක් නොවේ. මන්දයත් ඔවුන් විග‍්‍රහ කරන්නාක් මෙන් මෙම මුදල් ප‍්‍රමාණය අය කිරීම පළි ගැනීමක් වනවා නම් එහි වෙසෙන ඉස්ලාම් නොවන කාන්තාවන්, ළමුන්, මහලූ උදවිය, රෝගීන්, රැකියාවක් නොමැත්තන් හා අන් ආගමික නායකයින් හට මෙම වාර්ෂික බදු ක‍්‍රමය කි‍්‍රයා කරන්නට තිබුණි. නමුත් මෙවැන්නන් කෙරෙහි මෙම බදු ක‍්‍රමය ඉස්ලාමය ක‍්‍රියාත්මක කර නොමැත. එක් රටක් තම රටවැසින් හට ආරක්ෂාව හා වෙනත් පහසුකම් සැපයීමට ඉදිරිපත් වීම සඳහා සුළු ප‍්‍රමාණයක මුදලක් වාර්ෂිකව අය කරන්නේ නම් එය සාධාරණයක් වීම පැහැදිලි වන කරුණකි. මෙම වාක්‍යයෙහි “යටත් වූවන් ලෙස” යන පදයට අරාබි භාෂාවෙන් “සාගිරූන්” යනුවෙන් සඳහන් වී ඇත. මෙම “සාගිරූන්” යන පදයට ඇතැමුන් ‘ඔවුන් දෑතින් ජිස්යා (නම් බද්ද) නින්දාවට පත් වූවන් ලෙස ලබා දෙන තෙක් ඔවුන් සමග නුඹලා යුද වදිවු.’ යැයි වැරදි අන්දමින් පරිවර්තනය කර ඇත. එනමුත් මෙහි “සාගිරූන්” යන්නෙහි අර්ථය වනුයේ “යටත් වූවන් ලෙස” යන්නය. එනම් ‘යම් යුද්ධයක දී පරාජයට පත් කණ්ඩායම ජය ගත් කණ්ඩායමට අත් වූ ප‍්‍රජාපාලන බලය හා තමන් ඔවුන්ට යටත් වූ බව පිළිගැනීම’ වේ. යම් කණ්ඩායමක් තමන් සමග සටන් කර ජය ගත් කණ්ඩායම ඉදිරියෙහි තම අවි ආයුධ පහත හෙළන්නේ නම් එහි අර්ථය ඔවුන් නින්දාවට පත් වූවා යන්න නොවේ. එයට පටහැණිව එහි අර්ථය වනුයේ ඔවුන් තම පරාජය පිළිගෙන ජය ගත් අයට යටත් වූ බවය.

චෝදනාව 25 -ප්‍රතික්ෂේපකයින්ට යහමගක් නොමැත යනුවෙන් කුරානයේ 9:37 වාක්‍යය සඳහන් කරයි.

විග‍්‍රහය:

මෙම අල් කුර්ආන් වැකිය ඊට පෙර වැකියත් සමග කියවීමෙන් මනාව පැහැදිළිවනු ඇත.

اِنَّمَا النَّسِیۡٓءُ زِیَادَۃٌ فِی الۡکُفۡرِ یُضَلُّ بِہِ الَّذِیۡنَ کَفَرُوۡا یُحِلُّوۡنَہٗ عَامًا وَّ یُحَرِّمُوۡنَہٗ عَامًا لِّیُوَاطِـُٔوۡا عِدَّۃَ مَا حَرَّمَ اللّٰہُ فَیُحِلُّوۡا مَا حَرَّمَ اللّٰہُ ؕ زُیِّنَ لَہُمۡ سُوۡٓءُ اَعۡمَالِہِمۡ ؕ وَ اللّٰہُ لَا یَہۡدِی الۡقَوۡمَ الۡکٰفِرِیۡنَ ﴿٪۳۷﴾

“අහස් හා මිහිතලය මැවූ දින (සිට) අල්ලාහ්ගේ (ආරක්ෂිත) ලේඛනයෙහි ඇති පරිදි සැබැවින්ම අල්ලාහ් අබියස මාස ගණන මාස දොළොහකි. ඒවායින් ශුද්ධ වූ (මාස) හතරකි. එයයි ඍජූ දහම වන්නේ. එබැවින් ඒවායෙහි නුඹලා නුඹලාට අපරාධ කර නොගනිවු. තවද ආදේශකයින් නුඹලා සමග පූර්ණ ලෙස යුද වදින්නාක් මෙන් නුඹලා ද ඔවුන් සමග පූර්ණ ලෙස යුද වදිවු. තවද සැබැවින්ම අල්ලාහ් බිය භක්තිකයින් සමග යැ’යි නුඹලා දැන ගනිවු.” “(පාරිශුද්ධ මාසයන් තමන්ගේ කැමැත්ත පරිදි) ප‍්‍රමාද කිරීම (දේව) ප‍්‍රතික්ෂේපයෙහි වර්ධනය වීමක්මය. මෙ(සේ කිරීම )මගින් ප‍්‍රතික්ෂේප කළවුන් මුළා කරනු ලබති. එක් වසරක එ(සේ මසක ප‍්‍රමාද)ය ඔවුහු අනුමත කර ගනිති. (තවත්) වසරක එය තහනම් කර ගනිති. (ඔවුන් මෙසේ කරනුයේ) අල්ලාහ් සුවිශුද්ධ කළ දෑහි(මාසයන්හි) ගණනට ඔවුන්(ගේ ගණනය) අනුකූල වීම පිණිසය. තවද අල්ලාහ් තහනම් කළ දෑ ඔවුහු අනුමත කර ගනිති. ඔවුන්ගේ ක‍්‍රියාවන්හි නරකය ඔවුනට (ෂෙයිතාන්* විසින්) අලංකාර කර පෙන්වනු ලැබීය. තවද ප‍්‍රතික්ෂේපක පිරිසට අල්ලාහ් යහමග පෙන්වන්නේ නැත.” (අල් කුර්ආන් 9:36-37)

