About Us ( Since 2021)

මෙම වෙබ් අඩවියෙන් කිසිදු අකාරයෙන් ඉස්ලාම් ආගමට බඳවා ගැනීමක් කිරීම අපගේ අරමුණ නොවන අතර, ඉස්ලාම් ආගම පිළිබද සමාජය දැනුවත් කිරීමක් සහ සමාජයේ ඉස්ලාම් ආගම කෙරෙහි නොයෙකුත් ජාතිවාදී සහ කූට අදහස් වලින් යුක්ත සංගමයන් විසින් පතුරුවා ඇති මිත්‍යා අදහස් වලින් මුදවා සමාජයට ඉස්ලාමයේ නියම ඇතුළාන්තය පහදමින් ජාතීන් අතර සාමය සහ සමගිය පැතිරවීම පමණක් අපගේ අරමුණ වේ.

තවද මෙම වෙබ් අඩවිය හරහා ශ්‍රී ලාංකීය සමාජයේ ඉස්ලාමය සම්බන්ධව ඇතිවන කාලීන ගැටළු වලටද පිළිතුරු සැපයීමටද අප බලාපොරොත්තු වෙමු. ඒ සියලු විසඳුම් සඳහා අප ශුද්ධ වූ අල් කුරාණය , හදීස් යන ප්‍රධාන මුලාශ්‍ර දෙක හා ඒවා පදනම් කොට ගෙන ඉස්ලාමීය විද්වතුන් විසින් දෙනු ලබන නිගමනයන් පමණක් යොදා ගන්නා බව කාරුණිකව සඳහන් කරමු.

තවද අප මෙම වෙබ් අඩවියේ වඩාත් නිරවද්‍යය තොරතුරු සැපයීම සඳහා සඳහා ශුද්ධ වූ අල් කුර්ආණයේ වැකීන් උපුටා ගැනීමේදී එහි නිවැරදි සිංහල පරිවර්තනය ලබා ගැනීම සඳහා සමස්ථ ලංකා විද්වතුන් මණ්ඩලය නොහොත් ශ්‍රී ලංකාවේ ජමියතුල් උලමා සභාව විසින් ප්‍රකාෂිත ” ACJU සිංහල කුර්ආණය” නම් වූ ජංගම දුරකථන app එක තුළින් ලබා ගෙන ඇති අතර ඒ සඳහා අනුමැතිය ලබා දුන් එම සභාවේ ලේඛම් තුමා හට අපගේ ප්‍රණාමය ප්‍රකාශ කරමු.



සමස්ත ලංකා ඉස්ලාම් විද්වතුන්ගේ සංගමය විසින් ප්‍රකාශිත ACJU සිංහල කුර්ආන් ජංගම දුරකථන යෙදවුම (mobile app) බාගත කිරීම (download) සඳහා පහත සඳහන් ලින්ක් එක click කරන්න


“දහම සම්බන්ධව බල කිරීමක් නොමැත”.
(අල් කුරාණය 2:256)

“සත්ත්‍යය නුඹගේ පරමාධිපතිගෙන්  යැයි නබිවරය  නුඹ පවසව්. එහෙයින් කැමති අයෙකු විශ්වාස කරත්වා! කැමති අයෙකු ප්‍රතික්ෂේප කරත්වා!”
(අල් කුරාණය  18:29)

එබැවින් නබිවරය,නුඹ උපදෙස් දෙවු, සැබවින්ම නුඹ හුදෙක් උපදෙස් දෙන්නෙකු පමණය. ඔවුන් කෙරෙහි නුඹ බල කරන්නෙකු නොවේ.( අල් කුරාණය 88:21-22)