මෙයට පෙර වැකිය වන 36 වන වැකියෙහි ‘අහස් හා මිහිතලය මැවූ දින (සිට) අල්ලාහ්ගේ (ආරක්ෂිත) ලේඛනයෙහි ඇති පරිදි සැබැවින්ම අල්ලාහ් අබියස මාස ගණන මාස දොළොහකි. ඒවායින් ශුද්ධ වූ (මාස) හතරකි.’ යනුවෙන් සඳහන් කර ඇත. ‘එම මාසයන් හතර ශුද්ධ වූවන්’ යන්නෙහි අර්ථය නම් ‘එම මාසයන්හි යුද කිරීම අල්ලාහ් විසින් මුළුමනින්ම තහනම් කරනු ලැබ ඇති බවය.’ මෙම නීතිය නබි ඉබ්රාහීම් තුමාණන්ගේ කාලයේ සිටම අරාබිවරුන් අතර ඉතා වැදගත් නීතියක් ලෙස පැවැත එන්නකි. එම වැසියන්ට එක් තැනක සිට තවත් තැනකට අභයදායීව ගමන් කළ හැකි වී තිබුණේ යුද්ධයන් නොමැති කාලය වන මෙම මාසයන් හතරෙහිය. චන්ද්‍ර ගණනය අනුව මෙම මාස හතර නම් ‘මුහර්රම්’, ‘රජබ්’, ‘දුල් කඃදා’ හා ‘දුල් හිජ්ජා’ යන මාසයන්ය. එකල විසූ ප‍්‍රතික්ෂේපකයින් මෙම මාසයන් තුළ සටන් කිරීමට අවස්ථාවක් එළඹුණු විට එම මාසයන්හි සටන් කිරීම තහනම් කොට ඇති හෙයින් එම මාසය වෙනස් කරන්නන්ව සිටියෝය. එනම් උදාහරණයක් ලෙස ඉහත සඳහන් මාස අතුරින් ‘දුල් කඃදා’ නම් මාසයෙහි මොවුනට සටන් කළ යුතු නම් එම මාසයේ ස්ථානයට සටන් කිරීමට තහනම් නොවන මාසයක් වන ‘සෆර්’ නම් මාසය පත් කර ‘සෆර්’ මාසයෙහි ස්ථානයේ ‘දුල් කඃදා’ මාසය පත් කර ගනිති. එකල ඔවුන්ව පාලනය කරන්නා වූ රජයක් හෝ ආණ්ඩු ක‍්‍රමයක් නොතිබුණ හෙයින් ඔවුන් තමන්ට අවශ්‍ය පරිදි මෙලෙස වෙනස්කම් කරමින් සිටියෝය. මෙමගින් සිදුවනුයේ තමන්ට සටන් කිරීමට අවශ්‍ය වූ විට සටන් කිරීමට තහනම් වූ කාලය ප‍්‍රමාද කර තහනම් නොවන කාලය එතැනට පත් කර ගැනීමකි. තවද අවුරුද්දකට මාස 12 ක් වන අතර ඇතැම් අවස්ථාවන්හි ඔවුන් මාසයක් අධික කර එම අවුරුද්දෙහි මාස 13 ක් බවට පත් කර ගනිති. තවත් අවස්ථාවන්හි මාස 12 න් මාසයක් අඩු කර එම අවුරුද්දෙහි මාස 11 ක් බවට පත් කර ගනිති. අල්ලාහ් ඊළඟ ආයතයෙහි අවසානයෙහි ‘යහ මග පෙන්වන්නේ නැත.’ යනුවෙන් සඳහන් කර ඇත්තේ මෙවැනි අපරාධිත ක‍්‍රියාවන් කරමින් සිටි එම ප‍්‍රතික්ෂේකයින් පිළිබඳවය. මන්දයත් මෙලෙස මාසයන්හි තැන් මාරු කිරීම් හා ඒවා අඩු වැඩි කිරීම් අන් අයට යම් හානියක් සිදු කරන ක‍්‍රියාවකි. උදාහරණයක් ලෙස බැලූ කල යමෙකු එක් පුද්ගලයෙකුව වැඩ කිරීම සඳහා ගෙන ඔහුට වාර්ෂික කුලියක් නිර්ණය කර එම වර්ෂයේ මාස දෙකක් අධික කර මාස 14 ක් ලෙස පත් කරන්නේ නම් ඔහුට මාස දෙකක් අධිකව වැඩ කරන්නට සිදු වනු ඇත. මෙයට ‘නසී’ යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙලෙස කිරීමෙන් අන් අයට අසාධාරණයක් සිදුවන හෙයින් ඉස්ලාමීය බැල්මෙහි යහමග ලෙස සලකනු ලබන එම මග මෙවැනි ක‍්‍රියාවන් කළ එම ප‍්‍රතික්ෂේපකයින්ට නොලැබේ යැයි අවවාද කර ඇත.

චෝදනාව 26- ඝාතනය කරන්නන් සහ ඝාතනයට ලක්වන්නන්ට ස්වර්ගය ඇත. යනුවෙන් කුරානයේ 9:111 වාක්‍යය සඳහන් කරයි

විග‍්‍රහය:

اِنَّ اللّٰہَ اشۡتَرٰی مِنَ الۡمُؤۡمِنِیۡنَ اَنۡفُسَہُمۡ وَ اَمۡوَالَہُمۡ بِاَنَّ لَہُمُ الۡجَنَّۃَ ؕ یُقَاتِلُوۡنَ فِیۡ سَبِیۡلِ اللّٰہِ فَیَقۡتُلُوۡنَ وَ یُقۡتَلُوۡنَ ۟ وَعۡدًا عَلَیۡہِ حَقًّا فِی التَّوۡرٰىۃِ وَ الۡاِنۡجِیۡلِ وَ الۡقُرۡاٰنِ ؕ وَ مَنۡ اَوۡفٰی بِعَہۡدِہٖ مِنَ اللّٰہِ فَاسۡتَبۡشِرُوۡا بِبَیۡعِکُمُ الَّذِیۡ بَایَعۡتُمۡ بِہٖ ؕ وَ ذٰلِکَ ہُوَ الۡفَوۡزُ الۡعَظِیۡمُ ﴿۱۱۱﴾

“සැබැවින්ම අල්ලාහ් විශ්වාසිකයින් අතුරින් ඔවුන්ගේ ප‍්‍රාණයන් ද ඔවුන්ගේ ධනය ද ඔවුන් සඳහා ස්වර්ගය වෙනුවට මිලට ගත්තේය. ඔවුහු අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද වදිති. එවිට ඔවුහු ඝාතනය කරති. ඔවුහු ඝාතනයට ද ලක් වෙති. (මෙය) තව්රාත්හි ද ඉන්ජීල්හි ද අල් කුර්ආනයෙහි ද ඔහු(අල්ලාහ්) කෙරෙහි (පවරා ගත්) සැබෑ ප‍්‍රතිඥාවක් වශයෙනි. තවද අල්ලාහ්ට වඩා තම ගිවිසුම මැනවින් ඉටු කරන්නා කවරෙකු ද? එබැවින් නුඹලා (අල්ලාහ් සමග) ගිවිස ගත් නුඹලාගේ ව්‍යාපාරය පිළිබඳව නුඹලා සතුටු වවු. මහත් වූ ජයග‍්‍රහණය එයමය.” තමන්ට අපරාධ කළවුන්ට එරෙහිව ප‍්‍රතිප‍්‍රහාරයක් ලෙස සටනෙහි යෙදෙන මෙන් මුස්ලිම්වරුන්ට අල්ලාහ් විධානය කළ විට අල්ලාහ්ගේ මෙම විධානය ඉදිරියේ දී තම ප‍්‍රාණයන් හා සම්පත් නොසලකා යුද්ධයට පිටත් වී ඔවුන්ට එරෙහිව සටන් වදින්නන් හා එම සටනේදී දිවි පුදන්නන්ට දිරිගැන්වීමක් වනු පිණිස අල්ලාහ් ඔවුන්ට වේතනයක් ලෙස ස්වර්ගය සූදානම් කර ඇති බව මෙම වාක්‍යයෙහි අල්ලාහ් සඳහන් කොට ඇත. මෙහි අරමුණ වනුයේ මෙලෙස ඔවුනට ඇති වේතනයන් පිළිබඳව සඳහන් කිරීමය. සතුරන්ගෙන් තම දේශය ආරක්ෂා කිරීම සඳහා සටන් කරන හමුදාව දිරිගැන්වීම පිණිස ඔවුන්ට වේතනයන් ලෙස රජයෙන් වැටුප්, උසස්වීම් හා ඇතැම් පහසුකම් ලබා දීම සාධාරණයක් වනවා නම් තමන්ට අපරාධ කළවුන්ට එරෙහිව අල්ලාහ්ගේ විධානයට අනුව තම ප‍්‍රාණයන් පවා නොතකා සටන් කරන හා දිවි පුදන මුස්ලිම්වරුන්ට ස්වර්ගය වේතනයක් ලෙස සූදානම් කොට ඇත යැයි දන්වා සිටීම කෙතරම් සාධාරණීය දැ’යි පැහැදිලි කරුණකි.

චෝදනාව 27- අසල්වැසියන්ට සතුරුකම් කරනු. 

“මුස්ලිම්වරුනි, නුඹලා ආසන්නයේ වෙසෙන මුස්ලිම් නොවන ජනයාට එරෙහිව කලකෝලහාල ඇති කරන්න. ඔවුන්ට පහර දෙන්න ” යනුවෙන් කුරානයේ 9:123 වාක්‍යය සඳහන් කරයි.

විග‍්‍රහය:

ඉහත චෝදනාව අන්තර්ගත වූ විකෘති කරන ලද කුර්ආන් වාක්‍යය

“මුස්ලිම්වරුනි, නුඹලා ආසන්නයේ වෙසෙන මුස්ලිම් නොවන ජනයාට එරෙහිව කලකෝලහාල ඇති කරන්න. ඔවුන්ට පහර දෙන්න. එසේම, නුඹලාගේ සාහසික බව ඔවුන්ට දැනෙන ලෙස කටයුතු කරන්න. එසේම අල්ලාහ් සිටින්නේ උත්තම / ශ‍්‍රද්ධා වන්ත (එනම් එලෙස මුස්ලිම් නොවන ජනයාට එරෙහිව සටන් කරන) මුස්ලිම්වරුන් සමග බව දැනගන්න”. 

පළමුව මෙම කුර්ආන් වාක්‍යයේ නිවැරදි සිංහල අර්ථ දැක්වීම කෙරෙහි අවධානය යොමු කරමු. 

یٰۤاَیُّہَا الَّذِیۡنَ اٰمَنُوۡا قَاتِلُوا الَّذِیۡنَ یَلُوۡنَکُمۡ مِّنَ الۡکُفَّارِ وَ لۡیَجِدُوۡا فِیۡکُمۡ غِلۡظَۃً ؕ وَ اعۡلَمُوۡۤا اَنَّ اللّٰہَ مَعَ الۡمُتَّقِیۡنَ﴿۱۲۳﴾ 

“විශ්වාස කළවුනි, ප‍්‍රතික්ෂේපකයින් අතුරින් නුඹලා අවට සිටින්නවුන් සමග යුද වදිවු. තවද ඔවුන් නුඹලා තුළ දැඩිභාවය දැක ගත යුතුය. තවද අල්ලාහ් බිය භක්තිකයින් සමග යැයි නුඹලා දැන ගනිවු.” (අල් කුර්ආන් 9:123)

මෙම වාක්‍යයෙහි අල්ලාහ් මුස්ලිම්වරුන්ට සටන් කරන මෙන් විධානය කොට ඇත්තේ තමන්ට අසලින් සිටි එනම් මක්කාවේ වෙසෙන තමන්ට හිංසා අපරාධ කළ ප්‍රතික්ෂේපකයින්ට හා ඔවුන් සමග ගිවිසුමෙන් බැඳුණු ගෝත‍්‍රයන්ට එරෙහිවය. ඔවුන් මුස්ලිම්වරුන්ට කළ හිංසා අපරාධයන් ඉතිහාසයෙහි නොසැඟවුණු සත්‍යයකි. මෙම වාක්‍යයෙහි පොදුවේ සියලූ ප‍්‍රතික්ෂේපකයින්ට එරෙහිව සටන් කරන මෙන් අල්ලාහ් අණ කර තිබුණේ නම් මදීනාවට අසලින් වෙසෙන ප‍්‍රතික්ෂේපකයින්ට එරෙහිව සටන් වදින මෙන් විධානය නොකොට පොදුවේ ප‍්‍රතික්ෂේපකයින්ට එරෙහිව සටන් කරන මෙන් අණ කරන්නට තිබුණි. මන්දයත් මදීනාව තුළ ද ප‍්‍රතික්ෂේපකයින් හා ආදේශකයින් වාසය කරමින් සිටියෝය. එපමණක් නොව ‘ෂාම්, යෙමන්’ වැනි දුරින් පිහිටි රටවල් වලින් ද මදීනාව හා මදීනාව අවට ප‍්‍රදේශයන් වලට ප‍්‍රතික්ෂේපකයින් ව්‍යාපාර සඳහා පැමිණෙමින් සිටියෝය. මෙම විධානය සෑම ප‍්‍රතික්ෂේපකයෙකුටම එරෙහිව තිබුණේ නම් දුර සිට පැමිණෙන මොවුන්ට එරෙහිව ද සටනෙහි යෙදෙන්නට විධානය කරන්නට තිබුණි. නමුත් සටන් කරන මෙන් විධානය කර ඇත්තේ මුස්ලිම්වරුන්ව ඥාතිත්වය නොසලකා තවද ඔවුන් සමග කර ගත් සාම ගිවිසුම නොසලකා ඔවුන්ට එරෙහිව නොයෙකුත් අයුරින් පහර දුන් මක්කාවේ සිටින එම ප‍්‍රතික්ෂේපකයින්ට එරෙහිවය.

මෙහි අප අවධානය යොමු කළ යුතු කරුණක් නම් මෙම වාක්‍යයෙහි ‘ගිල්ළහ්’ යන පදය භාවිත කොට ඇත. එයට ‘රළු බවින් හැසිරීම’ යන අර්ථය ද ඇති අතර එයට දැඩි බව, ශක්තිමත් බව යන අර්ථ ද තිබේ. මෙම වාක්‍යයෙහි මෙම පදය තුළින් පළමුවන අර්ථය අදහස් නොකරන අතර දෙවන අර්ථය අදහස් කෙරේ යන්න අනිවාර්යයෙන්ම අවබෝධ කර ගත යුතු කරුණකි. “ඔවුන් නුඹලා තුළ දැඩිභාවය දැක ගත යුතුයි.” යන වාක්‍යය දන්වන්නේ ‘දැඩි බව, ශක්තිමත් බව නුඹලා තුළ තිබිය යුතුයි. එබැවින් නුඹලාට එරෙහිව යුද වදින්නන් නුඹලාට පහර දීමට හෝ නුඹලාව සැහැල්ලූ ලෙස සිතීමට හෝ ධෛර්යයක් නොමැති වන අයුරින් නුඹලා තුළ ශක්තිමත් බවක් හා ගාම්භීරත්වයක් ඔවුනට හැඟීය යුතුයි.’ යන්නයි. ඕනෑම සමූහයක් තවත් සමූහයක් සමග බලහත්කාර කමින් අපරාධිතව හැසිරීම ඔවුන්ගේ අයිතීන් උල්ලංඝනය කිරීමක් බව පැහැදිලි වූවකි. එහෙත් ‘යම් සමූහයක් අන් අය තමන්ට අපරාධයක් කිරීමට ධෛර්යයක් නොවන අයුරින් තම ගාම්භීරත්වය ආරක්ෂා කර ගැනීම තමන්ට අයත් අයිතීන්ගෙන් එකකි.’ යන්න ද පැහැදිලි වූවකි.

චෝදනාව 28 – මුස්ලිම් නොවන්නන් ශාප කරනු ලැබූවන්ය. තවද තම දේශයෙන් පිටුවහල් කරනු ලබන්නන්ය යනුවෙන් කුරානයේ 33:60-61 වාක්‍යය සඳහන් කරයි.

විග‍්‍රහය:

لَئِنۡ لَّمۡ یَنۡتَہِ الۡمُنٰفِقُوۡنَ وَ الَّذِیۡنَ فِیۡ قُلُوۡبِہِمۡ مَّرَضٌ وَّ الۡمُرۡجِفُوۡنَ فِی الۡمَدِیۡنَۃِ لَنُغۡرِیَنَّکَ بِہِمۡ ثُمَّ لَا یُجَاوِرُوۡنَکَ فِیۡہَاۤ اِلَّا قَلِیۡلًا ﴿ۖۛۚ۶۰﴾مَّلۡعُوۡنِیۡنَ ۚۛ اَیۡنَمَا ثُقِفُوۡۤا اُخِذُوۡا وَ قُتِّلُوۡا تَقۡتِیۡلًا﴿۶۱﴾

“ආත්ම වංචනිකයින් ද සිත් තුළ (දුරාචාරය පිළිබඳව) ව්‍යාධියක් ඇත්තන් ද මදීනාවෙහි අසත්‍යය කටකතා පතුරුවන්නන් ද (ඔවුන්ගේ මෙම අයහ කි‍්‍රයාවන් ගෙන්) වැළකී නොසිටියේ නම් සැබැවින්ම අපි ඔවුනට එරෙහිව නුඹව අබිබවා යන්නට හරින්නෙමු. පසුව ඔවුහු ටික කලකට මිස එහි(මදීනාවෙහි) නුඹට අසල්වැසියන් බවට පත් නොවන්නෝය. (පසුව,) ශාප කරනු ලැබූවන් ලෙස (ඔවුන් පිට කරනු ලබන්නෝය). කොතැනක ඔවුන්ව දකිනු ලැබුව ද ග‍්‍රහණය කරනු ලැබ මුළුමනින්ම ඔවුන්ව ඝාතනය කරනු ලැබේ.” (33:60-61)

මෙම වාක්‍යය ද මුස්ලිම්වරුන් හා අල් කුර්ආනයට විරුද්ධව වැරදි අර්ථ දක්වනු ලබන වාක්‍යයන් අතුරිනි. එබැවින් මෙම වාක්‍යයෙහි යථාර්ථය කුමක්දැයි පැහැදිලිව දැන ගත යුතුයි. මෙම වාක්‍යය පැහැදිලිවම අවබෝධ කර ගැනීම සඳහා මෙයට පෙර පසු ඇති වාක්‍යයන් සමග එහි පරිවර්තනය දෙස බැලිය යුතුයි. මන්දයත් මෙම වාක්‍යයන් හා මේවා සඳහන් වී ඇති මෙම සූරහ්ව හිජ්රි පස්වන වර්ෂයේ සිදු වූ ‘අහ්සාබ්’ නම් යුද්ධය හා ‘බනූ කුරෙයිළහ්’ නම් යුද්ධය හා සම්බන්ධ වූවකි. මදීනහ්වෙහි සිදු වූ ‘අහ්සාබ්’ නම් යුද්ධයෙහි මුස්ලිම්වරුන්ගේ අසල්වැසියන් සමා කළ නොහැකි ද්‍රෝහිකමක් මුස්ලිම්වරුන්ට කළෝය. “මදීනහ්වට කුමන අවස්ථාවක වුව ද සතුරන් විසින් ප‍්‍රහාර එල්ල කරනු ලබන්නේ නම් එවිට සියල්ලන්ම එක් වී සතුරන්ට පහර දිය යුතුයැ” යි මදීනහ්වේ මුස්ලිම්වරුන් හා ඔවුන්ගේ අසල්වැසි පිරිසක් වන යුදෙව්වරුන් අතර ගිවිසුමක් තිබුණි. වරක් මක්කහ්වේ ආදේශකයින් තමන් සමග ගිවිසුමෙන් බැඳුණු ගෝත‍්‍රයන් සමගවිත් කිසිදු කාරණාවකින් තොරව මදීනහ්වට ප‍්‍රහාර එල්ල කළෝය. එවිට මුස්ලිම්වරුන් සතුරන්ව මදීනහ් තුළට ඇතුල් වීමට ඉඩ නොදී වැළැක්වීම සඳහා සතුරන්ගේ අශ්වයන් පවා තරණය කළ නොහැකි තරමට යුද උපායක් ලෙස මදීනහ්වේ සීමාව වටා විශාල පළල් සහිත අගල් හෑරිය යුතු තත්ත්වයක් උදා විය. මෙම තත්ත්වයේ දී යුදෙව්වරුන් ගිවිසුමට අනුව මුස්ලිම්වරුන්ට උදව් කර මදීනහ්ව ආරක්ෂා කිරීමෙහි කොටස් කරුවන් බවට පත් වුවද සතුරන් වන මක්කහ්වේ ආදේශකයින්ට උදව් කරන්නන්ව සිටියෝය. මේ අතර එහි තවත් පිරිසක් සිටියෝය. මොවුන් තමන්ව මුස්ලිම්වරුන් යැයි පෙන්වමින් සිටියද මුස්ලිම්වරුන්ගේ සතුරන් සමග මිතුරුකම් පවත්වමින් සිටියෝය. පෙර වාක්‍යයෙහි ආත්ම වංචනිකයින් යැයි පවසා ඇත්තේ මොවුන් පිළිබඳවය. මෙම තත්ත්වයේ දී මුස්ලිම්වරුන්ගේ විශාල බලය වී තිබුණේ ඔවුන්ගේ දේව විශ්වාසය හා ධෛර්යමත් බවය. එනමුත් මෙම ආත්ම වංචනිකයින් මුස්ලිම්වරුන්ගේ මෙම ධෛර්යමත් බව බිඳ දමා ඔවුන්ව මානසිකව බලහීන තත්ත්වයකට හෙළීම සඳහා වෙර දරමින් සිටියෝය. මේ සඳහා මොවුන් මුස්ලිම්වරුන් අධෛර්යමත් වන අයුරින් ගෞරවනීය මුස්ලිම් පතිවත් කාන්තාවන් පිළිබඳව බොහෝ කටකතා පතුරුවමින් සිටියෝය. මන්දයත් මෙවැනි ව්‍යාජ ප‍්‍රවෘත්තීන් මගින් මිනිසා මානසිකව කලබලකාරී තත්ත්වයකට පත්වන හෙයින්ය.

මෙම වාක්‍යයෙහි සඳහන් වී ඇත්තේ මෙවැනි ද්‍රෝහිකම් කළ වංචනිකයින් පිළිබඳවය. දුර සිට පහර දෙන සතුරන්ට වඩා මිතුරුකම හෙළි කරමින් ළඟ සිටින සතුරන් ඉතා භයානක වන හෙයින් මුස්ලිම්වරුන් මොවුන් පිළිබඳව දැනුවත් වනු පිණිස අල්ලාහ් මොවුන්ගේ මෙම ක‍්‍රියාවට සුදුසු දඬුවම් දන්වමින් මෙම වාක්‍යය පහළ කොට ඇත. යුක්ති සහගත බැල්මෙන් බැලූ කල එක් රටක වෙසෙන යම් පිරිසක් එහි වැසියන් සමග මිත‍්‍රත්වයෙන් කටයුතු කරගෙන ඔවුන්ගේ සතුරන් සමග රහස්‍ය සම්බන්ධකම් පවත්වාගෙන ඔවුනට එරෙහිව කටයුතු කරන්නේ නම් මෙවැන්නන්ව සිරභාරයට ගැනීම හා මරා දැමීම මිස අන් කිසි දඬුවමක් නුසුදුසු වේ.

පසුව අප අවධානය යොමු කළ යුතු වැදගත් කරුණ නම් අල්ලාහ් මෙම වාක්‍යයෙහි මෙවැන්නන්ට ශාප කර ඇති අතර ‘මොවුන්ව කොතැනක හමු වුව ද මරා දමන’ ලෙස විධානය කළද එය ඔවුනට සුදුසු වන අතර එසේ විධානය කර නැත. එයට පටහැනිව මොවුන් කරගෙන සිටින වංචාවන් හා ගිවිසුම් කඩ කිරීම් පිළිබඳව අල්ලාහ් මුස්ලිම්වරුන්ට අවබෝධ කර දී මොවුනට අවවාදයක් ලෙස වී මොවුන් මෙයින් වැළකී සිටිනු පිණිස මෙම වාක්‍යය පහළ කර ඇත. මෙලෙස ගිවිසුම් කඩ කර වංචා කළවුන්ට දඬුවමින් මිදීමට අල්ලාහ් අවස්ථාවක් ලබා දී ‘ඔවුන් තමන් කරමින් සිටින වංචා සහගත ක‍්‍රියාවලින් මිදුනේ නැතිනම් ඔවුන්ගේ අවසන් තීන්දුව මෙම වාක්‍යයෙහි සඳහන් පරිදි මෙලොවෙහිම සිදුවනු ඇතැ’යි ද ‘මෙවැන්නන් සමග අල්ලාහ්ගේ පිළිවෙත මෙලෙසයැ’යි ද දන්වා ඇත. අල්ලාහ් මෙම වංචනිකයින්ට කිසිඳු අවස්ථාවක් ලබා නොදී මරා දමන ලෙස අණ කර සිටියද එය යුක්තියට පටහැනි නොවන්නක්ය. මන්දයත් අප සියල්ලන්ම මෙරටේ වැසියන්ය. මෙම භූමිය අපි ගරු කරන්නෙමු. මෙරට වැසියන්ගෙන් යම් කෙනෙකු හෝ යම් පිරිසක් මෙම භූමියෙන් සියළු ආරක්ෂාවන්, පහසුකම් හා ප‍්‍රයෝජනයන් ලබමින් මෙම දේශයේ සතුරන් සමග එක් වී දේශද්‍රෝහී ක‍්‍රියාවක යෙදෙමින් සතුරන්ට ඔත්තු කාරයෙකු ලෙස ක‍්‍රියා කරන්නේ නම් එවැන්නන්ට ලැබිය යුතු දඬුවම කුමක්ද? රජය විසින් මෙවැන්නන්ව සිරභාරයට ගැනීම හෝ ඔවුනට මරණ දඬුවම නියම කිරීම සාධාරණයක්ම ය.

චෝදනාව 29- අල්ලාහ්ගේ සතුරාගේ නවාතැන නිරයයි. යනුවෙන් කුරානයේ 41:28 වාක්‍යය සඳහන් කරයි.

විග‍්‍රහය:

ذٰلِکَ جَزَآءُ اَعۡدَآءِ اللّٰہِ النَّارُ ۚ لَہُمۡ فِیۡہَا دَارُ الۡخُلۡدِ ؕ جَزَآءًۢ بِمَا کَانُوۡا بِاٰیٰتِنَا یَجۡحَدُوۡنَ ﴿۲۸﴾ 

“එය අල්ලාහ්ගේ සතුරන්ගේ ප‍්‍රතිවිපාකයයි. එනම් නිරයයි. එහි ඔවුනට සදාතනික නිවහන හිමිය. (එය) ඔවුන් අපගේ වදන් ප‍්‍රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් වූ ප‍්‍රතිවිපාකයක් වශයෙනි.” (අල් කුර්ආන් 41:28)

මෙවන් වැකි කිහිපයක් අල් කුර්ආනයේ දැකිය හැක. (4:56/9:68/21:98/32:22/41:27). එමෙන්ම තම දහම පිළිනොපදින්නන් නිරාගත වීමත් ඔවුන් මිත්‍යා දෘෂ්ටියක බවත් සදහන් වීම ඉස්ලාමයේ පමණක් අනතර්ගත නොවන බව “චෝදනාව 04, අල් කුර්ආන් 3:85 හි විග‍්‍රහය තුළින් මනාව පැහැදිළි වේ. 

මෙම වැකියෙහි හා මෙවැනි වැකිහි අල්ලාහ්ට අකීකරු වන්නන්, ප‍්‍රතික්ෂේපකයින් හා අල්ලාහ් හැර අන් දැයට සිරස නමන්නන්හට මතුලොවේ ඇති දඬුවම් හා වේදනාවන් පිළිබඳව සඳහන් කර ඇත. ‘මුස්ලිම් භක්තිකයින් නොවන අන් අය ඉස්ලාමිකයින් නොවන හෙයින් ඔවුන්ව පුළුස්සා දමා දඬුවම් කළ හැක’ යනුවෙන් මෙවන් වැකි අර්ථ දක්වා ඇතැ’යි ඇතැමුන් වැරදි ලෙස විග‍්‍රහ කරති. එපමණක් නොව ජනයින් අල්ලාහ්ට අවනත වුව ද අකීකරු වුව ද නැතහොත් ඔහුට පමණක් සිරස නැමුව ද අන් අයට සිරස නැමුව ද නැතහොත් ඔහුට අන් දෑ ආදේශ තැබුව ද ඔහු මෙලොවෙහි හා මතු ලොවෙහි ඔවුනට කිසිදු දඬුවමක් නොකර සිටිය යුතුයි යැයි ඔවුන් ප‍්‍රිය කරන්නෝය. මෙවන් වැකි තුළින් මෙවැනි මතයන් ගොඩනැගීම කිසිසේත් සාධාරණයක් නොවන්නේය. මන්දයත් ලොවෙහි යම් රටක නීතීන් දෙස බැලූ කල නීති විරෝධී වන්නන්හට නිසි දඬුවම් නියම කොට තිබීම දක්නට ඇති සාධාරණ වූ කරුණකි. අල්ලාහ් දැහැමියන් හා පාපතරයින් හට ඔවුනොවුන්ගේ ක‍්‍රියාවන් සඳහා යහ වේතන ද දඬුවම් ද නියම කර තිබීම මුළුමනින්ම ඔහුගේ යුක්තියෙන් හා සාධාරණයෙන් යුතු ක‍්‍රියාවකි. ඉස්ලාමයෙහි පමණක් නොව සෑම ආගමිකයින්ගේ විශ්වාසය ද මෙයයි.

ඇතැමුන් විග‍්‍රහ කරන්නාක් මෙන් මෙවැනි වැකි තුළින් ‘අල්ලාහ්ට පිටුපාන්නන් කෙරෙහි මුස්ලිම්වරුන් විසින්ම ඔවුනට දඬුවම් කළ යුතුයි යනුවෙන් පවසා ඇත’ යැයි වාද නගන්නේ නම් එය සාවද්‍යය වාදයක් බවට පැහැදිලිවම සනාථ වන්නේය. මන්දයත් අන් අයව තම මතයට අනුව ක‍්‍රියා කරන මෙන් බලපෑම් කිරීමට මුස්ලිම්වරුන්ට කිසිදු අයිතියක් නොමැත. අල්ලාහ් ජනයාට ඔවුනොවුන්ගේ අභිමත අනුව ක‍්‍රියා කිරීමේ අයිතිය ලබා දී ඇති අතර පාපයන් කර නරක ක‍්‍රියාවන් කළේ නම් ඔහුට ඔහුගේ ක‍්‍රියාව හේතුවෙන් මතු ලොවේ දී නිරා ගින්නෙන් දඬුවම් කරන බව ද අල් කුර්ආනයෙහි සඳහන් කර ඇත. තවද ඔවුන්ගේ පාපතර නරක ක‍්‍රියාවන් සඳහා අල්ලාහ් හැර අන් කිසිවෙකුට දඬුවම් කළ නොහැක. විශේෂයෙන් ගින්නෙන් දඬුවම් කිරීමේ අයිතිය අල්ලාහ් සතුය. ගින්නෙන් දඬුවම් කිරීමේ අයිතිය අල්ලාහ් හැර අන් කිසිවෙකුට නොමැති බව නබි මුහම්මද් තුමාණන් උගන්වා ඇත. මන්දයත් මතු ලොවෙහි නීතිය මෙලොවෙහි නීතියට වඩා ඉතා වෙනස් වූවක් වන අතර එය අතී උත්තරීතර ද වන්නේය. ජනයින්ව අල්ලාහ් මවා ඔවුනට සියලු වර්ගයේ දායාදයන් පිරිනමා තිබිය දී ඔවුන් ඔහුට පිටුපාන්නේ නම් ඔහු එවැන්නන්ට අඩුම තරමින් මතු ලොවෙහි දී දඬුවම් නොකර සිටීම කෙසේත්ම ඔහුට සුදුසු නොවන්නේය.

චෝදනාව 30- ප‍්‍රතික්ෂේපකයින් හා ආත්ම වංචනිකයින් සමග ජිහාද් කරවු යනුවෙන් කුරානයේ 66:09 වාක්‍යය සඳහන් කරයි.

විග‍්‍රහය:

یٰۤاَیُّہَا النَّبِیُّ جَاہِدِ الۡکُفَّارَ وَ الۡمُنٰفِقِیۡنَ وَ اغۡلُظۡ عَلَیۡہِمۡ ؕ وَ مَاۡوٰىہُمۡ جَہَنَّمُ ؕ وَ بِئۡسَ الۡمَصِیۡرُ ﴿۹﴾ 

“නබිවරය, ප‍්‍රතික්ෂේපකයින් හා ආත්ම වංචනිකයින් සමග ජිහාද්(ප්‍රයත්නය) කරවු. තවද ඔවුන් කෙරෙහි දැඩිව සිටිවු. ඔවුන්ගේ (අවසන්) ලැගුම් ගන්නා ස්ථානය නිරයයි. තවද (ඔවුන්) අවසානයේ යොමු වන ස්ථානය කෙතරම් නින්දනීය ද?” (අල් කුර්ආන් 66:09)

ඉස්ලාමීය කෝණයෙන් බැලූ කල මුස්ලිම් නොවන්නන් කොටස් තුනකට වර්ග කර ඇත. පළමුවැනි කොටස නම් මුස්ලිම් රටවල් වල ඉස්ලාමීය රජය යටතේ වෙසෙන්නන්ය. මොවුන්ට ‘‘දිම්මිවරුන්’ යැයි පවසනු ලැබේ. දෙවන කොටස නම් පොදුවේ මුස්ලිම්වරුන් සමග සහජීවනයේ ගිවිසුම යටතේ වෙසෙන්නන්ය. මොවුන්ට ‘මුආහිද්වරුන්’ යැයි පවසනු ලැබේ. මෙම දෙපාර්ශවයේ විෂයෙහි ඔවුන්ගේ ප‍්‍රාණයන්ට හෝ සම්පත් වලට කිසිදු ආපදාවක් ඇති වන අයුරින් හැසිරීමට මුස්ලිම්වරුන්ට අනුමැතිය නැත. එපමණක් නොව එය මහා පාපයක් ලෙස සලකනු ලැබේ.

තෙවන කොටස නම් මුස්ලිම්වරුන්ට විරුද්ධකම් පෙන්වමින් ඔවුනට එරෙහිව අපරාධිතව සටනට පෙළඹෙන්නන්ය. මුස්ලිම්වරුන්ට සටන් කරන මෙන් අල්ලාහ් විධානය කොට ඇත්තේ මෙම පිරිසට එරෙහිවය. මුස්ලිම් රාජ්‍යයකට සටන් කරන මෙන් අල්ලාහ් විධානය කොට ඇත්තේ මෙම පිරිසට එරෙහිවය. මොවුන් ‘හර්බීවරුන්’ යැයි හඳුන්වනු ලැබේ. මෙම වාක්‍යය ද පහළ වී ඇත්තේ මෙවන් පාර්ශවයක් පිළිබඳව හා මුස්ලිම්වරුන් ලෙස තමන්ව පෙන්වමින් මුස්ලිම්වරුන්ටම වංචා කරමින් සිටි ‘මුනාෆික්වරුන්’ හෙවත් ආත්ම වංචනිකයින් පිළිබඳවය. එක් පුද්ගලයෙකුට කෙනෙකු විසින් පහර දෙනු ලබන්නේ නම් ඔහු තමන්ව ආරක්ෂා කරගැනීම සඳහා පහර දෙන්නාට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීම ස්වාභාවික කරුණක් වන අතර එවැනි තත්ත්වයක සිටින පිරිසක් තමන්ට පහර දෙන්නන්ට එරෙහිව නිසි පියවර ගැනීම නිත්‍යානුකූල බව පැහැදිලි කරුණකි.

නමුත් මෙම වාක්‍යයේ ‘මුනාෆික්වරුන්’ හෙවත් මුස්ලිම්වරුන් ලෙස තමන්ව පෙන්වමින් මුස්ලිම්වරුන්ටම වංචා කරමින් සිටි ආත්ම වංචනිකයින් විෂයෙහි ජිහාද් බිල් ලිසාන් හෙවත් ‘දිව උපයෝගී කර ගනිමින් කරන්නා වූ ජිහාදය.’ යන ජිහාද් ප‍්‍රභේදයට අනුව ප‍්‍රයත්නයෙහි යෙදිය යුතු බව ශ්‍රේෂ්ඨ අල් කුර්ආන් විශාරදයෙකු වන ඉබ්නු අබ්බාස් තුමාණන් දන්වා ඇත.

අප වෙත චෝදනා වශයෙන් ඉදිරිපත් කර ඇති පරිවර්තන සඳහා දී ඇති විග්‍රහ දෙස බුද්ධිමත්ව බලන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ආගමික ග‍්‍රන්ථ සම්බන්ධයෙන් මෙලෙස ද්වේශසහගත අයුරින් විකෘති කොට ඉදිරිපත් කිරීම කිසිදු දහමක් අනුමත කරන්නක් නොවේ. ඉහත චෝදනාවේ ඇති කොටස කියවන මුස්ලිම් නොවන ශ‍්‍රී ලාංකිකයෙකුගේ සිතේ ඉස්ලාමිකයින් පිළිබඳව ඇතිවන්නේ කුමන ආකාරයේ හැගීමක් ද යන්න කරුණාකර මොහොතක් සිතා බලන්න. වෛරය හා ක්‍රෝධය පදනම් කරගෙන කරන්නා වූ මෙවන් ද්වේශ සහගත ප‍්‍රචාර තරයේ හෙලා දකින්නෙමු.

ඇතැම් ඉස්ලාම් විරෝධී විවේචකයින් ඉතා නුසුදුසු ප‍්‍රකාශ භාවිතයෙන් ඉස්ලාමයට හා මුස්ලිම්වරුන්ට චෝදනා ඉදිරිපත් කළද එලෙසින්ම සමාන වාක්‍යයන් හා වදන් උපයෝගී කර ගනිමින් කරුණු පහදා දෙන්නට හෝ පිළිතුරු සපයන්නට ඉස්ලාම් දහමේ ඉගැන්වීම් අනුව අනුමැතියක් නොමැති බව ඉතා නිහතමානීව ප‍්‍රකාශ කරන්නෙමු. ජනයා සමග අන්තර් ක‍්‍රියාකාරකම් පවත්වා ගැනීමේ දී අල් කුර්ආනයේ හා නබි මුහම්මද් තුමාණන්ගේ ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් හා මග පෙන්වීම් අනුව කටයුතු කිරීමට අපි බැඳි සිටින්නෙමු.

යහපත මගින් අයහපත වළක්වාළීම

“තවද යහපත හා අයහපත සම නොවන්නේය. (එබැවින්) ඉතා යහපත් දැයින් (අයහපත) වළක්වවු.” (අල් කුර්ආනය 41:34)

මෘදු ලෙස හැසිරීම, සමාව දීම

“තවද කවරෙකු ඉවසිලිමත් වී සමාව දුන්නේ ද සැබැවින්ම එය ස්ථීර කරුණු වලින්ය1 .” (අල් කුර්ආන් 42:43)

“තවද මිනිසුන්ගෙන් නුඹගේ කම්මුල (අහංකාරයෙන්) හරවා නොගනිවු. මිහිතලයේ උඩඟු ලීලාවෙන් නොඇවිදිවු. සැබැවින්ම අල්ලාහ් ගර්වයෙන් යුතුව පුරසාරම් දොඩන්නන්ව ප‍්‍රිය නොකරන්නේය.) (අල් කුර්ආන් 31:18)

“තවද ඔවුහු මහා පාපයන් හා අශික්ෂිත දැයින් වැළකෙති. තවද ඔවුහු කෝපයට පත් වූ විට සමාව දෙන්නන් වෙති.” (අල් කුර්ආන් 42:37)

යුක්තිගරුක වීම

“විශ්වාස කළවුනි, අල්ලාහ් වෙනුවෙන් (ඔහුගේ නියෝගයන් පිළිපැදීමට) ස්ථිර වූවන් ලෙස හා යුක්තිය සඳහා සාක්ෂිකරුවන් ලෙස වවු. තවද සැබැවින්ම පිරිසකගේ ක්‍රෝධය නුඹලා යුක්තිය ඉටු නොකිරීම කෙරෙහි නුඹලාව පෙලඹවිය නොයුතුය. (සෑම අවස්ථාවකම) නුඹලා යුක්තිය ඉටු කරවු. එය බිය භක්තියට ඉතා සමීපය. තවද අල්ලාහ්ට බිය භක්තිමත් වවු. සැබැවින්ම නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් අභිඥානවන්තය.” (අල් කුර්ආන් 5:8)

එමෙන්ම නබි මුහම්මද් තුමාණන් පවා මෙලොවට පැමිණි පරමාර්ථය වනුයේ යහකම හා සාරධර්ම පරිපුර්ණත්වයට ගෙන ඒමයි. (අහ්මද් 8939) තවත් නබි වදනට අනුකූලව සැබෑ මුස්ලිම්වරයෙකුගේ ගුණාංගයක් වන්නේ යහපත කථා කිරීම හා යමක් තමන්ට නොදන්නේ නම් නිහැඩියාවෙන් සිටින ලෙසයි. (අල් බුහාරි 6475)

එහෙයින් ඉහත ඉගැන්වීම් අනුගමනය කරමින් සැබෑ මුස්ලිම්වරයෙකු වශයෙන් ජීවත් වීමට අප සැදී පැහැදී සිටින අතර ඒ අයුරින්ම මෙම පැහැදිලි කිරීමේ පොත් පිංච සකසන්නට ද කටයුතු කොට ඇත්තෙමු.

ඉස්ලාමය තුළින් සත්‍යය කථා කිරීමට දිරි ගැන්වීම 

නුඹලා දැනගෙන සිටින තත්ත්වයේ අසත්‍යය සමග සත්‍යය නොපටලවවු. තවද නුඹලා සත්‍යය නොස`ගවවු.” (අල් කුර්ආන් 2:42)

නබි මුහම්මද් තුමාණන් මෙසේ පැවසුහ. “තමා නිවැරදි වුවද එය වෙනුවෙන් (අනිසි ලෙස) වාද විවාද කිරීමෙන් වැළකී සිටින පුද්ගලයාට ස්වර්ගය අවට නිවසක් ලබා දෙන බවටද, විහිළුවකට හෝ බොරුවක් නොකියන පුද්ගලයාට ස්වර්ගය මැද නිවසක් ලබා දෙන බවටද, තම චරිතය යහපත්ව තබා ගන්නා පුද්ගලයාට ස්වර්ගයේ ඉහළම කොටසේ නිවසක් ලබා දෙන බවටද මම සහතික වන්නෙමි.” (සුනන් අබු දාවුද් 4802)

නබි මුහම්මද් තුමාණන් මෙසේ පැවසුහ. “පහත සඳහන් ගුණාංග හතර ඔබට තිබේ නම් ඔබට ලොවෙහි කිසිවිටෙකත් අලාභයක් ඇති නොවන්නේය. ඔබගේ භාරකාරත්වයේ තබන ලද දෑ රැකගැනීම, කථාවෙහි සත්‍යවාදී වීම, අලංකාර වූ හා යහපත් හැසිරීම, ආහාර අනුභවයෙහි මධ්‍යස්ථභාවය එම ගුණාංගයයි.” (අහ්මද් 6652)

“මම ඔබට සත්‍යවාදී වන ලෙස දන්වමි. සැබැවින්ම සත්‍යවාදී වීම ධර්මිෂ්ඨත්වය කරා යොමු කරයි. ධර්මිෂ්ඨත්වය ස්වර්ගය කරා යොමු කරයි. අල්ලාහ් අබියස සත්‍යවාදියෙකු ලෙස ලියාගනු ලබන තුරු මිනිසෙකු සත්‍යවාදීව කටයුතු කරන අතර සත්‍යවාදිත්වය උදෙසා ප‍්‍රයත්න දරයි. අසත්‍යවාදීකම ගැන ප‍්‍රවේසම් වන්න. අසත්‍යවාදීකම පාපය කරා යොමු කරයි. පාපය නිරා ගින්න කරා යොමු කරයි. අල්ලාහ් අබියස අසත්‍යවාදියෙකු ලෙස ලියාගනු ලබන තුරු මිනිසෙකු අසත්‍යවාදීව කටයුතු කරන අතර අසත්‍යවාදිත්වය උදෙසා ප‍්‍රයත්න දරමින් සිටියි.” (සහීහ් මුස්ලිම් 6805)

උපුටා ගැනීම – ශ්‍රී ලංකා ඉස්ලාමීය විද්වත් මණ්ඩලය වන ජමියතුල් උලමා විසින් නිෂ්පාදිත “සිංහල කුරාණය (Sinhala Quran)” mobile app (https://play.google.com/store/apps/details?id=com.acju.sinhalaquran&hl=en_US&gl=US)

ස්තූතියි

0% LikesVS
100% Dislikes

Share කරන්න